දරුවන්ගේ කන් ආසාදන කල්ඇතුව හඳුනාගන්න

දරුවන්ගේ කන් ආසාදන කල්ඇතුව හඳුනාගන්න

ආසාදන හඳුනාගැනීම

කන්වල ආසාදන හඳුනාගැනීමට පරීක්ෂණ ගණනාවක්ම භාවිතා කෙරේ. කන් බෙරය නිරීක්ෂණය මඟින් (Auroscope Otoscopes) ටියුනික් ෆෝර්ක් පරීක්ෂණය මඟින් (Tuning fork ) ඕඩියෝ මෙටි (Audiometry) පරීක්ෂණය මඟින් කනට සිදුවී ඇති ආසාදන පිළිබඳ නිගමනයට එළඹිය හැකිය.

ඇතුළු කනේ තරල වැඩිවීමේ ලක්ෂණ

වමනය, කරකැවිල්ල, හිසේ බරගතිය ඇතුළු කනේ තරලය වැඩිවීම නිසා ඇතිවිය හැකි ලක්ෂණයන් වේ. මේ නිසා දරුවන්ගේ මානසික මෙන්ම කායික ශක්තිය ද පිරිහෙයි.

කන මඟින් මොළයට විෂබීජ ආසාදන වීම

කනේ ආසාදන සුව නොවී දිගු කලක් පැවතීම නිසා ඕනෑම තරාතිරමක දරුවකුට මෙන්ම වැඩිහිටියන්ටත් මොළය ආශි‍්‍රත විවිධ රෝගාබාධයන්ට මුහුණදීමට සිදුවේ. කන පිටුපස ඉදිමීම, වලිප්පුව, ඇසේ වේදනාව, හිරුඑළිය බැලීමේ අපහසුතාව, සිහිමඳ ගතිය, බෙල්ලේ නහර තදවීම, මොළය තුළ සැරව ගෙඩි ඇතිවීම කන ආශි‍්‍රත රෝගාබාධ නිසා ඇතිවිය හැකිය.

කන නොඇසී යන්නේ ඇයි?

යුෂ්ටේකීය නාළය අවහිර වීමෙන් මැද කනේ විෂබීජ සහිත තරල එකතු වෙයි. අස්ථි, තරලයේ ගිලීයාම හේතු කොටගෙන ශබ්ද තරංග ගමන් නොකරන හෙයින් නෑසී යයි. එවන් විටක රෝගියා නිර්වින්දනය කොට කන්බෙරය සිදුරු කරමින් එකතු වී ඇති තරලය ඉවත් කර ග්‍රොමට් (Grommet) නම් ටියුබය සවි කිරීම ශල්‍යකර්මයක් මඟින් සිදුකිරීම සාමාන්‍ය සිරිත වේ. නමුත් දරුවා ඉතා ළාබාල නම් වෛද්‍යවරුන්ට වෙනත් ක්‍රියාමාර්ගයක් ඒ සඳහා ගැනීමට සිදුවේ.

කෙසේ වෙතත් Grommet ටියුබය කනට සවිකරන්නේ මාස 06ක් ප්‍රතිකාරකොට ඉන් ප්‍රයෝජනයක් නොවේ නම් පමණි.

Grommet ටියුබය සවිකිරීම හේතුවෙන් මැද කනට හොඳින් වාතය පීඩනය කිරීම නිසා තරලය එකතු නොවේ. තරලය එකතු වන්නේ වාතය අඩු වූ විටය. තරලය නිතර එකතු වේ නම් ශල්‍යකර්ම හැමවිටම සිදුකොට පිරිසිදු කිරීමට අපහසු හෙයින් කුඩා දරුවන්ට ටී. ටියුබයක් (T Tube) සවිකරන අතර එය නැවත ඉවත් කරන්නේ අවුරුදු දොළහේදීය.


ආරෝග්‍යා නිවසටම ගෙන්වා ගැනීමට ඔබට අවස්ථාවක්

ආරෝග්‍යා පුවත්පත වෙළඳපොලෙහි මිළදී ගැනීමේදී අපගේ පාඨකයන් විවිධ ගැටලුවලට මුහුණ දෙන බව දුරකථන පණිවිඩ මඟින් කර්තෘ මණ්ඩලය වෙත වරින්වර පැමිණිලි ලැබී තිබෙනවා.

විශේෂයෙන් I.T.N නාලිකාවේ විකාශය වන Meet your Doctor වැඩසටහනට සතිපතා පැමිණෙන විශේෂඥ වෛද්‍යවරයා සමඟ පවතින සම්මුඛ සාකච්ඡාව ඊට පසුව එළෙඔන බදාදා ආරෝග්‍යා පුවත්පතේ අකුරක් නෑර පළවනවා. මේ වැඩසටහන නරඹන පේ‍්‍රක්ෂකයන් බොහෝ දෙනෙකුට මේ ලිපිය ඇතුළත් ආරෝග්‍යා පුවත්පත මිළදී ගැනීමට නොහැකි වී තිබෙන බව I.T.N ආයතයෙන් අප වෙත දන්වා තිබෙනවා.

එබැවින් ඔබගේ පහසුව සඳහා පහත සඳහන් සහන මිල ගණන් යටතේ ආරෝග්‍යා පුවත්පත තැපෑලෙන් ඔබේ නිවසට ලබා දීමට අප තීරණය කළා. එබැවින් ඔබට මාස 03, මාස 06, වසරකට දායක විය හැකියි. ආරෝග්‍යා පුවත්පතක මිල රු.25 වන අතර වසරකට දායකත්වය ලබා ගන්නේ නම් 20% වට්ටමක් සහිතවත් මාස 06 කට දායකත්වය ලබා ගන්නේ නම් 15% වට්ටමක් සහිතවත් තැපැල් මඟින් ඔබට ආරෝග්‍යා නිවසටම ලබාගත හැකියි.

වසරකට මුදල රු.1,872.00
මාස 06 කට රු. 968.50
මාස 03 කට රු. 533.00

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා ලේක්හවුස් ආයතනයේ බෙදාහැරීම් අංශයේ දුරකථන අංක 011-2429444 කථාකොට ජයමිණී හෝ චින්තකගෙන් වැඩිදුර තොරතුරු විමසන්න.