Be Alert

Be Alert

ඇඬීමෙන් ඇස් වලට සිදු වෙන්නේ යහපතක්

හිතට ලොකු දුකක් ආවහම අපිට ඉතිං කරන්න තියෙන එකම දේ හඬන එක තමයි කාන්තාවන්ට නම් අඬනවා කියන්නේ ඒතරම් ආගන්තුක දෙයකුත් නෙමෙයි. හේතුව තමයි ඒ අය හැම "වෙලාවකම ඉන්නේ අඬා ගත්ත ගමන් කියලයි" සමහර අය කථාවට කියන්නේ ඒ කථාව කොහොම වුණත් මේ ලෝකෙට එන ඕනම කෙනෙක් මව් කුසින් මෙලොව එළිය දකින්නේම අඬාගෙනමයි. ඒ විතරක්ද අපට සමීපතම කෙනෙක් මිය ගියාමත් හිතට දැනෙන දුක වේදනාව පිට කරන්න අපට තිබෙන එකම ක්‍රමය තමයි අඬනවා කියන්නේ.ඇඬීම කියන්නේ ඉතාම ස්වභාවිකව සංසිද්ධියක් වුණත් අනවශ්‍ය වදිහට අඬනවා කියන එක නම් ඒතරම් හොඳ දෙයක් නෙමෙයි.

ඇඬිී්ම ගැන සමාජයේ තියෙන මේ විදිහේ කථා බහ අතරේ වෛද්‍ය විද්‍යාත්මකව ඇඬීම නිසා ඇසට ලැබෙන වාසි මොනවාද කියලා දැන ගන්න බොහෝ දෙනෙක් කැමති ඇති.

වෛද්‍ය විද්‍යාත්මක විමසා බලන විට නම් ඇඬීම නිසා ඇසට සිදුවෙන්නේ යහපතක්. ඒ කියන්නේ යම් කෙනෙක් අඬනකොට ඇසෙන් කදුළු පිටතට යන නිසා ඇසේ තියෙන කුණු දුහුවිලි ඉවත්වෙලා ඇස් පිරිසුදු වීමක් සිදුවෙනවා. ඒත් සමාජයේ කවුරුත් කියන්නේ අඬන එක ඇස්වලට හොඳ නැහැ කියලා. ඒ කථාවේ කිසිම විද්‍යාත්මක පදනමක් නැහැ ඒ නිසා ඔබ අඬන හේතුව කුමක් වුණත් ඒ නිසා සිදුවෙන යහපත ගැන හිතලා ඔබේ දුක නැති කර ගන්න අදින් පස්සේ

ඔබට හැකි වේවි.

මව්පියන්ට දියවැඩියාව නම් දරුවන්ටත් දියවැඩියාව හැදෙනවාද?

"ගහේ කටු උල් කරන්න ඕන නෑ. ආරේ ගති නෑරේ" වගේ කියමන් බොහෝ වෙලාවට දරුවන් මව්පියන් අතර තියෙන සමානකම් ගැන කියන්න බොහෝ වෙලාවට යොදා ගන්නවා. ඒතරමින්ම මාපියන් ගේ ගති ලක්ෂණ දරුවන්ට ජානවලින්ම උරුම වෙලා තියෙන්නේ පුදුමාකර විදිහට. බොහෝ වෙලාවට මේ උරුමය මාපියන්ට උරුම වෙලා තිබෙන හොඳ දේවල්වලින් ලැබුණත් හැම වෙලාවකට එහෙම වෙනවා කියන්න පුළුවන් කමක් නැහැ. හැම වෙලාවකම එහෙම නොවෙනවා කියලා ස්ථීවරම කියන්නත් කාටවත් පුළුවන්කමක් ඇත්තේ නැහැ

මේ කථාව කොහොම වුණත් ගති ලක්ෂණ හැරුණු විට ජානමය බලපෑම මත මාපියන්ගෙන් දරුවට උරුම වන ලෙඩ රෝගත් ඕනෑ තරම් තිබෙනවා. එම රෝග අතර දියවැඩියාව කියන්නේ මේ දවස්වල කා අතරත් කථාබහට ලක්වන ඉතාම ජනප්‍රිය මාතෘකාවක්. මේ කථා බහ අතරේ මවට එහෙමත් නැත්නම් පියාට දියවැඩියාව තිබෙනවා නම් දරුවන් අනිවාර්යයෙන්ම දියවැඩියා රෝගීන් වෙනවා කියලා කවුරුත් කියනවා මේ කථාවේ වෛද්‍ය විද්‍යාත්මක පදනම කුමක්ද?

ඇත්තතෙන්ම දියවැඩියාව වැළදෙන්න ජානමය වශයෙන් යම් බලපෑමක් තියෙනවා නමුත් මව හෝ පියා දියවැඩියා රෝගීන් වූ පමණින් දරුවන් අනිවාර්යයෙන්ම රෝගීන් බවට පත්වෙන්නේ නැහැ. නමුත් ඔවන් නිසි ආකාරව ආහාර පාලනය,ව්‍යායාම ආදිය සිදු නොකළොහොත් අනිවාර්යයෙන්ම ඔවුන්ට ඒ උරුමය කරුමයක් බවට පත්වෙනවා.එසේ වූණත් නිසි පරදි ආහාර ගැනීම වගේම ව්‍යායාම සිදුකිරීමෙන් එවැනි බලපෑමක් තිබෙනවා නම් එය නැති කරගන්නට පුළුවන්.

සපත්තු නිසා පාදවල නියපොතු නරක් වෙනවාද?

අපි කවුරුත් හැම වෙලාවකටම උත්සහ කරන්නේ ලස්සනට ඉන්නටයි. ඒ නිසාම හැම වෙලාවකටම අපිට පුළුවන් උපරිම ආකාරයට ඇඳ පැළඳගෙන ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඒ නිසා නේ ඕනෑම විදිහේ ඇඳුමක් ඇන්දාම කණ්ණාඩිය ඉස්සරහට ගිහින් දෙතුන් පාරක් කැරකි කැරකි හැඩ බලන්නේ.

සමහර වෙලාවට පිරිමි කෙනෙක් නම් තමන් අඳින ඇඳුම් පැළඳුම් ගැන ඒ තරම් හිතුවේ නැති වුණත් සමහර වෙලාවට නම් කාන්තාවන්ට වඩා ඔවුන් තමන්ගේ ඇඳුම් පැළඳුම් ගැන හිතනවා. විශේෂයෙන් කාර්යාල සේවයේ යෙදෙන කෙනෙක් නම් ඒ අවධානය තවත් වැඩියි.

ඇඳුම් පැළඳුම් පිළිබඳ කථාබහේදී සපත්තු ඒ වගේම සෙරප්පු කියන්නෙත් විශේෂයෙන් කථාබහට ලක්වන දෙයක්. ඒ අතරිනුත් සපත්තු කියන්නේ මේ වෙනකොට කාන්තා පිරිමි භේදයකින් තොරව කවුරුත් කවුරුත් පොදුවේ භාවිතා කරන දෙයක්. සපත්තු පැළඳීම පිළිවෙළට ඉන්න හිතන කාටත් අවශ්‍ය දෙයක් වුණත් සපත්තු නිසා සිද්ධ වෙන කරදයක් ගැන ඇතැම් දෙනා නිතර මැසිවිලි නඟනවා. ඒ මැසිවිල්ල තමයි සපත්තු භාවිතය නිසා ඇතැම් අයගේ කකුලේ නියපොතු නරක් වෙනනවා කියන කාරණේ.

වෛද්‍ය විද්‍යාත්මකව විමසා බලන කොට නම් දිගුකාලීනව සපත්තු දැමීම නිසා නියපොතු වලට හානියක් ඇති වන්නේ නම් නැහැ.

නමුත් තෙත කකුල් පිටින් මේස් එක්ක සපත්තු දැම්මොත් නම් දිලීර අසාදන ඇතිවෙලා නියපොතුවලට ගැටලු ඇති කරවන්න පුළුවන්.

මීට අමරතව දවසේ වැඩි කාලයක් මේස් එක්ක සපත්තු දාගෙන ඉන්න කොටත් මේ ගැටලුව ඇති වෙන්න පුළුවන්. ඒ හැරුණාම සපත්තු පළදින හැමෝගෙම සපත්තු පැළැඳි පමණනින් නියපොතු නරක්වෙන්න නම් නහැ.