ඉකිලි කැසිම වළක්වා ගන්නට නම්...Tinea Cruris

ඉකිලි කැසිම වළක්වා ගන්නට නම්...Tinea Cruris

ඉකිලි කැසීම කියන්නේ මිනිසුන් අතර කතාබහට ලක්වන රෝගී තත්ත්වයක්. මේකට හේතුවෙලා තියෙන්නේ අපේ ඇවතුම් පැවතුම් නිසා කියලා කිව්වොත් නිවැරදියි. තරඟකාරී සමාජ ක්‍රමයක ජීවත්වීම මෙවැනි රෝග තත්ත්වයන්ට කොතරම් දායක වෙනවාද කියලා මේ සාකචඡාවෙන් ඔබට මනාව වැටහේවි.“ඉකිලි කැසීම” වෛද්‍යා විද්‍යානුකුලව හඳුන්වන්නේ ඊඪදඥච ඛ්පභපඪඵ කියන රෝග තත්ත්වය ලෙසයි.

මෙම රෝග තත්ත්වය තිබෙන බොහෝ දෙනෙකුට තමන්ගේ ඉකිලිය ප්‍රදේශයේ, කලවා ප්‍රදේශයේ උඩට වන්නට හා ලිංගික අවයව දෙපස ප්‍රදේශයේ තදබල කැසීමක් ඇතිවෙනවා.විශේෂයෙන් දහඩිය දමන විට ඇතිවන කැසීමක් හෝ රවුම් ආකාරයෙන් හෝ කුඩා ප්‍රදේශයක පැතිරී ගිය අචඵඩ එකක් හෙවත් තද පැහැති සමේ රෝග තත්ත්වයකින් මෙහිදි දක්නට ලැබෙනවා.. මේ රෝග ලක්ෂණ සමුහය කෙටියෙන් “ඉකිලිය කසනවා” හෝ ඉකිලියේ අචඵඩ එකක් ලෙසයි හඳුන්වන්නේ.

් “දිලීර” කාණ්ඩයකට අයත් විෂබීජ වර්ගයක්. නිසායි මේ තත්ත්වයට උදාවන්නේ.. මෙම විෂබිජ වර්ග වෛරස, බැක්ටීරියා, දිලීර, ප්‍රොටසෝවා, හෙමටෝඩා පණුවන් ආදී ලෙස වර්ග කිහිපයකින් හඳුන්වනු ලබනවා. මේ අතරින් “දිලීර” කියන කාණ්ඩයට අයත් විෂබීජයක් වන ච්ඥපථචබධනඩරබඥ නම් වූ කොටසට සාමාන්‍යයෙන් අපි එදිනෙදා ජීවිතයේදී දකින්නට ලැබෙන “පුස්” වර්ගයක් ලෙස හඳුන්වනවා. අපි හැමෝම දන්නා කාරණයක් තමයි දිලීර හෙවත් “පුස්” වලට හැදෙන්න අවශ්‍ය වන්නේ “තෙතමනය හා අඳුර” බව . ඊට අමතරව දිලීරය පවතින්න කිසියම් මතුපිටක් ද අවශ්‍ය වෙනවා. නිතර ඇඳුම් , යට ඇඳුම් ඇඟලාගෙන සිටින අපි දහඩිය මඟින් හා ස්නානය මඟින් අවශ්‍ය තෙතමනයත්, අඳුරත් , ඉකිලිය ප්‍රදේශයේ වැඩිපුර පිරිසුදු නොවෙනා කොටසේ මතුපිටින් මේ දිලීර වර්ධනය සඳහා අවශ්‍ය සාධක සපයා දෙනවා. ඇතැමෙකුª රැකියා ආදී කටයුතු සඳහා උදෑසනම ස්නානය කර පිටත්වීමේදි අදාල ඉකිලි ප්‍රදේශය නිසි පරිදි වියළා ගැනීමට උත්සාහ කරන්නේ නැහැ.එයට එක් හේතුවක් වන්නේ අවශ්‍ය උෂ්ණත්වය උදෑසන නොතිබීමත්, ඒ සමගම යට ඇඳුම් හා අනෙකුත් ඇඳුම් ඇදීම මඟින් එම තෙතමනය තවදුරටත් පවත්වාගෙන යාමත්, සිදුවන නිසායි.

ඒ නිසා විශේෂයෙන් මෙම රෝග තත්ත්වය ඇති අය උදෑසනම ඉකිලිය තෙමීමට ලක්කර ඇඳුම් අඟලා ගෙන යාම රෝග තත්ත්වය උග්‍ර කරවන්නක්.. මෙහිදී “ස්නානය” කිසිවිටෙකත් අවශ්‍ය නොවන බැව් පාඨක ඔබ වරදවා වටහා ගත යුතු නැහැ. ස්නානය හෝ පිරිසුදු කිරිමෙන් පසුව වියළීමට අවශ්‍ය කාලය ලබා දීම මෙහිදී ඉතා වැදගත් වෙනවා.

මීට අමතරව ඝනකම රෙදි වර්ග (උදාහරණ ලෙස ඩෙනිම් කලිසම්) සමඟ සිදුවන අධික දහඩි දැමීමද, සමහර රැකියා සහ ක්‍රීඩා වලට ආවේනික ලෙස සිදුවන අධික දහඩිය දැමීමද මෙම රෝග තත්ත්වය වැඩිදියුණු කරන බැව් සඳහන් කළ යුතු වෙනවා.

රෝගය ඇතිවිම, පැතිරිම හා බෝ වීම වැළැක්වීමට ඉහත කාරණා සඳහා අවධානයක් යොමු කරවිය යුතුම වෙනවා. මෙහිදී ස්නානයෙන් පසුව ඉකිලිය වියළි වීමට ඉඩහැරීමට භාවිතා කරන තුවාලයක් වැනි දෑ බෙදා හදා නොගැනීමත්, ක්‍රීඩා ආදියෙන් පසුව ස්නානය කිරීමත් වැදගත් වෙනවා.

මෙම රෝග තත්ත්වයේදී ඇතිවන රෝග ලක්ෂණ ගැන තව දුරටත් විමසා බලමු. ඉකිලිය ප්‍රදේශය කැසීමට අමතරව කිසියම් දැවිල්ලක් වැනි සංවේදනයක් ද ඇති විය හැකි වෙනවා. රෝගය ඉකිලි ප්‍රදේශයට අමතරව, කලවේ උඩ ප්‍රදේශයටත්, ගුද මාර්ගය ප්‍රදේශයටත්, ලිංගික අවයව ඇති ප්‍රදේශයටත් පහසුවෙන් පැතිරීයා හැකියි. රෝගය ඇතිවුණුු ප්‍රදේශය රතු , දුඔුරු පැහැති, කසන විට කුඩු කුඩු ලෙස කොටස් හැළී යන හෝ අදාල සම මඳක් පුපුරා යන ලෙස හෝ දක්නට ලැබෙනවා. මීට අමතරව අදාල රෝගී ප්‍රදේශය ඛ්ඒව්ච්ධ්ච්ඒ ලෙස හඳුන්වන තවත් දිලීර වර්ගයක්ද ප්‍රති ආසාදනය විය හැකි වනවා.

රෝගයට ඇති ප්‍රතිකාර ගැන සඳහන් කිරීමේදී දිලීර නාශක ක්‍රීම්, ආලේපන හෝ දියර වර්ග වෛද්‍යවරයා විසින් නියම කරනු ලබනවා. මෙහිදී ඒලධතඥ නම් වූ රසායනික කාණ්ඩයට අයත් නොයෙකුත් ඖෂධ ක්‍රීම් හා ආලේපන වර්ග බොහෝ විට භාවිතා කරනු ලබනවා. දිලීර ආසාදන නිසා ඇතිවන “කැසීම” අධික නම් ඒ සඳහා ඉබඥපධඪඤ කාණ්ඩයට අයත් ක්‍රීම් වර්ග දිලීර නාශක සමඟ මිශ්‍රකර ආලේප කරනු ලබනවා. කිසිවිටෙකත් “කැසීම” යන රෝග ලක්ෂණ පමණක් සඳහා වූ ඉබඥපධඪඤ ක්‍රීම් වර්ග දිලීර නාශක නොමැතිව භාවිතා කිරීම සුදුසු වන්නේ නැහැ.

මෙහිදී “දිලීර ආසාදනය” තරමක් උග්‍ර අතට පත්වීමක් සිදුවනවා වෛද්‍ය උපදේශයකින් තොරව, ඖෂධ හල් මඟින් ලබා ගන්නා කැසීම සඳහා පමණක් වු ඉබඥපධඪඤ ආලේපන භාවිතයෙන් රෝග තත්ත්ව උග්‍ර විය හැකියි.රෝග ලක්ෂණ තරමක් වෙනස් වූ සමේ රෝගයක් ලෙස වෛද්‍යවරුන් වෙත ඉදිරිපත් වන අවස්ථා අපි අත්දැක තිබෙනවා. මේ නිසා මේ රෝගයට ප්‍රතිකාර කිරීමේදී වෛද්‍ය උපදෙස් හා වෛද්‍යවරයාට අදාල ස්ථානය මනා ලෙස පෙන්වීම සඳහා පහසු ඇඳුමක් ඇඟලාගෙන යාමත් ඉතා වැදගත් වනවා.

මීට අමතරව, මින් ඉහත විස්තර කර දුන් ආකාරයට රෝගය වැළැක්වීමත්, විශේෂයෙන් රාත්‍රී කාලයේදී ඉකිලිය ප්‍රදේශය වියළිව තබා ගැනීම පහසුවන පිණිස ඇඳුම් ඇඳීම හා සුළං වැදීමට පහසුවන ඇඳුම් පැළඳුම් තෝරා ගැනීමත්, ස්නානය කරන විට ඉකිලිය ප්‍රදේශය සබන් ගා අතුල්ලා මනා ලෙස පිරිසුදු කර ගැනීමත් ප්‍රතිකාරයට අමතරව රෝගියා විසින් කළ යුතු කාර්යයක් වෙනවා.