රෝගයක පෙර නිමිති හඟවන උණ

රෝගයක පෙර නිමිති හඟවන උණ

කෙනෙකුගේ ශරීරයේ සාමාන්‍ය උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක 36 සිට 17 දක්වා (ෆැරන්හයිට් අංශක 96.8-98.6) දක්වා විය හැක. ශරීරයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේ්ඩ් අංශක 37.7(ෆැරන්හයිට් අංශක 100) වැඩි වුවහොත් ඔහුට උණ සෑදී ඇතැයි සිතමු. ශරීරයේ ක්‍රියාකාරීත්වය අනුව, ශරීරයේ උෂ්ණත්වයේ සුළු වෙනසක් සිදුවීමට පුළුවන. ශරීරයේ ක්‍රියාකාරීත්වය අඩු නිසා උදේ පාන්දරම ශරීරයේ උෂ්ණත්වය අඩුය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වන විට ශරීරයේ උෂ්ණත්වයද වැඩිය. ශරීරය වෙහෙසෙන විට හා හවස් වන විට ශරීරයෙ විවිධ කොටස්වල වුවද උෂ්ණත්වය සුළු වශයෙන් වෙනස් වන්නට පුළුවන.

"උණ වැඩිවන තරමට රෝගයත් උත්සන්නය." යන්න වැරදි වැටහීමකි. සමහර විට සෙම් ගෙඩි ආසාදනය වූවෙකුගේ උණ ෆැරන්හයිට් අංශක 105ට නැඟ තිබෙන විට ඊට වඩා භයානක රෝගයන් වන ලියුකේමියාවෙන් පෙළෙන දරුවකුගේ උණ එතරම් වැඩි වී නොතිබෙන්නට පුළුවන.

ෆැරන්හයිට් 101ට සටහන් වී ඇති දරුවන්ගේ නියුමෝනියාව හෝ මොළයෙ උණ අංශක 104 ට සටහන් වූ දරුවාට වඩා අසාධ්‍ය විය හැක. එබැවින් රෝගයේ බැරෑරුම්කම විනිශ්චය කිරීමට උණ හැරෙන්නට අනෙක් රෝග ලක්ෂණ පරීක්ෂා කිරීම අවශ්‍ය වේ.

කෙනෙකුගේ නළලට අත ( පිට අත්ල) තැබූ විට ඔහුගේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වී නැත්නම් එය දැනගන්නට පුළුවනි. එහෙත් ශරීරයේ උෂ්ණත්වය මැන ගැනීමේ නිවැරැදි ක්‍රමය උණ කටුවක් හෙවත් උෂ්ණත්වමානයක් (ඊඩඥපථධථඥබඥප) භාවිතා කිරීමයි.

උෂ්ණත්වමාන ප්‍රධාන වශයෙන් වර්ග තුනකි.

01. රසදිය උෂ්ණත්වමානය

02. අංක වැටෙන ඉලෙක්ට්‍රොනික්

උෂ්ණත්වමානය

03. උෂ්ණත්වය අනුව පාට වෙනස් වන නළලේ අලවන පටියක් බඳු උෂ්ණත්වමානය

උෂ්ණත්වමානය

අප රටේ වැඩිපුර භාවිතා කරන ඒ වගේම ඉතාමත් නිවැරැදිව උෂ්ණත්වය සටහන් කරගත හැකි උෂ්ණතත්වමානය නම් රසදිය උෂ්ණත්වමානය යි. අවුරදු 1 1/2ට අඩු දරුවන්ගේ උෂ්ණත්වය මැනීමට උෂ්්ණත්වමානය ගුද මාර්ගයට ඇතුළත් කළ හැකි. දරුවාගේ වයස අවුරදු 1 1/2 සිට අවුරදු 6 දක්වා උෂ්ණත්වමානය කිහිල්ලේ තබා උෂ්ණත්වය සටහන් කළ හැක. ඊට පසු දරුවාට දැනුම් තේරුම් ඇති බැවින් උෂ්ණත්වමානය දිව යට තබා උෂ්ණත්වය මැණිය හැකිය.

උෂ්ණත්වමානය නිවැරැදිව භාවිතා කරන අයුරු.

ඐ උණ බැසීමට ප්‍රථම එහි ඉහළ කෙළවරින් අල්ලා රසදිය කඳ සෙන්ට්‍රිග්‍රේඩ් 35(ෆැරන්හයිට් 95) ලකුණට පහළට යන තුරු පහළට ගසන්න.

ඐ කුඩා දරුවකුගේ ගුද මාර්ගයට උණ කටුව ඇතුල් කිරීමට පෙර තෙල් ටිකක් හෝ බේබි ක්‍රීම් ටිකක් රසදිය බල්බයේ ගල්වන්න. උෂ්ණත්වමානය ගුදය තුළට අඟලක් පමණ ඇතුලු කර විනාඩි 2 ක් පමණ තැබීමෙන් පසු උෂ්ණත්වය කියවන්න.

ඐ ඔබ මුඛයෙන් උෂ්ණත්වය මනින්නේ නම් කට ඇර උණකටුව දිව යට තබා තොල්පට (දත් නොවේ) තදකර පියවන්නට උපදෙස් දෙන්න. උණකටුව මුඛයේ බහා විනාඩි දෙකකට පසු උෂ්ණත්වය සටහන් කරන්න.

ඐ උණකටුව කිහිල්ලේ තබා ද ඔබට උෂ්ණත්වය මැනගත හැක. කිහිල්ල විවෘත වන පරිදි අත ඔසවා උණකටුවේ රසදිය බල්බය කිහිල්ලේ තබා විනාඩි දෙකකට පසු උණ වැඩි වී ඇත්දැයි බලන්න කිහිල්ලේ උෂ්ණත්වය ශරීරයේ උෂ්ණත්වයට වඩා සෙන්ට්‍රිග්‍රේඩ් අංශක දශම 6ක් හෝ ෆැරන්හයිට් අංශක 1ක් පමණ අඩු බව මතක තබාගන්න.

ඐ දුව පැන සෙල්ලම් කර අවසාන වූ වහාම උෂ්ණත්වය මනින් න එපා . එය වැරදියි.

ඐ දරුවාගේ කටේ උණකටුව තබා එහෙ මෙහෙ නොයන්න.

ඐ උණ බැලීමෙන් පසුව උණකටුව සබන් යොදා ඇල්වතුරෙන් සෝදා එහි කොපුවේ බහාලන්න.

ඐ උණකටුව උණු වතුරේ දමන්න එපා රසදිය කඳ ප්‍රසාරණය වී එය පුපුරා යා හැක.

උණ, රෝගයක් නොවේ. ශරීරයට වැළඳී ඇති රෝගයක් නිසා ඇති වූ රෝග ලක්ෂණයක් පමණි. ශරීරයට ඇතුලු වූ රෝග කාරක විෂබීජයක් සමඟ ශරීරයේ ආරක්ෂක හමුදාවන් සටන් වදින විට ඇතිවන ප්‍රතිඵලයකි. එක අතකින් බලන විට ඉහළ ගිය උෂ්ණත්වය ශරීරයට හිතකර ප්‍රතිඵලයකි. අනෙක් පැත්තෙන් ඔබට හෝ ඔබේ දරවාට රෝගය වැළඳී ඇති බවට කල්තියා කරන අනතුරු ඇඟවීමක් ලෙස ද එය සැලකිය හැකිය. රෝගයට කරන ප්‍රතිකාරයත් සමඟ උණ අඩුවන්නේ නැතිනම් එයින් කියන්නේ දෙන ඖෂධ(බොහෝ විට ප්‍රතිජීවක) රෝගකාරක විෂබීජය විනාශ කිරීම සමත් නොවන බවයි. දවසේදී උණ වෙනස් වන රටාවද රෝගය (මැලේරියාව, උණසන්නිපාතය, ඩෙංගු ආදී වශයෙන්) තේරුම් ගැනීමට උදව් වේ.

කෙසේ වුවත් අධික උණ ශරීරයට වේදනාකාරීය. විශේෂයෙන්ම කුඩා දරුවන්ට එමඟින් වලිප්පුව ඇති විය හැකි. එයට හේතුව කුඩා දරුවන්ගේ මොළයේ නොමේරු බවයි. මොළයේ ඇති උෂ්ණත්වය පාලනය කිරිමේ මධ්‍යස්ථානය හොඳින් වැඩී නැති නිසා ඉහළ යෑමෙන් වලිප්පුව ඇති වේ.

උණ ඇති දරුවකුගේ ශරීරය ආවරණය කර ඇති ඝන රෙදි ඉවත් කරන්න. සැහැල්ලු කපු ඇඳුමකින් පමණක් ශරීරය ආවරණය වන සේ සකසන්න. ශරීරයේ උෂ්ණත්වය සෙන්ට්‍රිග්‍රේඩ් 39 (ෆැරන්හයිට් 102.2)ට වැඩි නම් දරුවාට කිසිවක් පොරවන්න එපා.

දරුවාගේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් 40 (ෆැරන්හයිට් 104)ට වැඩියෙන් පැය භාගයකට වඩා පවතින්නේ නම් ඇල් මැරූ දිය ප්‍රතිකාරය සුදුසුය. ඇල්මැරූ වතුර මිස සීතල වතුර කිසි විටෙකත් පාවිච්චි කරන්න එපා. ඇල්වතුර නිසා සමෙහි ඇති රුධිරවාහිනී සංකෝචනය වීම නිසා ඇඟේ උණ රැඳී තිබීමට හේතු වේ.

කට ලොකු භාජනයක් (ප්ලාස්ටික් බාල්දියක්, කෝප්පයක් වැනි) ගෙන එය ඔබේ අතට සුවදායක රස්නයක් දැනෙන තරමට අල් මැරූ ජලය දමාගන්න. එයට ලෙහෙසියෙන් පෙඟෙන ෆ්ලැනල් හෝ තුවා වැනකි රෙදි කැබලි කිහිපයක් දමන්න. වැඩි වතුර මිරිකාගත් තුවායෙන බෙල්ලෙන් පහළ මුළු සිරු පුරාම හම රතු පැහැ වන තෙක් තෙත මාත්තු කරන්න. තුවාය රස්නය වන විට ඇල්මැරූ වතුරේ ඇති අනෙක් තුවාය ගෙන ඒ දෙයම කරන්න. ඉන්පසු හම ඉබේ වීයලෙන්නට හරින්න. විනාඩි 5-10 කට පමණ පසු නැවත දරුවාගේ උෂ්ණත්වය බලන්න. අඩු වී ඇත්නම්, ඇල්මැරූ දිය ප්‍රතිකාරය නවත්වන්න. නොරසේ නම් විනාඩ් 5කට වරක් උෂ්ණත්වය මනිමින් ඇල්මැරූ දිය ප්‍රතිකාරය දිගටම කරන්න.

ඇල්මැරූ දිය ප්‍රතිකාරයෙන් පසු දරුවා සැහැල්ලු කපු රෙද්දකින් ආවරණය කරන්න. දරුවාගේ ඇඟට අධික ශීතල දැනෙන්ට ඉඩ හරින්න එපා. මේ අතර වෛද්‍යවරයෙකු මුණගැසෙන්න.