අපට ශරීරගතවිය හැකි 'විෂ' (Poison) හඳුනාගනිමු

අපට ශරීරගතවිය හැකි 'විෂ' (Poison) හඳුනාගනිමු

වසවිස දැන් අපගේ ජීවිත හා බද්ධ වී හමාරය. එබැවින් අප දැන් හැකිතාක් සැලකිලිමත් විය යුත්තේ වසවිස හඳුනාගැනීමටත් ඉන් හැකිතාක් ආරක්ෂා වීම හා එබඳු අනතුරකට මුහුණ පෑවිට හැකි ඉක්මණින් මතුවිය හැකි අවදානම් තත්ත්ව වලින් මිදීම පිළිබඳවත්ය. එබැවින් අප වස පිළිබඳ දැනුවත් වීම වැදගත්ය.

වස (Poison)

වස යනු ශරීරගත වුවහොත් හානිකර අයුරින් බලපාන ද්‍රව්‍යයකි.

විෂ හෙවත් ධූලක (Toxin)

සාමාන්‍ය ව්‍යවහාරයේ ඇති වස විෂ යන්න වෛද්‍ය විද්‍යාත්මකව ධූලක ලෙස හැඳින්වේ.

විෂ සමෙහි තැවරීමෙන්, ඇස්වල තැවරීමෙන්, ආඝ්‍රාණය කිරීමෙන්, මුඛ මාර්ගයෙන් සහ එන්නත් කිරීම ආදී කිහිප ආකාරයකින් සිදුවිය හැක. විෂවීමක් සිදුවූ අවස්ථාවක රෝගීයා රෝහල් ගත කිරීමට පෙර ප්‍රථමාධාර ලබාදීම ඉතා වැදගත්ය. තවද එක්වරම යම් පුද්ගලයකු හේතුවක් නොමැතිව රෝගී වූ විට හෝ පිරිසිදු වාතාශ්‍රය නොමැති ස්ථානයකදී අපහසුතාවකට පත්වූ විට එය විෂවීමක් සිදුවූ අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

තවද විෂවීමක් සිදුවූ විට රෝග ලක්ෂණ ඇතිවීමට යමිකිසි කාලයක් ගතවිය හැක. එබැවින් විෂවීමක් සිදුවූ බව දැනසිටියේ නම් ප්‍රථමාධාර ලබාදීමට රෝග ලක්ෂණ ඇතිවන තෙක් බලා සිටීම සුදුසු නැත.

විෂවීම් සඳහා හේතුවන ද්‍රව්‍ය හඳුනාගනිමු

කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ්, ක්ලෝරීන්, හයිඩ්‍රජන් සයිනයිඩ් වැනි වායු වර්ග මඟින් සිදුවන විෂවීම්

* ඇතැම් ආහාර වර්ග

* රසායනික ද්‍රව්‍ය

* ඖෂධ (බෙහෙත් තුණ්ඩුවක් රහිතව හෝ සහිතව ලබාගත හැකි ඖෂධ) සහ හෙරොයින් මෝෆින්, කොකේන් වැනි මත්ද්‍රව්‍ය

* ගෘහාශි‍්‍රත විෂ ද්‍රව්‍ය (සේදුම්කාරක, පිරිසිදුකාරක)

* ගෘහාශි‍්‍රත පැළෑටි සහ අනෙකුත් පැළෑටි

* සත්ත්ව විෂවීම් (සර්ප දෂ්ටන සහ අනිකුත් විෂ සහිත සතුන්)

* පළිබෝධනාශක

* බැරලෝහ සහ තීන්ත වර්ග

විෂවීම් නිසා ඇති විය හැකි රෝග ලක්ෂණ හඳුනාගනිමු

* සමහර විෂ වර්ග හේතුවෙන් මුඛයේ සහ තොල්වල ඉදිමීම රතුවීම සහ මුඛය වටා තුවාල වීම සිදුවිය හැක. තවත් විෂ ද්‍රව්‍යවලින් තොල් නිල්පැහැ වීම සිදුවේ.

* සමහර රසායනික ද්‍රව්‍ය විෂවීම්වලින් ආශ්වාස කිරීමේදී ඒවාට ආවේනික ගන්ධයක් නැතිවිය හැක. උදා, ගැසලින්, තීන්ත, තිනර්, නැෆ්තලින්

* රෝගියා ඇඳ සිටි ඇඳුම්වල සහ රෝගියා සිටි ස්ථානයේ බිම, පාපිසි, ලී බඩු ආදියෙහි පිළිස්සීම් පැල්ලම් සහ ගන්ධයක් තිබිය හැක.

* බෙහෙත් අඩංගු හිස්බෝතල් සහ විසිරුණු බෙහෙත් පෙති රෝගියා අවට තිබිය හැක.

* නිදිමත ගතිය, ව්‍යාකූලත්වය, කරකැවිල්ල, හිසරදය, වලිප්පුව, ශරීරය දුර්වලවීම, සිහිනැතිවීම, මාංශ පේශි නැටීම, අසාමාන්‍ය හැසිරීම, ද්විත්ව දර්ශනය නුරුස්සනා ගතිය

* උදර වේදනාව, පාචනය, වමනය, ඔක්කාරය, ආහාර අරුචිය

* ඇස්වල සහ සමෙහි දැවිල්ල

* කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා

* හතිය

* පාලනයකින් තොරව මුත්‍රා පිටවීම (මුත්‍රාශයේ පාලනය නැතිවීම)

* සමෙහි පිළිස්සීම් සහ ආසාදන තත්ත්ව

විෂවීම් වළක්වා ගැනීම සඳහා

නිවසේ සහ නිවෙස අවට ඇති විෂ ද්‍රව්‍ය පිළිබඳව දැනුවත් වීම වැදගත්ය. විශේෂයෙන්ම නිවසේ ඇති විෂ ද්‍රව්‍යවලින් කුඩා දරුවන් ඈත්කර ආරක්ෂා කරගත යුතුය. එහිදී ඖෂධ, පිරිසිදුකාර, ආලේපන වර්ග සහ ගෘහාශි‍්‍රත විෂ ද්‍රව්‍ය කුඩා දරුවන්ගෙන් ඈත්කර ඉබි යතුරු දමූ කබඩයක් තුළ තැබීම සුදුසුය.

එමෙන්ම නිවසේ සහ අවට පරිසරයේ ඇති ශාක වර්ග පිළිබඳව දැනුමක් ලබාතිබීම වැදගත්ය. විෂ සහිත ශාක ගෙවත්තේ ඇත්නම් ඒවා ඉවත් කිරීම වැදගත්වේ. විශේෂයෙන්ම නොදන්නා ශාක වර්ග හතුවර්ග ආදිය ආහාරයට නොගත යුතුය. කුඩා දරුවන් හට විෂ අඩංගු ද්‍රව්‍යවල අනතුරුදායක බව පිළිබඳ පහදාදී දැනුවත් කිරීම වැදගත්වේ. තවද විෂ අඩංගු ද්‍රව්‍ය ලේබල කොට තැබීම සුදුසුය. එසේ ලේබල කොට ඇතත් ගෘහාශි‍්‍රතව ඇති රසායනික ද්‍රව්‍ය ආහාර බඳුන්තුළ ගබඩා කොට තැබීම නොකළ යුතුය. මේවාට අමතරව කර්මාන්ත ශාලාවලින් පිටවන විෂ ද්‍රව්‍ය වලින් අවට ප්‍රදේශ සහ ජලය දූෂණය වන්නේ නම් ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට හෝ මහජාන සෞඛ්‍ය පරීක්ෂකවරයාට පැමිණිලි කිරීම ඔබට කළ හැක.

විෂවීම් නිසා ඇති විය හැකි රෝග ලක්ෂණ හඳුනාගනිමු

* සමහර විෂ වර්ග හේතුවෙන් මුඛයේ සහ තොල්වල ඉදිමීම රතුවීම සහ මුඛය වටා තුවාල වීම සිදුවිය හැක. තවත් විෂ ද්‍රව්‍යවලින් තොල් නිල්පැහැ වීම සිදුවේ.

* සමහර රසායනික ද්‍රව්‍ය විෂවීම්වලින් ආශ්වාස කිරීමේදී ඒවාට ආවේනික ගන්ධයක් නැතිවිය හැක. උදා, ගැසලින්, තීන්ත, තිනර්, නැෆ්තලින්

* රෝගියා හැඳ සිටි ඇඳුම්වල සහ රෝගියා සිටි ස්ථානයේ බිම, පාපිසි, ලී බඩු ආදියෙහි පිළිස්සීම් පැල්ලම් සහ ගන්ධයක් තිබිය හැක.

* බෙහෙත් අඩංගු හිස්බෝතල් සහ විසිරුණු බෙහෙත් පෙති රෝගියා අවට තිබිය හැක.

* නිදිමත ගතිය, ව්‍යාකූලත්වය, කරකැවිල්ල, හිසරදය, වලිප්පුව, ශරීරය දුර්වලවීම, සිහිනැතිවීම, මාංශ පේශි නැටීම, අසාමාන්‍ය හැසිරීම, ද්විත්ව දර්ශනය නුරුස්සනා ගතිය

* උදර වේදනාව, පාචනය, වමනය, ඔක්කාරය, ආහාර අරුචිය

* ඇස්වල සහ සමෙහි දැවිල්ල

* කැස්ස, හුස්ම ගැනීමේ අපහසුතා

* හතිය

* පාලනයකින් තොරව මුත්‍රා පිටවීම (මුත්‍රාශයේ පාලනය නැතිවීම)

* සමෙහි පිළිස්සීම් සහ ආසාදන තත්ත්ව හටගත හැකිය