වේගයෙන් රිය පැදවීම

වේගයෙන් රිය පැදවීම

වේගයෙන් රිය පදවන අය අල්ලා ගැනීම සඳහා මහා මාර්ගයේ ගසක් යට මෝටර් සයිකලය නවතා බලා සිටින රත්නපාල රාළහාමි වේගයෙන් එන මෝටර් රථයක් නවතා රථයෙන් බැස තමා වෙත පැමිණෙන ලෙස අණ කළේ ය.

රියදුරු තරුණයා වහා දොර ඇරගෙන රාළහාමි වෙත ආවේය.

“තමුසේව අල්ල ගන්න තමයි මුළු දවසම බලා හිටියේ” යි රත්නපාල රාළහාමි ගොරවමින් පැවසී ය.

“ඒ බව දන්න හින්ද තමයි රාළහාමි මෙච්චර වේගයකින් ආවේ” යි තරුණයා බයාදු ලෙස පැවසීය.

ඒ වදන් ඇසූ රාළහාමි මහ හඬින් සිනහවෙන්න පටන් ගත් අතර එසේ මඳ වේලාවක් බඩ අල්ලාගෙන හිනහ වෙමින් සිටි ඔහු තරුණයාට දඩයක් නොගෙනම යන්ට හැරියේ ය.


සුදු පැහැය

මව අසළට පැමිණි පුංචි සුරංග අහිංසක ලෙස මෙසේ ඇසීය.

“අම්මෙ ඇයි මේ මඟුල් ඇඳුම සුදු පාටට තියෙන්නේ”.

ඒ පුතේ මනමාලියගේ සුපිරිසිදු භාවය යාළුවන්ටයි නෑදෑයින්ට පෙන්වන්න යි මව පිළිතුරු දුන්නා ය.

ඊළඟට පියා සොයා ගිය සුරංග “තාත්තේ ඇයි මේ මඟුල් ඇඳුම් සුදුපාටට තියෙන්නේ” ඇසීය.

පුතා දෙස පුදුමයෙන් බැලූ පියා

“පුතේ ගෙදරට ගේන සමහර බඩු සුදු පාටට තියෙනවා” යි කීය.


තල්මසා ගැන ප්‍රශ්නයක්

තල්මසුන් පිළිබඳව විස්තරයක් කරන ලෙස ගුරුතුමියගෙන් පුංචි සාගරිකා ඇවිටිලි කළාය.

තල්මසුන් පිළිබඳ තොරතුරු රැසක් කියා දුන් ගුරුතුමිය අවසානයේදී “තල්මසෙකුට කවදාවත් මිනිහෙක්ව නම් ගිලින්න බෑ. ඒකට හේතුව උගේ උගුර හුගක් පුංචි නිසයි” යි කීවාය.

“එහෙනම් ටීචර් අර ජොනා ගේ කතාවේ කියල තියෙන්නේ තල්මසෙක් ජොනාව ගිල්ල කියල යි සාගරිකා ඇසුවාය.

කෝපයට පත් ගුරුතුමිය තදින් අවධාරණය කළේ තල්මසෙකුට මිනිසෙකු ගිල දැමිය නොහැකි බවයි.

පුංචි සාගරිකා “මම දිව්‍ය ලෝකේට ගියාම ජෝනා හමුවෙලා මේ ගැන අහනව“යි කියූ විට බැරිවෙලාවත් ජෝනා අපායට ගිහිල්ල තිබුනොත්”යි උපහාසාත්මක ලෙස ගුරුතුමිය සාගරිකාගෙන් ප්‍රශ්න කළාය.

එවිට සාගරිකා “එහෙම උනොත් ටීචර් ඔයා ඒ ප්‍රශ්නය ජෝනාගෙන් අහන්න”යි කීවාය.