අම්මම්මෝ !

අම්මම්මෝ !

විශාල සුපිරි වෙළඳ සැලක අතරමං වූ සය හැවිරිදි දරුවෙක්, ඒ සාප්පු සංකීර්ණයේ මං තීරුවල ආතක් පාතක් නැතිව දිව යමින්, අම්මම්මෝ ! අම්මම්මෝ !” කියමින් මර හඬ දෙයි.

අවසානයේ දරුවාට මව මුණ ගැසෙයි. දරුවාගේ කන මිරිකන මව සැරෙන් මෙසේ කියයි.

“ඔයා මට “අම්මම්මෝ” කියන්න එපා. ඔයා දන්නවනේ... මම ඔයාගේ අම්මා”.

“මම දන්නවා” දරුවා කියයි. “ඒත් මේ සාප්පුවේ අම්මලා පිරිලා !”


භාෂා හතක් කතා කරන මයිනා

සිය මවට විශේෂ තෑග්ගක් පිරිනැමීමට එක් පුද්ගලයෙකුට අවශ්‍ය විය.

සුරතලේට ඇති කරන සතුන් විකුණන සාප්පුවකට ගිය ඔහු, භාෂා හතක් කතා කිරීමට හපන් මයිනෙක් ඩොලර් 400 ක් ගෙවා මිලදී ගත්තේය.

සිය මව වෙත මයිනාව යැවූ මේ පුද්ගලයා පසුදින මවට දුරකථනයෙන් කතා කරමින්, ඔහු එවූ තෑග්ග හොඳදැයි මවගෙන් විමසා සිටියේය.

“අනේ හරි ෂෝක්, පුතේ” යැයි මව සතුටින් කියා සිටියාය.

ඒක හරිම රසයි !”


හොඳ පුතා

“අද ඉස්කෝලෙදි ඔයා හොඳ ළමයෙක් වෙලා හිටියද ?” කියා පියෙක් ඔහුගේ පුතාගෙන් විමසා සිටියේය.

“සත්තකින්ම තාත්තේ” යනුවෙන් පුතා පිළිතුරු දුන්නේය.

“දවස තිස්සේම පන්තියේ මුල්ලකට වෙලා හිටගෙන ඉන්න කියලා ටීචර් කිවුවාම, කෙනෙකුට කරදරේක වැටෙන්න බැහැ”.


අපූරු පාඩමක්

දිනක් කුඩා ටොමී ගෙදර ආවේ, පාසලේ සගයෙක් ඔහුගෙන් ඉල්ලා ගත් සෙල්ලම් බඩුව ආපසු ඔහුට දීම ප්‍රතික්ෂේප කරන බව කියමින් ඇඬූ කඳුලින් යුතුවය.

“ටොමී, මට ඔයා ගැන ලැජ්ජයි” පියා කියා සිටියේය. එසේ කියමින් ඔහු ටොමීව උස පොත් රාක්කයක් උඩ තැබුවේය. “දැන් පුතේ ඔයා මගේ අත් දෙක උඩට පනින්න” කියා පියා කීවේය.

“අපෝ... දුර වැඩියි” ටොමී විරුද්ධ විය.

“නමුත් ඔයාව අල්ල ගන්න ඔයාගේ ඩැඩී මෙතන ඉන්නවා” යනුවෙන් පියා අවධාරණය කළේය.

ටොමී පැන්නේය. එවිට ම පියා එතැනින් ඉවත් විය. ටොමී හතර ගාතෙන් බිම වැටුණේය.

“දැක්ක නේද ?” පියා කීවේය. “මීට පස්සෙ කිසිම කෙනෙක්ව විශ්වාස නොකරන්න ඕක ඔයාට හොඳ පාඩමක් !”


ගෙදර වැඩ

පියා : කමෝන්, පුතා, ඉස්කෝලෙදි දුන්න ගෙදර වැඩ කරන්න.

පුතා : අනේ.... තාත්තේ...!

පියා : දැන්මම කරන්න, කරුණාකරලා... මම දන්න විදියට ගෙදර වැඩ කලා කියලා කිසිම කෙනෙක් කවදාවත් මැරිලා නැහැ.

පුතා : එහෙනම් ඇයි මම පළවෙනි කෙනා වෙන්නේ ?