වර්ෂ 2024 ක්වූ මාර්තු මස 19 වැනිදා අඟහරුවාදා

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම. ලේක්හවුස්

ජගත් සමුළුව 2011

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (19) අලූයම ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර බලා පිටත්ව ගියේය.එම මහා මණ්ඩලයේ 66 වැනි සැසිවාරය පසුගිය 14 දා ඇමරිකාවේ නිව්යෝර්ක්හි පිහිටි එක්සත් ජාතීන්ගේ සංවිධාන මුලස්ථානයේදී ආරම්භවූ බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

ජෝ අබේවික්‍රම

ලාංකීය සිංහල සිනමාවට අතිවිශිෂ්ට මෙහෙවරක් ඉටුකළ චාරිතාංග නළුවෙකු වශයෙන් අවිවාදයෙන් යුතුව හඳුන්වන ජෝ අබේවික්‍රමයන් සිනමාවට පමණක් නොව වේදිකා නාට්‍ය හා ටෙලිනාට්‍ය වෙනුවෙන් රංගනයෙන් දායක වී තිබේ.රසික හදවත් තුළ සැමදා ජීවමාන සංකේතයක් බඳු ජෝ අබේවික්‍රමයන්ගේ අභාවය වෙනුවෙන් සැකසුණු ලිපි පෙළකි මේ.

පෙට්‍රල්

බාල වර්ගයේ පෙට්රල් ආනයනය කොට බෙදාහැර ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් ආරම්භ කරන ලෙස ඛනිජ තෙල් කර්මාන්ත ඇමැති සුසිල් පේ‍්‍රමජයන්ත මහතා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති හැරී ජයවර්ධන මහතාට ඊයේ (27) උපදෙස් දී තිබේ.මෙම පෙට්රල් භාවිත කළ ත්‍රීරෝද රථ හා යතුරු පැදි ක්‍රියා විරහිත වී ඇතැයි ප්‍රදේශ කීපයකින් වාර්තා වී තිබීම හේතුවෙන් අදාළ ඉන්ධන පිරවුම් හල්වලින් තෙල් සාම්පල් ගෙන පරීක්ෂණක් සිදුකරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබේ.

ආසනික් ආන්දෝලනය

මාරාන්තික විෂ සහිත ආසනික් නමැති රසායනික ද්‍රව්‍ය ඇතැයි හඳුනාගෙන ඇති පළිබෝධ නාශක බෙදා හැරීම වහාම අත්හිටුවන ලෙසට කෘෂිකර්ම අමාත්‍යංශය අදාළ පාර්ශවයන් වෙත දැනුම් දී තිබේ.මෙරට භාවිතා කරනු ලබන පළිබෝධ නාශකවල ආසනික් රසායනික ද්‍රව්‍ය අඩංගුතාව පිළිබඳව කඩිනම් පරික්ෂණ ආරම්භ කර ඇති අතර ඒ අනුව පළිබෝධ නාශක 28 ක් පිළිබඳව පරික්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතින බව කෘෂිකර්ම ඇමැති මහින්ද යාපා අබේවර්ධන මහතා පැවැසීය.

චැනල් 4 ප්‍රෝඩාව

ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදුවූ බවට චෝදනා කරමින් බ්‍රිතාන්‍ය චැනල් - 4 නාළිකාව විසින් ප්‍රසිද්ධියට පත් කරන ලද වීඩියෝ පටය පිළිබඳව ශ්‍රී ලංකා රජය පූර්ණ තක්සේරුවක් සිදු නොකළේ එහි ඡායාරූපවල තිබූ අපහැදිලිතාව නිසා බව නීතිපති මොහාන් පීරිස් මහතා අවධාරණය කරයි.යුද්ධය පැවැති සමයේ සිදුවූ ක්‍රියාවන් සම්බන්ධයෙන් රාජ්‍ය නොවන සංවිධාන, මානව හිමිකම් සංවිධාන හා මාධ්‍ය ආයතන මඟින් යුද මෙහෙයුම්වල නෛතික භාවය නොතකා අපරික්ෂාකාරී ලෙස ඇතැම් දේ ප්‍රසිද්ධියට පත් කළ බවද හෙතෙම සඳහන් කරයි.

අන්තරේ

එහෙත් විශ්වවිද්‍යාලවල පවා “අන්තරයට” පෙන්වන තරම් බලයක් නැත. උසස් අධ්‍යාපන අමාත්‍යාංශයට කඩා වැදී පෙන්වූ “ෂෝ” එක සඳහා ඔවුන් බස් රථවලින් රැගෙන ආවේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පළමු වසරේ සිසුන්ය. ඔවුන් රැගෙන ආවේද බලහත්කාරයෙනි. නවක සිසුන් ඉදිරියට දමා ඔවුන්ට පහරකෑමට සලස්වා “අන්තරයේ” නායකයෝ කලබල ඇති කළහ. භීෂණය, ප්‍රචණ්ඩත්වය මතින් ආකර්ෂණය, අවධානය හා බලය ගොඩනඟා ගැනීම ජනතා විමුක්ති පෙරමුණට ආවේණික න්‍යායකි.

මානවහිමිකම් හා බෑන් කි-මූන්

The organization is based on the principle of the soverign equality of all its members (U.N.Charter - Article 2- 1) (සංවිධානය පදනම් වී ඇත්තේ එහි සියලු සාමාජික රටවල පරමාධිකාරී සමානාත්මතා මූලධර්මය මතය. -එ.ජා. ප්‍රඥාප්තිය - 2 (1) වගන්තිය එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් උපදෙස් ලබා ගැනීමට යනුවෙන් හඳුන්වා විද්වත්(?) මණ්ඩලයක් පත්කර තිබේ. ඊට යස්මින් සුඛා, මර්ෂුකී දාරුස්වාන් සහ ස්ටීවන් රැට්නර් යන අය අයත් වෙති

CEPA - සීපා

අද මුළු ලෝකයම අවිවාදයෙන් පිළිගන්නා දෙයක් තමයි ඉන්දියානු වෙළෙඳ පොළ ශීඝ‍්‍රයෙන් විකාශනය වන වෙළෙඳ පොළක් බව. අද ඇමරිකාව, යුරෝපය, ජපානය, බංගලාදේශය මේ හැම රටක්ම නව ආර්ථිකයේ සංවර්ධනය ගැන කථා කරනවා. අපි පුංචි දූපත් මානසිකත්වයෙන් එළියට යන්න ඕනෑනම්, විශාල වෙළෙඳ පොළක් ගැන කල්පනා කරන්න වෙනවා. එතකොට අනිවාර්යයෙන් ඉන්දියාව ගැන අපට හිතන්න සිද්ධ වෙනවා.

IIFA

අන්තර්ජාතික ඉන්දියානු සිනමා ඇකඩමිය සංවිධානය කරන අයිෆා සිනමා සම්මාන උළෙල ජනාධිපති ආර්යා, ශිරන්ති රාජපක්ෂ මැතිනිය, අගමැති දි. මු. ජයරත්න, ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී අති උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.

මහ මැතිවරණය

පාර්ලිමේන්තුව විසුරුවා හරී: මහ මැතිවරණය අපේ‍්‍රල් 08දා. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ඊයේ (09දා) මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලැබීය. මේ සම්බන්ධයෙන් වූ අතිවිශේෂ ගැසට් නිවේදනය ඊයේ රාත්‍රී නිකුත් කෙරිණි.

ජනාධිපතිවරණය 2010

ශ්‍රී ලංකාවේ හය වැනි ජනාධිපතිවරණය 2010 ජනවාරි 26 වැනිදා අඟහරුවාදා පැවැත්වේ. ජනාධිපතිධූරයට පත්වී වසර හතරක් සපිරීමෙන් පසු නැවත ජනවරමක් ඉල්ලා ජනාධිපතිවරණයක් පැවැත්වීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ප්‍රතිපාදන අනුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගැනීම දෙසැම්බර් 17 වැනිදා අඟහරුවාදා පෙරවරු 9.00 සිට පෙ.ව. 11.00 දක්වා මැතිවරණ මහ ලේකම් කාර්යාලයේ දී සිදු කැරේ.

අය වැයද? අතුරු සම්මත ගිණුමද?

මෙවර ඉදිරිපත් කරන්නේ අයවැයක්ද අතුරු සම්මත ගිණුමක් ද යන්න පිළිබඳ අද (06) කැබිනට් මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡා කොට තීරණය කරන බව මුදල් හා රාජ්‍ය ආදායම් ඇමැති සහ නියෝජ්‍ය මුදල් ඇමැති රංජිත් සියඹලාපිටිය මහතා පැවැසීය.

දකුණු පළාත් සභා ඡන්දය

ඌව පළාත් සභා මැතිවරණයෙන් පසුව දකුණු පළාත් සභා මැතිවරණය පැවැත්වෙන අතර එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් බොහෝ බලාපොරොත්තු සහිතව මෙ‍ම මැතිවරණයට මුහුණදීමට සූදානම් වේ.

ඌව පළාත් සභා ඡන්දය

එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්ෂය හා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු පක්ෂ ගණනාවක් යාපනය මහ නගර සභාවට සහ වවුනියාව නගර සභාවට නාම යෝජනා භාර දී තිබේ.

සූකර උණ

ඌරු උණ හෙවත් නව ඉන්ප්ලුවෙන්සා රෝගය වැළඳුණු ප‍්‍රථම රෝගියා වත්තල දී සොයාගෙන ඇත. මොහු ඕස්ටේ‍්‍රලියාවේ සිට වත්තල පැවැති මංගල උත්සවයකට සහභාගි වීම සඳහා පැමිණි 8 හැවිරිදි පිරිමි ළමයෙකි. ඒ සඳහා එම ළමයා ඔහුගේ පියා සමඟ ඕස්ටේ‍්‍රලියාවේ සිට පැමිණ තිබේ.මේ අනුව ශී‍්‍ර ලංකාවේදී හඳුනාගත් ප‍්‍රථම සූකර උණ රෝගියා ඔහු වන්නේය.ඊයේ (16) සෞඛ්‍ය අමාත්‍යංශයේ හදිසියේ පැවැති ප‍්‍රවෘත්ති සාකච්ඡාවේදී සෞඛ්‍ය හා පෝෂණ ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ කරුණු අනාවරණය කෙළේය.

ඩෙංගු උණ

කොලඹ නගරයේ මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයින් තුන්සිය හැටහත් දෙනෙකුට (367) නොතිසි නිකුත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. මදුරුවන් බෝවීම පාලනය කිරීමේ පනත යටතේ මේ පියවර ගෙන ඇති අතර කොළඹ දිස්ති‍්‍රක්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස එකොළොහක් (11) පෙරේදා මදුරුවන් බෝවන ස්ථාන පිළිබඳ පසුවිපරමක් කර ඇති අතර, එහිදී තවත් පුද්ගලයින් විශාල පිරිසකට නීතිය කි‍්‍රයාත්මක කිරීමට තීරණය වී තිබේ. නොතිසි නිකුත් කරනු ලැබුවන් සති දෙකක් ඇතුළත තම පරිශ‍්‍රවල තිබෙන මදුරුවන් බෝවන ස්ථාන අනිවාර්යයෙන්ම විනාශ කිරීමට පියවර ගත යුතුයි. එසේ නොකරන පුද්ගලයන් හට පවතින නීතිය අනුව මාස හයක (06) සිරදඩුවමකට සහ රුපියල් විසිපන් දහසකට (25,000) නොවැඩි දඩයකට යටත් වීමට සිදු වන බව අමාත්‍යාංශය කියයි.

ත්‍රස්තවාදයේ බිහිසුණු මතකයන්

ප‍්‍රභාකරන් ඇල්ප‍්‍රඩ් දුරෙයිඅප්පාට වෙඩි තබයි. වේළුපිල්ලේ පිරිබාහරන් සමඟ සසඳන විට හිට්ලර් මොන ඝාතකයෙක්ද? පොල්පොට් මොන අපරාධ කාරයෙක් ද? බින් ලාඩ්න් මොන ඝාතකයෙක්ද? ජගත් රහස් ඔත්තු සේවාවන්ට අනුව කොටි නායක පිරිබාහරන් හෙවත් ‘වැල්වැටිතුරේ තම්බි’ ලොව අංක එකේ ත‍්‍රස්තවාදියාද පළමු පෙළේ ඝාතකයා ද වේ. මොහු සතු ම්ලේච්ඡත්වයට ඉඩී අමීන් දෙවැනි වේ. පිරිබාහරන් මානසික රෝගියෙක් බව සමහරු කියති. දෙමළ රහස් පරීක්‍ෂක කතා කියවා පිරිබාහරන් මිනී මරන හැටි උගත් බවද කියැවේ. කෙසේ වුවද ඔහුගේ ජීවිතය අභිරහසකි. ඔහු කෙබඳු පුද්ගලයකු දැයි තවම හඳුනා ගෙන නැත. පිරිබාහරන් කෙබඳු ඝාතකයකු දැයි හඳුනා ගැනීමට නම් ඔහුගේ ඝාතන රැල්ල නිරීක්ෂණය කළ යුතුය. ඒ අවස්ථාව ‘බෙදුණු යුගයේ බිහිසුණු මතක...’ විශේෂාංගය ඔස්සේ අද (25 වැනිදා) සිට දිනමිණ පාඨකයන්ට දිනපතා කියවීමට ඉඩ ලැබෙනු ඇත. මේ එහි මුල් පියවරයි.

මානුෂීය මෙහෙයුමේ විද්‍යුත් ටීකාව

‘මානුෂීය මෙහෙයුම’ ලොවට ගෙන යාමේ දී වීරෝදාර ආරක්ෂක හමුදා සමඟම මෙහෙයුමේ ඉදිරියට ඇදෙමින් එය වාර්තා කළ විද්‍යුත් මාධ්‍යවේදීන් ඉටු කෙළේ දැවැන්ත කාර්යභාරයකි. මේ මෙහෙයුම් පිළිබඳ අසත්‍ය ප‍්‍රචාර කට කතා දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර ලෙසත් පැතිරෙන විට ඒවා බිඳ දැමුණේ ඔවුන් එහි රැෙඳමින් ඇත්ත වාර්තා කිරීමට කි‍්‍රයා කළ බැවිනි. ජීවිත අවදානම ද නොතකා තම මාධ්‍ය මෙහෙවර ජාතික යුතුකමක් ලෙස සලකා ඉදිරියට ගෙන ගිය ජාතික රූපවාහිනිය ස්වාධීන රූපවාහිනී සේවය, ස්වර්ණවාහිනිය සහ දෙරණ නාලිකාවල මාධ්‍යවේදීහු ‘දිනමිණ’ අද සිට අරඹන මෙම විශේෂාංගය ඔස්සේ ඔබ හමුවෙති.

රුබෙල්ලා එන්නත විෂවීම

රුබෙල්ලා ! දරුවන් ගැන විවිධ ඛේදවාචක අසන්නට ලැබීම එක් අතකින් අවාසනාවන්ත තත්ත්වයෙකි. කප්පම්කාරයන් පිරිසක විසින් ප‍්‍රාණ ඇපයට ගන්නා ලද ති‍්‍රකුණාමලයේ වර්ෂා දැරිය ඝාතනයට ලක් වූවා ය. ඉන් කම්පනයට පත් ශී‍්‍ර ලාංකේය සමාජයට ගිය සතියේ අසන්නට ලැබුණේ රුබෙල්ලා එන්නත දීමෙන් පසු අවාසනාවන්ත ලෙස මිය ගිය පේෂලා හංසනී ගේ කතාව ය. ඇය දරුණු අසාත්මිකතාවකට ලක් ව මිය ගියා ය. අනාගතය පිළිබඳ දහසක් බලාපොරොත්තු පොදි - බැඳගෙන සිටි මේ දැරිය මිය ගියේ කාගේ වරදකින් ද?

ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය

මෝඩයන් ගේ හෙණ පහර කී‍්‍රඩාවට භේද නැත මහත්වරුන් ගේ කී‍්‍රඩාව ට හෙණ පහරක් වැදී තිබේ. මේ වනා හී ලෝක කී‍්‍රඩා ඉතිහාසයේ කළු පැල්ලමක් ඇති කළ දෙවන අවස්ථාව වේ. පළමු කළු පැල්ල ම සටහන් වූයේ 1972 දී ජර්මනියේ මියුනිච් නුවරින් ය. එදා ඔලිම්පික් උළෙල සමරමින් සිටින අවස්ථාවේ දී පලස්තීන බෙදුම්වාදය ට අයත් ත‍්‍රස්තවාදීහු නිදහස් කී‍්‍රඩකයනට ප‍්‍රහාරයක් එල්ල කළ හ. එහි ප‍්‍රතිඵලය වූයේ ලෝක දේශපාලනය පිළිබඳ විකෘතියක් මතු වීම ය. ඊශ‍්‍රායල් කී‍්‍රඩකයන ට බලවත් අසාධාරණයක් සිදු විණි. සැලකිය යුතු පිරිසක් මරුමුවට ද පත් වූ හ. ඒ ගැන කිව හැක්කේ එපමණෙකි. එහි ම දෙවන අවස්ථා ව ඊයේ වාර්තා විය. මහත්වරුන් ගේ කී‍්‍රඩා ව ලෙසින් ප‍්‍රකට කි‍්‍රකට් කී‍්‍රඩා ව සටන් මාර්ගයක් ලෙස ගෙන ඇති බව පෙනේ. ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් කණ්ඩායම ට පාකිස්ථානයේ දී ප‍්‍රහාරයක් එල්ල විණි. ඒ වනා හී සංකීර්ණ දේශපාලන විභවතා ගණනාවක් මතුකරන අවස්ථාවෙකි. අප ට පහර දෙන්නේ ඇයි ? පාකිස්ථානය සමඟ හෝ එහි කැරැලිකාර කණ්ඩායම් සමඟ හෝ කිසිදු විරසකයක් අප ට නැත. අනාගතයේ එබඳු විරෝධතාවක් මතු වේ යැයි සලකුණක් පවා නැත. එසේ නම් සිදු වූයේ කුමක් ද?.

කොළඹ ගුවන් ප‍්‍රහාරය

කොළඹට ගහන්න ආ කොටි ගුවන් යානා දෙකම බිම දමයි එකක් කොළඹට අනික කටුනායකට කොටි නියමුවන් දෙදෙනාගේ සිරුරු හමුවේ කොළඹට ප‍්‍රහාරයක් එල්ල කිරීමට ඊයේ රාතී‍්‍ර 10.00 පමණ පැමිණි කොටි සැහැල්ලු ගුවන් යානා දෙකම බිම හෙළීමට යුද හමුදාව සහ ගුවන් හමුදාව සමත් වූහ. මේ ගුවන් යානා දෙකෙන් එක් යානයක් කටුනායක ගුවන් හමුදා කඳවුර ආසන්නයේ දී ද , අනෙක් යානය කොළඹ දේශීය ආදායම් ගොඩනැගිල්ල පිටුපස ප‍්‍රදේශයටද කඩා වැටී තිබියදී සොයාගත් බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශක වින් කමාන්ඩර් ජනක නානායක්කාර මහතා පැවැසීය. කොටි ත‍්‍රස්තවාදීන් ඊයේ රාති‍්‍රයේ ඔවුන්ගේ සැහැල්ලු ගුවන් යානා දෙකකින් ප‍්‍රහාරයක් එල්ල කිරීමට කොළඹට පැමිණි අතර ගුවන් හමුදා ප‍්‍රහාරක යානා සහ ආරක්‍ෂක කඳවුරුවලින් එල්ල කළ ප‍්‍රහාරයකින් එක් කොටි ගුවන් යානයක් කටුනායක ප‍්‍රදේශයේදී ද අනෙක කොළඹදී ද බිම හෙළා තිබේ.

බස්නාහිර පළාත් සභා ඡන්දය

ඡන්දය මෙහෙයවීමට කොළඹට ඇමැතිවරු 3ක්. බස්නාහිර පළාත්සභා ඡන්ද විමසීමේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කය මෙහෙයවීම ඇමැතිවරුන් තිදෙනෙකුට භාර කෙරේ.ඒ අනුව ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කෘෂිකර්ම සංවර්ධන හා ගොවි ජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන, භාණ්ඩාගාරික, ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම,තොරතුරු හා ජනමාධ්‍ය, ආයෝජන ප‍්‍රවර්ධන හා ව්‍යවසාය සංවර්ධන ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහත්වරු මේ සඳහා පත් කර සිටිති.එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ති‍්‍රක් මැතිවරණ මෙහෙයුම් මධ්‍යස්ථානය භාරව මේ ඇමැතිවරුන් තිදෙනා කටයුතු කරන අතර එම කාර්යාලය මගින් දිස්ති‍්‍රක්කයේ මැතිවරණ සටන කි‍්‍රයාත්මක කෙරේ.

වන්නි මෙහෙයුම

ඉතිහාසයේ රන් අකුරින් ලියැවෙන අපේ රණවිරුවන්ගේ අති විශිෂ්ට ජයග‍්‍රහණය ජාතියට දැනුම් දීමේ කාර්ය සඳහා සේනාධිනායක, ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ පස්වරු 4.05ට ජනාධිපති ලේකම් කාර්යාලයට ප‍්‍රවිෂ්ඨ විය.

වයඹ - මධ්‍යම මැතිවරණය - 2009

වයඹ සහ මධ්‍යම පළාත් සභා පසුගිය අට වෙනි සදුදා මධ්‍යම රාති‍්‍රයේ විසුරවා හරින ලදී. බොහෝ දුරට මැතිවරණය ලබන වසරේ පෙබරවාරි මස අග බාගය පමණ වන විට පැවැත්වෙනු ඇත. ඒ අනුව මෙරට සියලු දේශපාලන පක්ෂ මෙන්ම ජනතාවගේ ද අවධානය මධ්‍යම සහ වයඹ පළාත් දෙස යොමුවී තිබෙන, යොමු වෙමින් තිබෙන අවස්ථාවක් ලෙස මේ අවස්ථාව හැඳින්විය හැකිය.

මුම්බායි ත්‍රස්ත ප්‍රහාරය

ඉන්දියාවේ මුම්බායි නගරයට බරපතළ ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වී තිබේ. සියයකට අධික පිරිසක් මිය ගොස් ඇත්තා හ. දෙසීයකට අධික පිරිසක් තුවාල ලබා සිටිති. තවත් පිරිසක් ත‍්‍රස්තයන් ගේ ප‍්‍රාණ – ඇපකරුවෝ බවට පත් ව සිටිති. නගරයේ හෝටල් කිහිපයක් ද, මහජන ස්ථාන කිහිපයක්ද තව ම ගිනි ගනිමින් පවතින බව ද දැන ගන්නට ලැබේ. පිපිරීම් දහයක් ද වෙඩි තැබීම් රැසක් ද සිදු ව තිබේ. මිය ගිය අය අතර පොලිස් නිලධාරීහු මෙන් ම විදේශීය සංචාරකයෝ ද සිටිති. මේ වනා හී ඉන්දියාවේ ආණ්ඩුවට එල්ල කළ බලවත් ප‍්‍රහාරයක් සේ සැලකිය හැකි ය.අප ගේ අසල්වැසි ඉන්දියාව ත‍්‍රස්තවාදයෙන් බැට කන්නේ බොහෝ කාලයක පටන් ය. විවිධ අරමුණු ඇති ව කි‍්‍රයාත්මක වන ආයුධ ගත් ත‍්‍රස්ත සංවිධාන විසි ගණනක් ඉන්දියාවේ ඇතැ’යි කියනු ලැබේ.

2009 අය - වැය

‘අප වෙනුවෙන් අපට’ හැදූ අය වැයක් ලබන වසර සඳහා වන අය-වැය ලේඛනය හෙවත් විසර්ජන පනත තවත් ටික දිනකින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ලෝක ආර්ථික අර්බුදය පිළිබඳ කාරණය මතවාදයන්ට තුඩු දී තිබියදීය. මෙය මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා බලයට පත්වීමෙන් පසු ඉදිරිපත් කරන තෙවන අය-වැය ද වේ. මෙවර අය- වැය සේම එම ඉකුත් අය-වැය ලේඛනයන් මගින්ද මූලික වශයෙන් අරමුණු කෙරුණේ මහින්ද චින්තන වැඩ පිළිවෙල කි‍්‍රයාවට නැංවීම පිළිබඳ කාරණයකි. සරළව අය-වැය යනු ඉදිරි මුදල් වර්ෂය සඳහා රජයේ ආදායම – වියදම පිළිබඳ ලේඛනයයි. රජයට ආදායම් උපයාගන්නා ආකාරය පිළිබඳ ද අය-වැය යෝජනා මඟින් මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කරනු ලබයි. එය ඉදිරිපත් කරන මොහොත දක්වාම අය-වැය යෝජනා රහසක් ලෙස පවතින නමුදු ඉදිරි අය-වැය මෙබඳු හැඩයක් ගනු ඇතැයි යම් යම් පූරෝකථනයන් කරන්නට තරම් ප‍්‍රමාණවත් දත්ත කල්තබා ඉදිරිපත් වේ.

අමෙරිකා ජනාධිපතිවරණය

ලෝකයේ සෙසු රටවලට අමෙරිකා ජනාධිපතිවරණයට සහභාගි විය හැකිනම් ඩිමොක‍්‍රැටික් අපේක්ෂක බැරැක් ඔබාමා රිපබ්ලිකන් අපේක්ෂක ජෝන් මැකේන්ට වඩා සිවු ගුණයක ඡන්ද සංඛ්‍යාවක් ලබාගනු ඇතැයි මත විමසුමකින් අනාවරණය වී තිබේ.

යුගයේ සප්ත ස්වරය කේමදාස මාස්ටර්

දරුවන් දහතුන් දෙනෙකුගෙන් යුතු පවුලක බාලයා වූ පෙ‍්‍ර්මසිරි කේමදාස උපන්නේ 1936 ජනවාරි 25 වැනිදා ය. පානදුර ශ‍්‍රී සුමංගල හා ශාන්ත ජෝන් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලද ඔහු පාසල් අවදියේ බටනලා වාදනයට හපන්කම් දැක්වීය. බටනලාවේ ස්වර මතු කළ කේමදාස පාසල් වියේදීම අනාගතයේ මහා සංගීතඥයකු වීමේ ලකුණු පළ කෙළේය. පෙ‍්‍ර්මසිරි කේමදාස යනු මෙරට සංගීත ක්ෂේත‍්‍රයට පහළ වූ සංගීත චින්තකයෙකැයි හැඳින්වීම වඩාත් සුදුසු ය. ඒ එසේ වනුයේ ඔහු සංගීතඥයකු ලෙස සංගීත නිර්මාණ කරමින් එකම රාමුවක කොටු වී සිටි පුද්ගලයකු නොවන නිසා ය. කිසියම් සංගීත සම්ප‍්‍රදායක් පිළිබඳව හැදෑරීමෙන් පමණක් සංගීතඥයකු නොවන බව කේමදාසයෝ සිය නිර්මාණ වලින් සනාථ කළහ.

LTTE ත්‍රස්තවාදය හා තමිල්නාඩු

ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වන්නැයි තමිල්නාඩු මහ ඇමැති මුතුවෙල් කරුණානිධි කළ යෝජනාව ඉන්දියා ආණ්ඩුව තරයේ ප‍්‍රතික්ෂේප කර ඇත. ඉන්දියා දේශසීමාවෙන් පිට කිසිදු රටක අභ්‍යන්තර ගැටලුවලට මැදිහත් වීමට ඉන්දියාවට බලයක් නැතැයි ද ඉන්දීය රජය අවධාරණය කරයි. ස්වෛරී රාජ්‍යයක අභ්‍යන්තර කි‍්‍රයාවලට අනවශ්‍ය ලෙස අත පෙවීම කිසි විටකත් සිදු නොකළ යුතු කි‍්‍රයාවකි. මේ නිසා ඉන්දීය රජයට ශී‍්‍ර ලංකාවේ අභ්‍යන්තර ගැටලුවලට ඇඟිලි ගැසීමට නොහැකි බව ඉන්දීය කොංග‍්‍රසයේ ප‍්‍රකාශක අභිෂේක් සින්ග්විත් ප‍්‍රකාශ කරයි.

චීන කිරිපිටි ආන්දෝලනය (මෙලමයින්)

චීනයෙන් මෙරටට ගෙන්වන සියලුම සෙල්ලම් භාණ්ඩ සහ අනිකුත් භාණ්ඩ විශේෂ පරීක්ෂාවකට ලක්කිරීමට රජය වහාම පියවර ගෙන ඇත. මේ වනවිට අමෙරිකාව හා කැනඩාව චීනයෙන් සෙල්ලම් බඩු ගෙන්වීම සම්පූර්ණයෙන්ම අත්හිටුවා ඇති බව පැවසේ. මේ අතර ‘මෙලමයින්’ අඩංගුව ඇති බවට සැක කෙරෙන වෙළෙඳ පොළේ ආහාර වර්ග හැටකට (60) අයත් ආහාර ශී‍්‍ර ලංකාවේ තිබේදැයි පරීක්ෂණ පැවැත්වෙන අතර එසේ තිබෙන සියලුම ආහාර වර්ග ඉවත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. පවතින මෙම තත්ත්වය අනුව පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂකවරුන් සියලුම මහනගර සභා හා නගර සභා සෞඛ්‍ය බලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් මෙන්ම ආහාර පනත යටතේ බලය ඇති ඕනෑම නිලධාරියකු හට ඕනෑම වෙළෙඳ සලක් පරීක්ෂා කිරීමටත් සැක සහිත ආහාර තිබේනම් ඒවා ඉවත් කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන අධිකාරිය උපදෙස් දී තිබේ.

සක්විතිගේ මූල්‍ය වංචාව

ප‍්‍රසිද්ධ ඉංග‍්‍රීසි ගුරුවරයෙකු වන සක්විති රණසිංහ නැමැත්තා රුපියල් කෝටි 500 කට අධික මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව මිරිහාන පොලිස් විශේෂ වංචා විමර්ශන අංශයේ උසස් නිලධාරියෙක් “දිනමිණ”ට පැවැසීය.ඉංග‍්‍රීසි පංතිවලට අමතරව දේපළ හා නිවාස වෙළෙඳ්‍රම් ව්‍යාපාර මෙන්ම ආකර්ශනීය පොලියක් ලබාදෙන මුදල් ආයෝජන සමාගමක් පවත්වාගෙන යන ලෙසින් මෙම මූල්‍ය වංචාව සිදුකර ඇති බව මිරිහාන පොලිසිය පවසයි.

එන්නතක් වැරදී ළදරුවකු මිය යයි

තෙල් හෙවත් ඉන්ධන මිල වැඩි ය. ඒ ගැන තර්කයක් නැත. ආහාර ද්‍රව්‍ය හෙවත් කෑම බීම ද්‍රව්‍යවල මිල වැඩි ය. ඒ ගැන ද තර්කයක් නැත. ඒ නිසා ම ජීවන වියදම ද වැඩිවී ඇත. ඒ ගැන ද තර්කයක් නැත. මේ තත්ත්වයන් එසේ නො වේ යැයි කිසිවකුට හෝ තර්ක කළ නො හැකි ය.එහෙත් ප‍්‍රශ්න මතුවන්නේ මේ තත්ත්වයන් දෙස බලන ආකල්පයන් නිසා ය. “ලෝකය පුරා ම තෙල් අර්බුදයක් තියෙනවා. ලෝකය පුරා ම ආහාර අර්බුදයක් තියෙනවා. ලෝකය පුරා ම ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. මෙය අපට පාලනය කළ නො හැකි යි. සියල්ල සිදුවන්නේ අන්තර් ජාතික ආර්ථික බලවේගයන් අනුව යි. ඉතින් අපි මොනව කරන්ඩද?

තාරුණ්‍යයට හෙටක්

60 වැනි නිදහස් දිනය සැමරීමේ උලෙළත් සමඟ ම ගාලු මුවදොර පිටියේ දී නිදහසේ අභිමානය කියාපාන නිදහස සංකේතවත් කරන අපේ ජාතික කොඩිය වන සිංහ කොඩිය හැමදාටමත් එහි ලෙළ දෙන නව කොඩි ගහක් ස්ථාපිත වී ඇත. මේ කොඩි ගහ සහිත වේදිකාව ද ඒ ඉදිරිපිට මුහුදු වෙරළේ සිට මුහුද දෙසට මඳ දුරක් දක්වා විශේෂ පීඨිකාවක් ද තනා මේ ස්ථානය 60 වැනි නිදහස් සමරු දිනයේ සිට නිරන්තරයෙන් ම පවතිනවා ඇත. මහජන චීන ජනරජයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ යොවුන් කණ්ඩායමක ගේ ආධාර ඇතිව මේ ස්ථානය ගොඩ නගා ඇත. නිදහස් කොඩිය ගාලු මුවදොර පිටියේ සිට මින් පසු මේ ස්ථානයේ හැමදාට ම ලෙළ දීමට තනා ඇති කොඩි ගහ මීටර් 30 ක් අහස උසට විහිදී ගොස් තිබේ. මේ ස්ථානය මෙසේ සකස් කර නිදහස් දිනයේ විවෘත කිරීමට පියවර ගෙන තිබුණේ තාරුණ්‍යයට හෙටක් සංවිධානය මගිනි. තාරුණ්‍යයට හෙටක් සංවිධානයේ සභාපති නාමල් රාජපක්ෂ මහතා ගේ ආරාධනයෙන් ගාලුමුවදොර පිටියේ දී පැවැති නිදහස් දින සමරු උත්සවයේ අවසන් අංගය ලෙස ජනාධිපතිතුමා අතින් මෙය විවෘත කැරිණි.

සුදු වෑන් උවදුර

පසුගිය කාල සීමාවේ රට තුළ මහත් ආන්දෝලනයට ලක්වූ සුදු වෑන් රථ භීතිකාවට ති‍්‍රවිධ හමුදාවේ කිසිදු සාමාජිකයෙකු සම්බන්ධ නොමැති බවත් ආරක්ෂක අංශ අපහසුතාවට පත් කිරීම සඳහා විවිධ කණ්ඩායම් එවැනි කි‍්‍රයාවන්ට සුදු වෑන් රථම භාවිතයට ගෙන ඇති බවට කරුණු තහවුරු වී ඇතැයි හිටපු මහාධිකරණ විනිසුරු අතුරුදන්වීම් පැහැරගැනීම් පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ සභාපති මහානාම තිලකරත්න මහතා පැවසීය. වර්ෂ 2006 සැප්තැම්බර් මස සිට දිවයින පුරා සිදු වී ඇති පැහැරගෙන යාම්. අතුරුදන්වීම්, තොරතුරු අනාවරණය නොවූ මනුෂ්‍ය ඝාතන හා හඳුනා නොගත් මළ සිරුරු පිළිබඳ වූ සිද්ධීන් පරීක්ෂා කිරීමේ ජනාධිපති කොමිසම් සභාවේ නිරික්ෂණ වාර්තා ඉදිරිපත් කරමින් තිලකරත්න මහතා මේ බව සඳහන් කෙළේය.

නව පළාත් සභා ඡන්ද

උතුරුමැද හා සබරගමුව පළාත් සභා ඡන්ද විමසීම් සඳහා ප‍්‍රධාන පෙළේ පක්‍ෂ ඇතුළු දේශපාලන පක්‍ෂ රැසක සාමාජිකයෝ සූදානම් වෙති. එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ජාතික පක්‍ෂය, ජනතා විමුක්ති පෙරමුණ යන ප‍්‍රධාන පක්‍ෂ මැතිවරණයට ඉදිරිපත් වීමට සූදානමින් සිටින අතර, එක්සත් ජනතා නිදහස් සන්ධානයට සම්බන්ධ සියලු පක්‍ෂ සන්ධාන ලයිස්තුවෙන් තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටී. ඒ අනුව ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය, පොදුජන එක්සත් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ශී‍්‍ර ලංකාවේ කොමියුනිස්ට් පක්‍ෂය, සමසමාජ පක්‍ෂය, ජාතික හෙළ උරුමය, දේශ විමුක්ති ජනතා පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී කණ්ඩායම, ජාතික සමගි පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ, කඳුරට ජනතා පෙරමුණ ඇතුළු පක්‍ෂ සන්ධානයට සහය පළකරති.

මරාගෙන මැරෙන කොටි නාදන්

කොළඹ හා තදාසන්න ප‍්‍රදේශවල ත‍්‍රස්ත මෙහෙයුම් සහ බෝම්බ බෙදාහැරීමේ කටයුතු සිදු කළ රාජ්‍ය චිත‍්‍රපට සංස්ථාවේ අධ්‍යක්‍ෂවරයකු හා කොටි බෝම්බ විශේෂඥයකු ඇතුළු තිදෙනකු අධි බල පුපුරන ද්‍රව්‍ය තොගයක් ද සමඟ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.ප‍්‍රභූවරුන් ඝාතනය කිරීම සඳහා ද සැලසුම් කර ඇති සැකකාර අධ්‍යක්‍ෂවරයා සතුව අගමැතිවරයා පැමිණීමට නියමිතව තිබූ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවැති උත්සවයකට අදාළ ආරාධනා පත‍්‍රයක් ද තිබී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. යාපනය ප‍්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි “වාමදේවන්” නැමැති සැකකාර අධ්‍යක්‍ෂවරයා 1982 වසරේදී චිත‍්‍රපට සංස්ථාවේ සේවයට එක්ව ඇත.

අ‍පේ තෙල් මිල

තෙල් අර්බුදයට මුහුණදීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් සකස් කරන බව ජනාධිපතිතුමා කියා තිබේ. මේ වනවිටත් රජය පාරිභෝගිකයන් වෙත ඉන්ධන ලබා දෙන්නේ පාඩුපිට ය. ඇතැම් දේශපාලකයන් ගේ අදහස වූයේ ලෝක තෙල් මිල සමඟ ශ‍්‍රී ලංකාවේ තෙල් මිල ද සමපාත කළ යුතු බව ය. එසේ කි‍්‍රයාත්මක වූයේ නම්; අද මෙරට පාරිභෝගිකයා විශාල අමාරුවක වැටෙන්නට ඉඩ තිබිණි. හේතුව ඉතිහාසයේ ඉහළම තෙල් මිල දැන් වාර්තා වී ඇති බැවිනි. මේ වනවිට බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 132 කි. එය තවදුරටත් ඉහළයමින් තිබේ. ලොව පුරා දිනකට පුළුස්සා දමන තෙල් ප‍්‍රමාණය බැරල් දස ලක්ෂ අසූහතකි.

‍ගොන් ප්‍රශ්නය

තෙල් හෙවත් ඉන්ධන මිල වැඩි ය. ඒ ගැන තර්කයක් නැත. ආහාර ද්‍රව්‍ය හෙවත් කෑම බීම ද්‍රව්‍යවල මිල වැඩි ය. ඒ ගැන ද තර්කයක් නැත. ඒ නිසා ම ජීවන වියදම ද වැඩිවී ඇත. ඒ ගැන ද තර්කයක් නැත. මේ තත්ත්වයන් එසේ නො වේ යැයි කිසිවකුට හෝ තර්ක කළ නො හැකි ය.එහෙත් ප‍්‍රශ්න මතුවන්නේ මේ තත්ත්වයන් දෙස බලන ආකල්පයන් නිසා ය. “ලෝකය පුරා ම තෙල් අර්බුදයක් තියෙනවා. ලෝකය පුරා ම ආහාර අර්බුදයක් තියෙනවා. ලෝකය පුරා ම ජීවන වියදම පිළිබඳ ප‍්‍රශ්නයක් තියෙනවා. මෙය අපට පාලනය කළ නො හැකි යි. සියල්ල සිදුවන්නේ අන්තර් ජාතික ආර්ථික බලවේගයන් අනුව යි. ඉතින් අපි මොනව කරන්ඩද?

සහල්වල සහතික මිල

බුරුමය හෙවත් මියන්මාරය කලකට පෙර හැඳින්වූයේ ආසියාවේ සහල් බඳුන ලෙස ය. එහෙත් විවිධ හේතු නිසා අද මියන්මාරයේ සහල් නිෂ්පාදනය යම් තරමකින් පහළ ගොසිනි. ආසියා සහල් නිෂ්පාදනයේ ප‍්‍රමුඛයන් වන වියට්නාමය, චීනය, ඉන්දියාව, තායිලන්තය යන රටවල් ද සහල් අර්බුදයකට මුහුණ දී සිටියි. එහි ප‍්‍රතිඵලයක් ලෙස උක්ත රාජ්‍යයන්හි සහල් අපනයනයට දැඩි සීමා පැන වී ඇත. එබඳු තත්ත්වයක් යටතේ වුව මියන්මාරය සහල් මෙටි‍්‍රක් ටොන් 50,000 ක් ශී‍්‍ර ලංකාව සඳහා නැව් ගතකොට ඇතැයි විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා කියයි. මියන්මාරය පමණක් නොව ඉන්දියාව ද ශී‍්‍ර ලංකාව සඳහා සහල් මෙටි‍්‍රක් ටොන් 20,000 ක් නිර්යාත කිරීමට එකඟතාව පළ කර තිබේ. ඉන්දියාවෙන් තවත් සහල් මෙටි‍්‍රක් ටොන් ලක්ෂයක් ලබා ගැනීමේ සාකච්ඡා ද දැන් පැවැත් වේ.

නැගෙනහිර පළාත් සභා ඡන්දය

මුළු රටේ ම අවධානය දිනාගත් උණුසුම් මැතිවරණයක් නිමාවට පත් විය. ශ‍්‍රී ලංකාවේ පමණක් නො ව ලෝක ප‍්‍රජාවගේ විමර්ශනය ද ඒ කෙරෙහි යොමුව තිබිණැ’යි කීම වඩා නිවැරැදි ය. එහි ජයග‍්‍රහණ හා පශ්චාද් දේශපාලන ප‍්‍රවණතා පිළිබඳ විග‍්‍රහය හෙට දිනට කල් තබා මැතිවරණය සාමකාමී ව පැවැත්වීමේ ප‍්‍රතිඵලය ගැන වචනයක් කිව යුතු ය. බොහෝ දේශපාලන අනාවැකිවලට අනුව නැඟෙනහිර පළාත් සභා මැතිවරණය ලේ ගලන ඡන්දයක් බවට පත්විය යුතුව තිබිණි. එහෙත් එය එසේ වූයේ නැත.

ජවිපෙ අර්බුදය

හතුරා නගන අවලාදයට වඩා තමා සමග එකට සිටින සහෝදරයා ගොතන බොරුවේ වේදනාකාරීත්වය වැඩි බවත් හතුරාගේ අවලාද තව තවත් වර්ණ ගන්වා ඉදිරිපත් කිරීම ඉතිහාසයේ සරදමක් බවත් කොළඹ දිස්ති‍්‍රක් මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප‍්‍රකාශයක් කරමින් ඊයේ (08) සඳහන් කළේය. ඒ මහතාගේ ප‍්‍රකාශය මෙසේය.මා සම්බන්ධයෙනුත්, මගේ පක්ෂය සම්බන්ධයෙනුත් පසු ගිය දිනවල මාධ්‍යවල පළ වුණු වාර්තා පිළිබඳව ඒ ආශ‍්‍රිතව මුළු මහත් ජාතියටත්, මගේ පක්ෂයේ සාමාජිකයන්ටත් මේ රටේ දිවි හිමියෙන් ආදරය කරන ජනතාවටත් මට තිබෙන කරුණු පැහැදිලි කිරීම කරන්න මා ඉල්ලා සිටිනවා.ගරු කථානායකතුමනි, ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍රවරයකු හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායකයා හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභිකයකු හැටියට, ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් වරයා හැටියට මට මේ සභාවේ මෙබඳු පැහැදිලි කිරීමක් කරන්න ඉතිහාසය කිසිදු ලෙසකින් වත් අවස්ථාවක් සලසන එකක් නැහැයි කියන විශ්වාසය මට තිබුණා.නමුත් කුමන හෝ අවාසනාවකට මේ සභා ගර්භය තුළ මේ පැහැදිලි කිරීම කරන්න ඉතිහාසය විසින් අද මට බල කර තිබෙනවා.

ඇමැති ජෙයරාජ් ඝාතනය

ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක මහාමාර්ග සහ මාර්ග සංවර්ධන ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා මරාගෙන මැරෙන කොටි බෝම්බයකින් මියගිය බව “දිනමිණ” සාතිශය සංවේගයෙන් වාර්තා කර සිටී. වැලිවේරිය “කාන්ති” කී‍්‍රඩා පිටියේදී ඊයේ පෙරවරුවේ ආරම්භ වෙමින් තිබූ මැරතන් ධාවන තරගයට සහභාගි වෙමින් සිටියදී ඇමැති ජෙයරාජ් ප‍්‍රනාන්දුපුල්ලේ මහතා මරාගෙන මැරෙන කොටි ත‍්‍රස්තවාදියකුගේ බෝම්බයෙන් ජීවිතක්‍ෂයට පත් විය. එම ප‍්‍රහාරයෙන් ඇමැතිවරයාගේ ආරක්‍ෂක නිලධාරීන්, පොලිස් නිලධාරීන්, කී‍්‍රඩකයන් ඇතුළු 15 දෙනකු මියගොස් ඇත. තවත් 83 දෙනෙක් තුවාල ලබා සිටිති.

නැගෙනහිර පුංචි ඡන්දය

නැඟෙනහිර පළාත් පාලන ඡන්දය හෙට යි. උණ්ඩය රජ කළ පෙදෙසක දැන් ඡන්දයට ඉඩක් ලැබී ඇත. ඡන්දයට ඉඩ දී උණ්ඩය ලෙඩ නිවාඩු දමා කිලිනොච්චියට ගියා නො වේ. ප‍්‍රහාර හමුවේ උණ්ඩය පරාජය වී පලාගියේය. උණ්ඩය පරාජය වී පලාගිය නිසා ඡන්දයට බලයක් ලැබී ඇත. හෙට ඒ ඡන්ද බලය කිරා මැන බලන දිනය යි. නැඟෙනහිර පළාත දැනටමත් ජයග‍්‍රහණය කොට තිබේ. ඒ ජයග‍්‍රාහකයා අන් කවරකුවත් නොව ඡන්දය යි. දේශපාලන පක්ෂවලට ජයග‍්‍රහණ ලබාගත හැක්කේ පළමු ව ‘ඡන්දය” ජයග‍්‍රහණය කළ හොත් පමණි. ප‍්‍රභාකරන් සිදු කෙළේ ඡන්දය පරාජය කොට උණ්ඩය රජකරවීම යි. එවිට ඡන්දයකට වුව ද ඉඩක් ලැබුණේ බයිනෙත්තුවේ දිග ප‍්‍රමාණයට පමණි. උණ්ඩය ප‍්‍රතික්ෂේප කරන ඡන්දයට අත ඔසවන සියල්ලන් විසින් ම කළ යුතු වන්නේ උණ්ඩය පලවා හැර ඡන්දය රජකරවීමට තම අවසාන ශක්ති ප‍්‍රමාණයත් කැප කිරීම ය.

බුත්තල කොටි බෝම්බය

ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ඉලක්ක කරගනිමින් බුත්තල හෙළගම දී පුපුරා ගිය බෝම්බයෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් හට කඩිනමින් ප‍්‍රතිකාර ලබාදීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ උපදෙස් මත විශේෂ වෛද්‍ය කණ්ඩායම් ගුවන් මගින් බුත්තල සහ මොනරාගල රෝහල් කරා පිටත්කර යවා ඇත. වෛද්‍යවරුන්ට අමතරව තුවාල ලැබූවන් හට ප‍්‍රතිකාර ලබාදීමට අවශ්‍ය සියලුම ඖෂධ ඇතුළු අනෙකුත් උපකරණ මෙන්ම ලේ වර්ග ද ගුවනින් අදාළ රෝහල්වලට යවා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය ප‍්‍රකාශ කරයි. මෙම සිද්ධියෙන් තුවාල ලැබූ හැටකට වැඩි පිරිසක් බුත්තල, ඔක්කම්පිටිය, වැල්ලවාය සහ මොනරාගල යන රෝහල්වලට ඇතුළු කැර ඇති අතර, අසාධ්‍ය තත්ත්වයෙන් බුත්තල රෝහලට ඇතුළු කැර සිටි රෝගීන් හතළිස් පස් (45) දෙනකු මොනරාගල රෝහල වෙත මාරු කර යැවූ බවත්, බුත්තල රෝහල් ප‍්‍රකාශකයෙක් පැවසීය.

ඇමැති ද.මු. දසනායක ඝාතනය

ක්ලේමෝ බෝම්බ ප‍්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා උතුරු කොළඹ ශීක්‍ෂණ රෝහලට (රාගම) ඇතුළු කළ ජාතිය ගොඩනැගීමේ ඇමැති ද. මු. දසනායක මහතාගේ ජීවිතය ගලවා ගැනීමට වෛද්‍යවරු මහත් වෙහෙසක් ගත්හ. එහෙත් රෝහල් ගත කර පැය එක හමාරකට පසුව ඇමැතිවරයා මිය ගිය බව රෝහල් අධ්‍යක්‍ෂ වෛද්‍ය මහානාම රාජමන්තී‍්‍ර මහතා පැවසීය.එම බෝම්බ ප‍්‍රහාරයෙන් තුවාල ලැබූ එකොළොස් දෙනාගෙන් පස් දෙනකු බරපතළ තත්ත්වයේ පසු වූ බව ද එම පස් දෙනා අතරින් ඇමැතිවරයා සහ තවත් අයෙකු මිය ගිය බව ද අධ්‍යක්ෂවරයා කීය. බරපතළ තත්ත්වයේ පසු වූ තුවාලකරුවන් දෙදෙනකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඊයේ (08) සවස කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයට ඇතුළු කර තිබේ.

මන්තී‍්‍ර මහේෂ්වරන් ඝාතනය

කොළඹ දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර ටී. මහේෂ්වරන් මහතා එල්.ටී.ටී.ඊ. පිස්තෝල කල්ලියේ ප‍්‍රහාරයකින් ඊයේ (01) පෙරවරුවේ මිය ගියේය. මන්තී‍්‍රවරයා ඊයේ පෙරවරුවේ 10.00 ට පමණ කොටහේන සිවම් කෝවිලේදී ආගමික වතාවත් අවසන් කර කෝවිල ඉදිරිපසට පැමිණ ආපසු පිටත් වී යාමට පෙර යළි කෝවිල දෙසට හැරී වැඳ නමස්කාර කිරීමට සූදානම් වෙද්දී ඝාතකයා වෙඩි තබා තිබේ.

මන්ත්‍රී ශ්‍රීපති - රිය අනතුර

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ශ‍්‍රීපති සූරියආරච්චි මහතා ඊයේ සවස සිදු වූ රිය අනතුරකින් මරණයට පත් විය. ඒ මහතා සමඟ ගමන් ගත් තවත් පුද්ගලයන් තිදෙනකු ද එම අනතුරින් මිය ගොස් තිබේ.අනුරාධපුර පාදෙනියේ මාර්ගයේ ගල්ගමුව මැදගම ප‍්‍රදේශයේ දී ඊයේ (9) පස්වරු 1.40 ට පමණ ශ‍්‍රීපති සූරියආරච්චි මහතා ගමන් ගත් ජීප් රථය මාර්ගයෙන් ඉවතට පැන නුග ගසක හැපීමෙන් මේ අනතුර සිදු වී ඇතැයි තඹුත්තේගම පොලිසිය පැවසී ය.ශ‍්‍රීපති සූරියආරච්චි මහතා සමඟ මියගොස් ඇත්තේ ඔහු ගේ මිතුරකු වන එස්. කේ. ආර්. ද සිල්වා සහ රියැදුරු කුමාර යන මහත්වරු ය.

මීගමු ඇඟලුම් තරුණියගේ මරණය

මීගමු රෝහලේ තෙවැනි මහලෙන් බිමට වැටී තරුණියක මරුමුවට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම රෝහලේ තරුණ වෛද්‍යවරයකු මීගමුව පොලීසිය විසින් ඊයේ (13) අත්අඩංගුවට ගන්නා ලදී. මොහු මීට පෙර අවස්ථා දෙකකදී තවත් තරුණියන් දෙදෙනකුට අතවර කර ඇති බව හෙළි වී ඇතැයි පොලීසිය කීය. මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මොණරාගල ප‍්‍රදේශයේ පදිංචිව සිටි ඩී. එම්. චමිලා දිසානායක නමැති 23 හැවිරිදි ඇඟලුම් කම්හල් සේවිකාවක බවත් ඇය වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගැනීම සඳහා මීගමුව රෝහලට ගිය අවස්ථාවේ සැකකාර වෛද්‍යවරයා ඇය රවටාගෙන සිය නේවාසිකාගාරය වෙත රැගෙන ගොස් සිහි නැතිකර අතවර කර තිබෙන බවට සැක කෙරෙන බවත් මීගමුව පොලීසිය පැවසීය.

“මින්නල්” රූපවාහිනී වැඩසටහන

"ශක්ති” රූපවාහිනී නාළිකාව විසින් විකාශය කරන “මින්නල්” වැඩසටහනේ සම්පාදක ශී‍්‍ර රංගා ජයරත්නම් මහතාගේ කි‍්‍රයා කලාපය පිළිබඳව වහාම පරීක්‍ෂණයක් පවත්වන ලෙස සමාජ සේවා හා සමාජ සුබසාධන ඇමැති කේ. එන්. ඩග්ලස් දේවානන්දා මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇත. සෑම ඉරිදා දිනයක ම සවස 6 සිට රාතී‍්‍ර 7 දක්වා විකාශය කෙරෙන එම වැඩසටහනේ අරමුණ තමන්ගේත් රජයේත් ප‍්‍රතිරූපය බොඳ කිරීම බවත් ඇමැතිවරයා පොලිස්පති වික්ටර් පෙරේරා මහතාට පැමිණිලි කොට තිබේ.

කළුබෝවිල රෝහලේදී පැහැරගත් දරුවා

කොළඹ දකුණ ශික්ෂණ රෝහලේ දී ඊයේ (18) අලුයම 1.58 ට ඉපදුණු පිරිමි දරුවකු ඊයේ දහවල් 2.15ට පමණ අතුරුදහන් වී ඇත.

පුංචි සුගන්දිට මොකද වුණේ ?

වේයන්ගොඩ නයිවල විහාරස්ථානයක අසාධ්‍ය තත්ත්වයට පත්ව පසුව රෝහල් ගත කිරීමෙන් පසු මිය ගිය කෂ්මීරා සුගන්ධි දැරිය මරණයට පත්වීමට පෙර බරපතළ ලෙස කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැකපිට අත් අඩංගුවට ගත් විහාරාධිපතිවරයා හා පෙර පාසල් ගුරුවරිය ලබන 06 වැනි දින දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් සුජාතා අලහප්පෙරුම මහත්මිය නියම කළාය. නීතිඥ චන්දික පීරිස් මහතා මගින් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ පොලිස් විමර්ශන අංශයට භාර වූ වේයන්ගොඩ නයිවල උභයසේකරාම විහාරාධිපති මැදගම්පිටියේ විමලධර්ම හිමි හා ලලනි පි‍්‍රයංගනී හපුආරච්චි යන සැකකරුවන් දෙදෙනා මෙසේ රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.

‍රෝගීන්ගේ දුක

රජයේ වෛද්‍ය සේවාව තුළින් සිදුවන අතපසුවීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වරයාට හෝ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාට වගකීම පැවරීමට හැකිවන අයුරිනුත් රෝහලකට ඇතුළු වන රෝගියකු මරණයට පත්වුවහොත් එහි වගකීම වෛද්‍යවරයා පිට නොපැටවෙන පරිදිත් සුදුසු පියවර ගන්නයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශයට යෝජනා ඉදිරිපත් කිරීමට යයි. දැනට රජයේ රෝහල් වලින් සිදුවන අතපසුවීම් සඳහා වන්දි ඉල්ලා නඩු පවරන්නේ අදාළ වෛද්‍යවරුන්ට බවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පෙන්වා දෙයි. රජයේ රෝහල් වල විවිධ අඩුපාඩු සහ අපහසුතා මැද්දේ වෛද්‍යවරුන් තම සේවාව සිදු කළ ද යම් හෙයකින් රෝගියකු මිය ගිය විට එම වරද වෛද්‍යවරයාට පවරා නඩු පැවරවීම සුලභ කරුණක් වී ඇත් බවද එම සංගමය කියයි.

අභිමානපුර ප්‍රහාරය

අනුරාධපුර සිට ජනකපුර බලා ධාවනය වෙමින් තිබූ ලංගම බස් රථයක් ඉලක්ක කර ගනිමින් කොටි ත‍්‍රස්තවාදීන් කැබිතිගොල්ලෑව අභිමානපුර දාහතර කණුව අසල දී ඊයේ රාතී‍්‍ර 8.30 ට පමණ අධි බලැති ක්ලේමෝ බෝම්බයක් පුපුරවා හැරීම නිසා සිවිල් වැසියන් පහළොස් දෙනෙකු මියගොස් විසිතුන්දෙනකු පමණ තුවාල ලබා ඇතැයි ජාතික ආරක්ෂාව පිළිබඳ මාධ්‍ය මධ්‍යස්ථානයපවසයි.

මුත්තයියා මුරලිදරන්

ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගනිමින් නව ලෝක වාර්තාවක් පිහිටවූ මුත්තයියා මුරලිදරන් ශ‍්‍රී ලංකාවට ආඩම්බරයක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් කී‍්‍රඩාවට අභිමානයක් ද බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් කියා සිටී. ලොව වැඩිම ටෙස්ට් කඩුලු ලබා ගනිමින් පිහිටවූ නව ලෝක වාර්තාව වෙනුවෙන් ඔබට සුබ පතමි. ඔබගේ ජයග‍්‍රහණය ශ‍්‍රී ලංකාවට ආඩම්බරයක් මෙන්ම ශ‍්‍රී ලංකාවේ කි‍්‍රකට් කි‍්‍රඩාවට අභිමානයක් ද වේ යනුවෙන් ජනාධිපතිතුමා මුත්තයියා මුරලිදරන්ට යැවූ පණිවුඩයේ සඳහන් වේ. එහි මෙසේ ද සඳහන් වේ. ඔබගේ ජයග‍්‍රහණය සුවිශේෂී වන්නේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් කණ්ඩායම නියෝජනය කරමින් පසුගිය කාලයේදී ඔබට මුහුණදීමට සිදුවූ විවිධ අභියෝග ඔබ විසින්ම සර්ථකව ජයගත් හෙයිනි.

තමිල් සෙල්වන්

එල්. ටී.ටී.ඊ දේශපාලන අංශ නායක එස්.පීි තමිල් සෙල්වන් 1967.08.24 දින චාවකච්චේරිවලදී උපත ලැබීය. ඔහුගේ සැබෑ නම සෙල්ව කුමාර් බාලමුර්ති කනගරත්නම් විය. වෘත්තියෙන් කරණවෑමියෙකි. 1983 ජුලි අරගලයෙන් පසු සෙල්වම් එල්.ටී.ටී.ඊ සංවිධානයට බැඳුණි. ඔහු ඉන්දියාවේ යුද පුහුණුව ලැබූවෙකි. ප‍්‍රභාකරන්ගේ පෞද්ගලික ආරක්ෂකයෙකු වශයෙන් කටයුතු කරන කාලයේ චාවකච්චේරි නායකයා ලෙසද කි‍්‍රයා කළේය.ප‍්‍රභාගේ විශ්වාසවන්තයාවු සෙල්වම් ප‍්‍රභාගේ ‘මිතුරා’ යන විරුදාවලියද හිමිකර ගෙන සිටියේය. දේශපාලන අංශ නායකයා වීමට පෙර කැලෑබද මෙහෙයුම් අණ දෙන්නා ලෙස කටයුතු කර තිබේ. හමුදාව සමග පුනරීන් හිදි තුවාල ලබා පාදයක ආබාධයක් ඇතිවිය. ශී‍්‍ර ලංකා හමුදා යාපනය අත්පත් කරගැනීමෙන් පසු කැපීපෙනෙන චරිතයක් බවට පත්විය.

අනුරාධපුර ගුවන් ප‍්‍රහාරය

අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට ප‍්‍රහාර එල්ල කිරීමට පැමිණි කොටි ත‍්‍රස්තවාදීන්ගේ මරා ගෙන මැරෙන කණ්ඩායම් ඇතුළු විශේෂ පුහුණුව ලැබූ සාමාජිකයෝ විසි දෙදෙනෙක් මරුමුවට පත් වූහ. මෙම ප‍්‍රහාරයෙන් ගුවන් හමුදාවේ 13 දෙනෙක් දිවි පිදූහ. මිහින්තලේ දොරමඩලාවේ දී අනතුරට පත් වූ හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් සතර දෙනෙක් ද ඒ අතර වූහ.ඊයේ අලුයම 3.30 ට පමණ කොටි කණ්ඩායමක් අනුරාධපුර නුවර වැවේ ඉදිරිපිට ඇති මාර්ගයේ නැඟෙනහිර දෙසින් කඳවුර දෙසට ඇතුළු වී ඇත.

සිරස කුමරිය

“සිරස කුමරිය” වැඩ සටහනට සහභාගි වූ තරුණියන් ගේ යැයි සැක කෙරෙන නිරුවත් ඡායාරූප හා දර්ශන ඇතුළත් සංයුක්ත තැටි ප‍්‍රසිද්ධ වෙළෙඳ පොළට පැමිණීම පිළිබඳව සිදු කරන විමර්ශනයට අදාළ තොරතුරු වාර්තා සිරස මාධ්‍ය ජාලය මෙතෙක් ලබා දී නැතැයි පොලිස් ළමා හා කාන්තා කාර්යාංශය ඊයේ (11) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත දන්වා සිටියේය. ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් සරෝජිනි කුසලා වීරවර්ධන මහත්මිය හමුවේ එසේ කරුණු දැක්වූ කාර්යාංශය විමර්ශනයට අදාළ වාර්තා ලබා දෙන ලෙසට අධිකරණය දුන් නියෝගය නිසි පරිදි සිරස මාධ්‍ය ජාලයේ වැඩසටහන් නිෂ්පාදක වෙත ලබා දී ඇති බව ද දන්වා සිටියේය.

කාන්තා හිංසනය

කාන්තා හිංසනය පිටු දැකීම ගැන කතා කළත් සබා ගැබ තුළත් කාන්තා හිංසනය සිදුවන්නේ යැයි ළමා හා කාන්තා අභිවෘද්ධි ඇමැතිනි සුමේධා ජී. ජයසේන මහත්මිය පාර්ලිමේන්තුවේදී ඊයේ (30) පැවැසුවාය. මහජන පෙත්සම් පිළිගැන්වීමේ අවස්ථාවේදී පෙරේදා (29) තමාට පෙත්සමක් ඉදිරිපත් කිරීමට අවස්ථාව නොලැබීම පිළිබඳව සිය අප‍්‍රසාදය පළකරමින් ඇමැතිනිය එය එක්තරා ආකාරයක කාන්තා හිංසනයක් ලෙස හැඳින්වූවාය. පෙත්සමක් ඉදිරිපත් කිරීමට ඇති බව තමාට දන්වා නොතිබුණ බවත් එදින තමා ප‍්‍රමාදව පැමිණීමත් නිසා නැවත එකී පෙත්සම පිළිගැන්වීමට ඊයේ (30) අවස්ථාව ලබා දෙන්නැයි කථානායක වි. ජ. මු. ලොකුබණ්ඩා මහතාගෙන් ඇමැතිනිය ඉල්ලා සිටියාය.