මේ ඖෂධීය පැලෑටි ගෙවත්තේ වවාගත්තොත් හොඳ නැද්ද?

මේ ඖෂධීය පැලෑටි ගෙවත්තේ වවාගත්තොත් හොඳ නැද්ද?

මිනිසාගේ බොහෝ අවශ්‍යතා සපුරාලීමටත් පරිසරයේ සමතුලිතභාවය ආරක්ෂා කර ගැනීමටත් ශාක මහඟු සේවයක් ඉටු කරයි. මෙම මහඟු මෙහෙය අනාදිමත් කලක පටන්ම සිදුකරනුයේ අපූරු සම්බන්ධයක් ගොඩනඟාගෙනය. මෙම අපූරු ප්‍රවේණිගත සම්බන්ධය මනුෂ්‍යයාගේ දියුණුවටද හේතුවිය. පැලෑටිය ශාක ලෝකයේ එක් පුරුකක් පමණි. රෝග දුරුකිරීමේ හැකියාව ඇත. සියලු මනුෂ්‍ය අවශ්‍යතා සම්පූර්ණ කරන්නට සමත් පැලෑටි සිය දහස් ගණන් මේ මිහිමත විරාජමානව වැජඹේ. ඖෂධීය පැලෑටි අතරින් අපගේ අවශ්‍යතා සපුරන ශාක වර්ග කිහිපයක් අද විමසුමට ලක්කරමු.

ඉගුරු

අමු ඉඟුරුවල අල ඖෂධයක් ලෙස භාවිතා කරයි. අමු ඉඟුරු සහ වියලි ඉඟුරු අතර ගුණ වෙනස් වෙයි. අමු ඉඟුරු පිත සමනය කරයි. බඩගිනි ඇති කරයි. ආහාර දිරවීම පහසු කරයි. හෘදයට හිතකර වෙයි. මලබද්ධය හා වමනය නැතිකර දමයි. ආහාර දිරවීම පහසු කරයි. ශීත ගුණයෙන් යුක්තයි.

උදරාබාධවලදී අමු ඉඟුරු යුෂ මී පැණි සමඟ පානය කරීමෙන් සුවය ලැබෙයි. වේදනා නාශකයක් වන අමු ඉඟුරු අභ්‍යන්තර හා බාහිර වශයෙන් ගත හැකිය. ප්‍රතිශක්තිය වර්ධනය කරයි.

රුධිරය පිරිසුදු කිරීමට උදව් වේ. අමු ඉඟුරු යුෂ හා දෙහි යුෂ මීපැණි සමඟින් මිශ්‍ර කර පානය කිරීමෙන් අජීරණය දුරු වේ. අමු ඉඟුරු සහ සුදු ලූණු ගෙන කෂාය කර බීමෙන් සිරුරේ වේදනාව අඩුවෙයි. අමු ඉඟුරු යුෂ ජනප්‍රිය පානයකි. එය රසවත්ය.

අමු ඉඟුරු දෙහි දමා ජින්ජර් බියර් ලෙසද වෙළෙඳපලේ දැකිය හැකි. සුළු අත්බෙහෙතක් සඳහා අවශ්‍ය ඖෂධයක් වුවද මෙම පැලෑටිය දැකිය හැක්කේ කලාතුරකිනි.

නමුදු පැරැණ්නෝ තම ගෙවත්තේ ඉගුරු පැලෑටියක් සිටුවා ගැනීමට අමතක නොකළහ. රස කැවිලි අතර ඉගුරු දෝසි ඉතාම අගනා ප්‍රනීත රස කැවිල්ලක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රකටය.

අමු ඉගුරු, නික කොළ සහ පාවට්ටා කොළ කොටා වණ්ඩුවේ තම්බා තැවීමෙන් මංශ පේෂි වේදනා අඩුවේ.

සෙම්ප්‍රතිශා උණට කොත්තමල්ලිවලට ඉඟුරු පෙති කිහිපයක් දමා තම්බා බීම සුදුසුය.

නෙල්ලි

මධුර, අම්ල, කටුක, තිත්ත සහ කහට යන පංච රසයෙන් යුක්ත නෙල්ලි කොළ සහ ගෙඩි හොඳ ඖෂධ ලෙස භාවිතා කරයි. එසේම නෙල්ලි ශාකයේ අමු හා වියලි ඵල, කොළ, පොතු මෙන්ම මල්ද ඖෂධීය ගුණයෙන් අනූනය. මුඛයේ හටගන්නා තුවාල මෙන්ම කල්ගිය සුව නොවන්නා වූ අනෙකුත් තුවාල සේදීමට නෙල්ලි කොළ භාවිතා කරයි.

සිරුරේ සියලු රෝග දුරු කිරීමට දිනපතා නෙල්ලි ගෙඩියක් අනුභවය සඳහා සුදුසු යැයි ව්‍යවහාරයේ වේ. මෙහි පලතුරක් ලෙස සියලුම පෝෂක කොටස් අන්තරගතයි. බහුලව ඇත්තේ විටමින් සී හා කැල්සියම්ය.

දියවැඩියාව සඳහා සුදුසුම ඒකීය ඖෂධයක් ලෙස නෙල්ලි භාවිතා කළ හැකියි. ඊට අමතරව ත්‍රිදෝෂ සමනය කරයි. නෙල්ලි දලු තම්බා සේදීම තුළින් අක්ෂි රෝග සුව වේ.

නෙල්ලි ගෙඩි දෙකක් තලා වතුර වීදුරුවකට දමා උදේ පාන්දර හිස්බඩ බීමෙන් රුධිරයේ පවතින සීනි ප්‍රමාණය අඩුකරගත හැකියි. එමෙන්ම අම්ල පිත්ත රෝගයේදී නෙල්ලි ගෙඩියක් තලා වතුර වීදුරුවකට දමා බීමෙන් හෝ පැසුණු නෙල්ල ආහාරයට ගැනීමෙන් රෝග සුව කර ගැනීමට හැකි බව කියැවේ.

අමු නෙල්ලි පලතුරක් ලෙස භාවිතා වන අතර වියලි නෙල්ලි ඖෂධ සඳහා භාවිතා වේ. වයසට යාමත් සමඟ ඇතිවන කැල්සියම් හිඟවීමේ රෝගයට වියලි නෙල්ල චූර්ණය භාවිතා කළ හැකියි. මන්දයත් අස්ථි දුර්වලවීම සුවවන බැවිනි.

නෙල්ලි රසකිඳ එකට අඹරා සාදාගන්නා කල්කය අර්ශස් රෝග සුවයට හිතකරයි. මුත්‍රදාහය සංසිඳුවීමට ගුණදායක පානයකි. කෙස් වැඩීමටද නෙල්ලි උපයෝගී වේ. හිස්හොරි මර්ධනයට නෙල්ලි, දෙහි, හා උළුහාල් තම්බා වතුරින් හිස සේදීම හොඳ ප්‍රතිකාරයකි.

කහ

සෙවණ ප්‍රිය කරන ශාකයක් වන කහ, මල්, කොළ, අල ඖෂධ වශයෙන් ගත හැකියි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරන ඉතාම හොඳ ඖෂධයකි. ප්‍රති ඔක්ෂිකාරක ගුණයෙන් යුක්තයි. ශරීරයේ ප්‍රතිශක්තිය වර්ධනය කරයි. විෂබීජ නාශක ගුණයෙක් යුක්තයි. ආහාරවල පවතින විස නසයි.

චර්ම රෝග වලට සුදුසුයි.

චර්ම රෝග සඳහා භාවිතා වෙයි. සම පැහැපත් වෙයි. සමේ වර්ණය ඇති කරයි. සමෙහි විස ඇත්නම් දුරු කරයි. කැඩුම් බිඳුම් සඳහා භාවිතා කරයි. කුඩා ළමුන්ගේ සමෙහි රෝග දුරු කිරීමට සම වර්ණවත් කිරීමට කහ සහ වෙනිවැල්ගැට දමා තැම්බූ වතුරෙන් ස්නානය සුදුසුයි.

විෂබීජ නසයි.

කහ කුඩු දුම ඇල්ලීමෙන් විෂබීජ නසයි. කහ දියර ඉසීමෙන්ද එම ගුණය ලබාගත හැකියි. කහ කුඩු ආහාරයට ගැනීමෙන් රුධිරගත රෝග දුරුවෙයි. කහකුඩු භාවිතා කිරීමෙන් දියමැටියා රෝගය අඩුවෙයි. වාතරක්ත, කුෂ්ඨ රෝගවලදී කහ භාවිතා වෙයි. කහ කුඩු මී පැණි සමඟ ආහාරයට ගැනීමෙන් පීනස රෝගය සුවවෙයි.

අමු කහ, කොහොඹ කොළ තම්බා ඇඟ සේදීමෙන් චර්ම රෝග සුවවෙයි.