Guided Airflow තාක්ෂණයෙන් සැදුම්ලත් වත්තල හේමාස් රෝහලේ ශල්‍යාගාර

Guided Airflow තාක්ෂණයෙන් සැදුම්ලත් වත්තල හේමාස් රෝහලේ ශල්‍යාගාර

ඕනෑම සැත්කමක් ඉතාමත් ආරක්ෂිතව සිදු කිරීමට නම් ප්‍රධාන වශයෙන් කරුණු තුනක් පිළිබඳව සැලකිලිමත් විය යුතුයි. ඒවා නම් සුදුසුකම්ලත් ශල්‍ය වෛද්‍යවරු, පුහුණුව හා අත්දැකීමෙන් පරිපූර්ණ වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලය මෙන්ම සැත්කම් සිදු කිරීම සඳහා සුදුසු ශල්‍යාගාර පහසුකම් (වෛද්‍ය උපකරණ තාක්ෂණය) ආදියයි. වත්තල හේමාස් රෝහල, එවැනි ගුණාංග සියල්ලෙන්ම සමන්විත ප්‍රමුඛතම ශල්‍යාගාර පහසුකම් සහිත රෝහල ලෙස හඳුන්වාදිය හැකිය.

විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු

සැත්කම් සිදු කිරීම සඳහා හේමාස් රෝහල සතු විශේෂත්වය වන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය සේවාවයි. සාමාන්‍ය ශල්‍ය කර්ම, උගුර කන නාසය ආශි‍්‍රත ශල්‍යකර්ම, මුත්‍රාශය හා වකුගඩු ආශ්‍රිත ශල්‍යකර්ම, විකලාංග, ප්‍රසව හා නාරිවේදයට අයත් සියලුම ශල්‍යකර්ම ලැපරොස්කොපි ශල්‍යකර්ම, අක්ෂි ශල්‍යකර්ම මෙන්ම ඉන්ද්‍රියය බද්ධ කිරීමේ ශල්‍යකර්ම (වකුගඩු බද්ධ කිරීම) ආදී ඕනෑම සංකීර්ණ ශල්‍යකර්මයක් සඳහා අවශ්‍ය විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් වත්තල හේමාස් සතු වේ.

වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලය

වසර 08ක් වැනි දිගුකාලයක් තිස්සේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ සිදු කරන ලද ශල්‍යකර්ම දහස් ගණනක් හරහා ලබා ගත් අත්දැකීම් නිසා ඉතාමත් පරිණත බවින් යුත් වෛද්‍ය සහායක කාර්ය මණ්ඩලයත් වත්තල හේමාස් රෝහලට හිමියි.

ශල්‍යාගාර පහසුකම් (තාක්ෂණය)

Guided Airflow තාක්ෂණයෙන් සැදුම්ලත් හේමාස් ශල්‍යාගාරයක ඇති වැදගත්කම වන්නේ සැත්කමකදී රෝගීන්ට ආසාදන ඇති කිරීමට තිබෙන ඉඩකඩ අවම කිරීමයි. මෙම පහසුකම වෙනත් සාමාන්‍ය තත්ත්වයක් යටතේ ඉදි වූ ශල්‍යාගාරයකින් ලබා ගැනීමට හැකියාවක් නොමැත. Guided Airflow තාක්ෂණයෙන් යුත් ශල්‍යාගාර 2ක ඇතුළු වත්තල හේමාස් සතු සමස්ත ශල්‍යාගාර ප්‍රමාණය 05කි.

රෝගියාගේ සුරක්ෂිතාව හා සුවසත්කාරය

ශල්‍යාගාරයකට රෝගියෙකු පැමිණෙන විට මූලික වශයෙන් කරුණු දෙකක් පිළිබඳ සැලකිලිමත් විය යුතුයි. ඒවා නම් සුරක්ෂිතතාව හා සුව සත්කාරයයි. යම්ලෙසකින් රෝහලකට රෝගියෙකු පැමිණි පසු රෝගියාගේ සුරක්ෂිතාව ඉතා ඉහළින් තබාගෙන රෝගියාට අවශ්‍ය කරන සුව සත්කාර්යය ඉහළින්ම සැපයීමට හැකි වීම එම රෝහලේ සේවා තත්ත්වයන් පිළිබිඹු කරයි. මෙම සේවා තත්ත්වයන් සඳහා ACHSI ප්‍රමිතිකරණය ලැබූ දිවයිනේ ඇති ප්‍රථම සහ එකම රෝහල වත්තල හේමාස් රෝහලයි. එම ප්‍රමිතිකරණය තිබේ නම් රෝහල වෙත පැමිණෙන ඕනෑම රෝගියෙකුට බියකින් චිකිතයකින් තොරව ශල්‍යකර්ම සිදු කරගත හැකි බවට තවදුරටත් සහතික කරනු ලැබේ. තවද හේමාස් රෝහල සතු වෛද්‍ය කාර්ය මණ්ඩල රෝගීන්ගේ සුරක්ෂිතාව පිළිබඳ විශේෂිත පුහුණුවක් ලැබූ අය වීම ද ඉතා වැදගත්.

ACHSI ජාත්‍යන්තර ප්‍රමිතිකරණ සහතිකය

මෙම සහතිකය රෝහල් ප්‍රමිතිකරණය පිළිබඳ ඕස්ට්‍රේලියානු කවුන්සිලය මඟින් සෑම වසර 4කට වරක් යාවත්කාලීන කරනු ලැබේ. වත්තල හේමාස් රෝහලට එය මුලින්ම හිමිවූයේ 2011 වසරේදී වන අතර වසර 4කට පසු 2015 දී ඒ සඳහා නැවත හිමිකම් ලබා ගැනීමට හැකි වූයේ ප්‍රමිතිකරණය සඳහා විමසා බැලෙන ගුණාංග ඒ අයුරින්ම පවත්වාගෙන යාම නිසාවෙනි. ඒ අනුව 2015 සිට ඉදිරියට වසර 4ක් ඊට හිමිකම් ලැබීම ඉතා විශේෂිතයි. මේ ප්‍රමිතිකරණය යටතේ රෝගි සුරක්ෂිතතාව සහ සුවසත්කාරය ආදී රෝහලේ මෙහෙයුම් කටයුතු නිරන්තර අධීක්ෂණයට ලක් වේ.

ශල්‍යාගාරයෙන් ඔබ්බට ගිය අනෙකුත් අවශ්‍යතා

ශල්‍යාගාර 05 කින් සමන්විත වත්තල හේමාස් රෝහල තුළදී දවසේ ඕනෑම වෙලාවක කිසිදු පොරොත්තු ලේඛනයක නොසිට ශල්‍යකර්මයක් කරා යොමු වීමේ ඉඩ පහසුකම්වලින් සමන්විතයි. ඒ වගේම කුමන හෝ හදිසි තත්ත්වයකදී රෝගියෙකු දැඩි සත්කාර ඒකකයට යොමු කිරීමට අවශ්‍ය වූවොත් ඒ සඳහා අවශ්‍ය දැඩි සත්කාර ඒකක පමණක් නොව රුධිරය ලබා දීමට අවශ්‍ය වූවොත් ඊට අදාළ රුධිර බැංකුවක් ද ඔවුන් සතු වේ.

ශල්‍යකර්මයට පසු විපරම

හේමාස් රෝහල සතු තවත් විශේෂත්වයක් වන්නේ ශල්‍යකර්මයක් සිදු කළ පසුවත් අදාළ රෝගියාගේ සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සිදු කරනු ලබන පසු විපරමයි. බොහෝදුරට මෙම තොරතුරු දුරකථන මාර්ගයෙන් විමසා බලා අවශ්‍ය වූවොත් අදාළ රෝගියාව හමුවීම සඳහා රෝගියාගේ නිවසට වුවද වෛද්‍ය කණ්ඩායමක් යැවීමට පවා අවශ්‍යකරන පහසුකම් රෝහල සතු වේ.

ශල්‍යකර්මයට පැමිණීමට පෙර

යම් රෝගියෙකු ශල්‍යකර්මයකට පැමිණීමට පෙර සිදු කළ යුතු කාර්යයන් බොහෝ තිබේ. ඒ අතර වෛද්‍යවරු මුණගැසීම, වෛද්‍ය වාර්තා ලබා ගැනීම, ස්කෑන් පරීක්ෂණ, රසායනාගාර පහසුකම් මූලිකත්වයක් හිමිකර ගනු ලැබේ. මෙම සියලු සේවාවන් හේමාස් රෝහල තුළ පැවතීම නිසා කාලය වැය කිරීමකින් තොරව හේමාස් රෝහලෙන්ම සිදුකර ගැනීමට රෝගීන්ට හැකියාව ලැබේ.

ස්නායු ශල්‍යකර්ම පිළිබඳ ඉදිරියේදී අවධානය

ඉදිරියේදී හේමාස් රෝහල සතු ශල්‍යාගාර පහසුකම් තවදුරටත් පුළුල් කිරීමට කටයුතු සැලසුම් කිරීමට නියමිත අතර එහිදී උගුර කන නාසය සහ ස්නායු ශල්‍යකර්මවලට වැඩි අවධානයක් යොමු කිරීමට ද නියමිතයි. මේ සඳහා අදාළ ශල්‍යාගාර, උපකරණ මෙන්ම වෛද්‍ය කාර්ය මණ්ඩල පුහුණුව ද මේ වනවිටත් සිදු වෙමින් පවතියි.