හම්බේගමුව මහ කැලේ අක්කර තුනක කංසා හේනක් වටලයි

හම්බේගමුව මහ කැලේ අක්කර තුනක කංසා හේනක් වටලයි

තණමල්විල හම්බේගමුව ප්‍රදේශයේ ඝන කැලෑවක අක්කර තුනක පමණ භූමි ප්‍රමාණයක වගාකර තිබූ ගංජා හේනක් වැටලූ මහනුවර සුරාබදු විශේෂ වැටලීම් ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් රුපියල් කෝටියක පමණ වටිනාකමින් යුත් ගංජා හේනක් ගිනිතබා විනාශ කැර ඇත.

වැටලීම සිදුකළ අවස්ථාවේ එහි සිටි පුද්ගලයන් 06 දෙනකු සුරාබදු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වැල්ලවාය පොලිසියට බාරදී තිබේ. තණමල්විල, හම්බේගමුව ප්‍රදේශයේ ඝන කැලෑවේ කිලෝමීටර් තුනක් පමණ ඈතට දුෂ්කර මාර්ගයක් ඔස්සේ ගොස් සුරාබදු නිලධාරින් විසින් මේ වැටලීම සිදුකර ඇත. සුරාබදු කොමසාරිස් ජනරාල් එල්. කේ. ජී. ගුණවර්ධන, නියෝජ්‍ය සුරාබදු කොමසාරිස් (අපරාධ) ජේ. පුෂ්පකුමාර ද සිල්වා යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානභාර නිලධාරී තිස්ස ගුණරත්න, සුරාබදු පරීක්ෂකවරුන් වන පිටවල, සෝමරත්න, සුරාබදු නියාමක නිශාන්ත කමලසිරි යන නිලධාරීහු මේ වැටලීම සිදුකර තිබේ.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා