විදුලිය ඇනහිටිමෙන් බර්මියුඩා ත්‍රිකෝණයේ දී නෞකාවක් අනතුරේ

විදුලිය ඇනහිටිමෙන් බර්මියුඩා ත්‍රිකෝණයේ දී නෞකාවක් අනතුරේ

බර්මියුඩා ත්‍රිකෝණය මග හරිමින් බර්මුඩා වෙරළ ඔබ්බෙන් ගමන්ගත් මගී නෞකාවක් පෙරේදා විදුලිය අඩපණවිමෙන් සාමුද්‍රික ඕඩ පතුලේ ගැටිඇති අතර එහි ගමන්ගත් සියලු මගින් ආරක්ෂා සහිතව සිටින බව සංචාරක සමාගම ප්‍රකාශ කර තිබේ.

"නෝවිජියන් ඩ්වෝන්" ලෙස හැඳින්වෙන මගී නෞකාව බ්‍රිතාන්‍යට අයත් කින්ස් වෝෆ් දුපතෙන් පිටත්ව ගමන්ගනිද්දී මේ අනතුර සිදුව ඇත . බොස්ටන් බලා යමින් පැවති ටොං 92ක් බර මීටර් 300 ක් දිග නෞකාවේ මගීන් 2675 ක් හා දහසකට වැඩි කාර්ය මණ්ඩලයක් සිටින බව වාර්තා වි තිබේ. නෞකාව අයත් සාමාගම පවසන්නේ කාර්ය මණ්ඩලය හා මගීන් ආරක්ෂා සහිතව සිටින අතර එය පූර්ණ බල ශක්තියෙන් යුක්ත බවත් නියමිත සේවාවන් සියල්ල නිසි පරිදි ක්‍රියාත්මක බවත්ය.

මේ අතර අමෙරිකානු වෙරළාරක්ෂකයින් සිද්ධිය ඇතිව තිබෙන ස්ථානයට ලඟාවෙමින් සිටින බවද පැවසි තිබිණ. කෙසේවෙතත් අද උදේ පමණ වනතෙක් නෞකාවට යාත්‍රාකළ නොහැකි වනු ඇතැයි නැව් කපිතාන්වරයා කියා තිබිණ.

නෞකාව වසර 10 කට වැඩි පරණ වූවක් වන අතර මිට පෙරද විදුලිය ඇණහිටිම් වලට ලක්ව ඇතැයි සඳහන්ව තිබේ.

 

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා