තැපෑල

තැපෑල

ලංකාවේ තැපැල් සේවයේ ලිපි ප්‍රමාද වීම ගැන නිතරම අසන්නට ලැබෙනවා. එහෙත් බ්‍රිතාන්‍ය තැපැල් සේවයත් යම් යම් අවස්ථාවල එසේ වන්නේ යැයි පැවසුවොත් ඔබ පුදුම වෙනවා නේද ?

බ්‍රිතාන්‍යයේ ගිල් නැමැති කාන්තාව ඉගෙනුම සඳහා ගියේ ට්‍රේසි විදුහලටයි. විදුහලේ අවසාන විභාගයට පෙනී සිටි ඇය නිවසට ආවා.

මෙසේ වසර 27 ක්ම ගෙවී ගියා. දිනක් තැපැල්කරු ඇයට ලිපියක් ගෙනැවිත් දුන්නා. එහි තිබුණේ තමාගේ අවසාන විභාගයේ සහතික පතයි. තැපැල් සේවය කියන්නේ මෙය විදුහලේ වරදක් බවයි. විදුහල කියන්නේ මෙය තැපැල් සේවයේ වරදක් බවයි. කොහොමද වැඩේ ?


ලාබාලම පියා

ලෝකයේ ළාබාලම පියා කවුදැයි ඔබ දන්නවාද ? නම හෙළි නොකළ ඔවුන් පදිංචිව සිටියේ මැන්චෙස්ටර්හිය. කොලුවාගේ වයස අවුරුදු 13 කි. පෙම්වතියගේ වයස අවුරුදු 16 කි. කෙසේ හෝ පාසල් යන අවදියේදීම ඇය ගැබ්බර වූවා. අවසානයේදී ලැබුණු දරුවාගේ පියා කවුදැයි සොයා ගත්තේ ඩී. එන්. ඒ. පරීක්ෂණයකින්. ඔහු 13 හැවිරිදි සිසුවා !.


බඩී

ඇලස්කාවේ “බඩී” නම් බලු පැටවා සිය අයිතිකරුට හරිම ආදරෙයි. ඔහු රිච්.

දිනක් රිච් ඔහුගේ වාහනය අලුත්වැඩියා කරමින් සිටින විට සිදුවූ විදුලි කාන්දුවක් නිසා ඔහුගේ ඇඳුම් ගිනි ගත්තා. බඩී වාහනයකට අමුතු හඬින් බිරුවා.

කුමක් හෝ අමුත්තක් ඇති බව වටහා ගත් පොලිස් නිලධාරීන් බඩීගේ මග පෙන්වීම අනුව ගොස් රිච් සහ ඔහුගේ නිවස ගින්නෙන් බේරා ගත්තා.


විනාඩියයි

“කෝ ? ! තවම කෑම හදලා නැද්ද? මං කඩේට ගිහින් කාල එනවා” සේවය නිමකර රෑ බෝවී නිවසට පැමිනි මංජුල සිය බිරියට කීවේ කෝපයෙන්.

“විනාඩියක් ඉන්න අනේ !” බිරිය කීවේ කලබලයෙන් !

“ඇයි ? ! විනාඩියෙන් කෑම උයලා දෙනවද ?”

“ නෑ ! මාත් විනාඩියෙන් ඇඳගෙන එන්නම් !”