ශ්‍රවණ ඌනතාවයන්ට බලපාන සාධක

ශ්‍රවණ ඌනතාවයන්ට බලපාන සාධක

සමාජයේ බොහෝ පුද්ගලයන් තමාට ශ්‍රවණ ඌනතාවක් ඇති බව නොදනී.

ශ්‍රවණ ඌනතාවක් ඇති වීමට පහත සඳහන් කරුණු බොහෝවිට බලපෑ හැක.

* හදිසි අනතුරු

* හිසට හෝ කනට වන හානි

* අධික ශබ්දවලට දිගුකලක් සවන්දීම

* බෝවෙන රෝග වැළඳීම - (කම්මුල්ගාය, සරම්ප, ජර්මන් සරම්ප වැනි)

* කනෙහි ඇතිවන රෝග තත්ත්වයන් (කනෙහි සැරව, කර්ණ අස්ථිවල අක්‍රමික පිහිටීම්, කන් බෙරය තුවාල වීම, කනෙහි කළාදුරු පිරීම වැනි)

* ඉතා අධික ශබ්දයකට එකවර නිරාවරණය වීම - රතිඤ්ඤා,බෝම්බ වැනි)

* වයස්ගතවීම

ඉහත සඳහන් කරුණු එකක් හෝ කීපයක් නිසා ඇසීම අඩුවිය හැක. නමුත් බොහෝ අයට ඒ පිළිබඳ අවබෝධයක් නැත.

එවැනි පුද්ගලයන් හඳුනාගන්නේ කෙසේද?

* දුරකථනයෙන් එන හඬ පැහැදිලිව ඇසීමේ අපහසුතාවක්

* ආපනශාලා, චිත්‍රපටශාලා, සාප්පු සංකීර්ණ වැනි ඝෝෂාකාරී පරිසරයකදී කථාබහ අසාගැනීමට අපහසුතාව

* පවුලේ අය හෝ මිතුරන් හෝ පාසලේ අය හා කථා කිරීමේදී ඔවුන් ප්‍රකාශ කරන දේ නැවත නැවත කීමට සිදුවීම.

* අසන දෙයට හාත්පස වෙනස් පිළිතුරක් දීම

* දුරකථන හඬ, සීනු හඬ අන් අයට ඇසුනත් අදාල තැනැත්තාට නොඇසීම

* ගුවන්විදුලිය, රූපවාහිනිය, හඬ වැඩිකොට ඇසීම නැතහොත් එය ළඟට ගොස් ඇසීම

* කථාකරන පුද්ගලයාගේ මුහුණ දෙස බලා සිටීම

* කථාබහ කරන විට එක් කනක් කථා කරන පුද්ගලයා දෙස හැරවීම

* කන්වල හෝ හෝ වැනි හඬක් ඇසෙන බව කීම

* නිතර කන්වලින් සැරව ගැලීම

මෙවැනි ක්‍රියා එකක් හෝ කීපයක් නිතර ඔබ අතින් හෝ ඔබ මව, පියා, ඥාතීන්, දරුවන්, මිතුරන් අතින් සිදුවේ නම් බොහෝදුරට ඔහු/ඇය ඇසීම අඩුකමකින් පෙලෙයි. නමුත් බොහෝවිට ඔවුන් ඒ බව දන්නේ නැත.

ඇතැම්විට ඔවුන් මෙම නොදන්නා ශ්‍රවණ ඌනතාව නිසා සමාජයේදී බොහෝ කරදරවලට මුහුණ දීමට ඉඩ තිබේ.

පාසැල්වියේ දරුවකු නම් ඔහුගේ ඉගෙනීමට බොහෝ ආබාධ ඇතිවෙයි.

මේ නිසා ශ්‍රවණ ඌනතාවයක් ඇතැයි සැකයක් ඇති සෑම කෙනෙකුම ශ්‍රවණ පරීක්ෂණයක් කර ගැනීම හෝ (ඡ්ව්ඊ) උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු වෙත යොමු විය යුතුයි.