බියක් ඇති කරගත යුතු නැති බය හිතෙන රෝග ලක්ෂණ

බියක් ඇති කරගත යුතු නැති බය හිතෙන රෝග ලක්ෂණ

මතුවූ ගැටලුව

පාදවල කෙණ්ඩ පෙරළෙයි. සමහරවිට නින්දෙන් ඇහැරෙයි. ඇවිදීම පවා අපහසුය.

ඔබේ අදහස

පාදයේ ලේ නාල තුළ රුධිරය කැටියක් ඇතිවී තිබෙනවා විය හැකියි. ඒ සඳහා ශල්‍යකර්මයක් අවශ්‍යය.

ඇත්තටම කිවහොත්

එක් පේශියක හෝ පේශි සමුහයක හෝ ඇතිවන හදිසි සංකෝචනයක් පමණයි.

එසේ වන්නේ ඇයි ?

පේශිවල අඩු රුධිර ප්‍රමාණයක් ලැබීම, නිදාගෙන අහාර ගැනීම නිසා පේශිවලට සැපයෙන රුධිරය අඩුවී අමාශය වෙත වැඩි රුධිර ප්‍රමාණයක් යොමුවීම, ව්‍යායාම ගැනීම, ඇවිදීම හා ඇඟ වෙහෙසීම නිසා විජලනයකට ලක්ව සිටීම සමඟ පොටෑසියම් මට්ටම අඩුවීම, දුම්පානය කිරීම.

කළ හැක්කේ කුමක්ද?

දුම්පානයෙන් වැළකීම ආහාර ගත් විගස ව්‍යායාම නොකිරීම කෝපි, චොකලට් ගැනීම අඩුකිරිම ඇඳෙන් බැස පය බිමට තද කිරීම සහ දෙපා සම්බාහනය කිරිමව්‍යායාම ගැනීමට පෙර සහ ඇඳට යාමට පෙර පේශි දිගැහැරීම. එවිට පේශීන් සහ කණ්ඩරාවන් හී නම්‍යතාව ඉහළ යන බැවින් සංකෝචනය වීමට ඇති ඉඩකඩ අවමවෙයි. අවිදීමට, දිවීමට, ව්‍යායාම ගැනීමට පෙර කෙසෙල් ගෙඩියක් කෑමට ගන්න. කෙසෙල් පොටෑසියම් බහුලව ඇති ආහාරයකි.

මතුවූ ගැටලුව

නිලංකාරය. ඇඳෙන් නැගිටින විට මුළු කාමරයම ඔබ වටේ කැරකෙනවා මෙන් දැනෙයි.

ඔබේ අදහස

මොළයේ පිළිකාවක් හෝ වෙනත් ගැටයක් වැනි අර්බුදයක්. අධික රුධිර පීඩනය.

ඇත්තටම කිවහොත්

බමන තත්ත්වයකි. මිනිත්තුවක් හෝ අඩු කාලයක් පැවතිය හැකි චලන මායාවකි. මෙය සති කිහිපයක් යනතුරු දිනපතාම පවතී. ඉබේටම නැතිවී යනු ඇත.

එසේ වන්නේ ඇයි ?

හිස සැහැල්ලුගතිය සහ නීලංකාරය ඇති කරනුයේ හිස චලනය සහ ඇලවීම නිසාය. එය රෝගයක් නොව රෝග ලක්ෂණයක් පමණය. කන තුළ පිහිටා ඇති අපගේ සමබරතාව සුරකින සුමට ඉන්ද්‍රියයකි. සුළු ආබාධයක් නිසා මෙම තත්ත්වය ඇතිවෙයි. සෙම්ප්‍රතිශ්‍යාව, ආතතිය හා කාංසාව වැනි තත්ත්වයන් නිසා මෙම ආබාධය ඇතිවිය හැකිය.

කළ හැක්කේ කුමක්ද?

හිස පමණක් කොට්ටය මත සිටින සේ නිදාගෙන, ඇඟ ඇදෙන් පිටතට දමන්න. නිලංකාරය නවතිනතුරු සිට ඇඳෙන් බහින්න.කන තුළින් යමක් සැලෙන හඬක් හෝ බිහිරි බවක් හෝ දැනේ නම් වහාම වෛද්‍යවරයකු හමුවන්න.

මතුවූ ගැටලුව

කන තුළින් බඹර ගුමු හඬක් නැඟේ. කන තුළින් යම් ගුමු හඬක් නිකුත් වෙයි. විශේෂයෙන්ම නින්දට යාමට සූදානම් වනවිට එය දැනෙයි.

ඔබේ අදහස

කනෙහි හෝ හිසෙහි හෝ මත්සරික (පිළිකාමය) අර්බුදයක්ද? ස්කීසෝපේණියාව නම් මානසික රෝගය ඇතිවී හිසේ ශබ්ද කනට අසේද?

ඇත්තටම කිවහොත්

කන් කුරු කුරුව, එය ලක්ෂණයක් මිස රෝගයක් නොවේ. එය පරිසරයෙන් නොව කන තුළින්ම නැගෙන හඬකි. එය බොහෝවිට නොඇසෙන සුළුය. මෙම තත්ත්වය මිනිත්තු කීපයක් හෝ දින කිහිපයක් හෝ පැවතිය හැකිය.

එසේ වන්නේ ඇයි ?

අසාත්මිකතාව, අධිරුධිර පීඩනයට ලබාදෙන ඖෂධ, ඇස්පී‍්‍රන්, මද්‍යසාරය, නිකොටීන්, කැෆේන් (තේ/ කෝපි) නින්දේදී දත් සැපීම, ආදී හේතු කන් කුරු කුරුව ඇති කරයි.

කළ හැක්කේ කුමක්ද?

කන් කුරු කුරුවත් සමඟ ජීවත්වීමට බලන්න. අසාත්මිකතාවක් නම් ප්‍රතිකාර ගන්න. අධික ශබ්දවලට කන් යොමු නොකරන්න. එක් කනකින් පමණක් ශබ්ද දැනේ නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

මතුවූ ගැටලුව

මුහුණේ අසමතුලිත බව කණ්ණාඩියෙන් බලනවිට මුහුණ පැත්තකට බරවී ඇත. ඒ පැත්තේ ඇස ඇරීමට නොහැක. සිනහව අතුරුදන් වී ගොස්ය.

ඔබේ අදහස

ආඝාත තත්ත්වයක්. හැමදාමත් මුහුණ පැත්තකට බරවී තිබෙනු ඇත.

එසේ වන්නේ ඇයි ?

කනට පිටුපසින් සහ එයට යටින් ඇදෙන වස්ත්‍ර (මුහුණ) ස්නායුව, ප්‍රදාහයක්, වයිරස ආසාදනයක් වැනි හේතුවක් නිසා හානියට පත්ව ඇත. එවිට එම පැත්තෙ පේශීන් හිටි හැටියේම වැඩ නතර කරයි.

(ආඝාත තත්ත්වයදී හදිසි දුර්වලතාව ඇතිවන්නේ මුහුණේ පහළ පෙදෙයේ මිස මුළු මුහුණේම නොවන බව මතක තබා ගන්න. එහිදී ඒ හා සමඟම අත් සහ පාද ද දුර්වල වෙයි.)

ඇත්තටම කිවහොත්

පරාස්රථය ලෙස හඳුන්වන තත්ත්වයකි. එය මුහුණෙ පේශී චලනය පාලනය කරන පේශීන්ගේ පරාස්රථය තත්ත්වයකි.

කළ හැක්කේ කුමක්ද?

මෙය තාවකාලික ගැටළුවකි. ඔබට පූර්ණ සුවය ලැබිය හැකිය. ස්නායුව යථා තත්ත්වයට පත්වෙත්ම රෝග ලක්ෂණ පහව යයි. භෞත චිකිත්සක ප්‍රතිකර්ම මෙන්ම ස්ටෙරොයිඩ ඖෂධ මඟින්ද සහනය ඉක්මන් කළ හැකිය.

මතුවූ ගැටලුව

හිසරදය හිසවටා පටියක් වැනි යමක් තදින් බැඳ දැමූ බවත් ඔබට දැනේවි. නළල් තලය හා ඇස්වල තුවාලයක් සේ දැනේවි.

ඔබේ අදහස

මොළයේ පිළිකාමය හෝ පිළිකාමය නොවන හෝ අර්බුදයක්. එසේ නැතිනම් මොළයේ ලේ කැටි ගැසීමක්.

ඇත්තටම කිවහොත්

හිසරද අතර සුලබම හිසරද වර්ගය වන ආතති හිසරදයක්.

එසේ වන්නේ ඇයි ?

ආතතිය, සාංකාව, කාංසාව, විෂාදය හේතුකොට ඔබ උරහිස් හකුලන විට හා ගෙලපේශීන් තද කිරීම මෙයට හේතුවය. මෙම හිසරදය ඇතිවන්නේ තදට ඇදුණ පේශි හේතුවෙනි.

කළ හැක්කේ කුමක්ද?

වේදනා නාශක ගැනීම, අයිස් වලින් තැවීම, පේශි ඉහිල්කාරක ගැනීම.

උරහිසේ තද වූ පේශීන් බුරුල් කිරීම සඳහා කිහිපයක් ඒවා ඉහළට ඔසවා පහළට ගෙන ඒම. නින්දට යාමට පෙර සහනදායී සංශිතයට සවන් දීම.

යෝග ව්‍යායාමයන්හි යෙදීම, මුහුදු වෙරළක ඇවිදීම. මුහුණ, ගෙල හා හිස මත සිසිල්, තෙත තුවායක් තැබීම. නළලේ දෙපැත්ත සහ හිස මතුපිට සම්බාහනය කිරීම. මේසය, පරිගණකය ආදිය ඉදිරියේ ඍජුව ඉඳගැනීම හිසරදය හදිසියේ තදින් ඇතිවීම, මෙයට පෙර ඇතිවූ හිසරද තත්ත්වයට පවා දැනුණු බවක් දැනීම, පෙනීම බොඳවීම, කතාව ගොඩ නැගීම, ඇස් නිලංකාර වීම, ශරීරයේ පැත්තක් අප්‍රාණිකවීම, මතකය අඩුවීම මෙන්ම හිසට අනතුරක් වූ විටද වෛද්‍යවරයකු මුණ ගැසෙන්න.

මතුවූ ගැටලුව

පපුව දැවිල්ල පපු ඇටයට යටින් දැනෙන පිළිස්සෙන සුළු දැවිලි ස්වභාවිකය.

ඔබේ අදහස

හෘදයාබාධයක් ඇතිවීම

ඇත්තටම කිවහොත්

අම්ල ප්‍රතිවහනයක් හෝ ආපසු ගැලීමක්

එසේ වන්නේ ඇයි ?

අනුවන ලෙස ආහාර ගැනීම නිසා, ආමාශයේ පවතින ආහාර ජීර්ණ යුෂ සමහරක්, ආහාර මාර්ගය ඔස්සේ ඉහළට ගලා එයි. හයිඩ්‍රක්ලෝරීන් අම්ලය අඩංගු මෙම යුෂ ආහාර නළය ඔසසේ ඉහළට ගමන් කරන විට නළය පිළිස්සීම නිසා පපුව දැවිල්ල ඇතිවෙයි.

කළ හැක්කේ කුමක්ද?

ආහාරගත් සැනින් නිදාගැනීමට හෝ ඇලවීමට හෝ නොයන්න. හිටගෙන සිටින්න. එයට ආමාශයේ යුෂ ඉහළට එ්ම තරමක් හෝ වැළකේ.

ඇදෙහි හිස පෙදෙස අඟල් 05 - 06 ක් ඔසවන්න.

ප්‍රති ආම්ලික ඖෂධයක් ගෙන අම්ලය උදාසීන කරන්න. ඇලුමිනියම් හා මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් මෙන්ම වෙනත් ප්‍රබල ප්‍රති - ආම්ලික ඖෂධ ද ඇත.

දුම්පානය, චොකලට්, කෝපි, මත්පැන්, තෙල් හා මේද බහුල ආහාර ගැනීමෙන් වළකින්න.

පපුවේ දැවිල්ල දීර්ඝ කාලයක් පවතීනම්, ලේ වමනය වේ නම්, ගිලීම අපහසු නම්, හුස්ම ගැනීම අපහසු නම් වෛද්‍යවරයෙකු හමුවන්න.

මතුවූ ගැටලුව

ඉක්කාව

ඔබේ අදහස

කිසියම් බරපතළ තත්ත්වයක් සිරුර තුළ ඇතැයි යන බිය

ඇත්තටම කිවහොත්

බරපතළ නොවන අප සැවොම මුහුණ දෙන තත්ත්වයකි.

එසේ වන්නේ ඇයි ?

අප සාමාන්‍යයෙන් හුස්ම ගන්නා විට, හුස්ම පිට කරන විට පෙනහළු තුළට හා පිටතට වාතය සුමට ලෙස ඒ මේ අතට ගමන් කරයි.

ඒ හා සමඟම උදර කුහරය හා උරස් කුහරය එකිනෙක වෙන්කරන පේශී පටලය වන ප්‍රාචීර පටලයද උස් පහත් වීම සිදුවෙයි.

ඉක්කාව ඇතිවන්නේ මෙම ස්වභාවික ක්‍රියාවට බාධා ඇති වී ප්‍රාචීරය නැමුනු හෝ ගැස්සීම හෝ නිසා ඉක්කාව ඇතිවෙයි. ඉක්කා ගසන හඬ එන්නේ ස්වරාලයේ තන්තු තුළින් වාතය වේගයෙන් ගලාගොස් හිටි හැටියේ නතර වන නිසාය.

ඉක්මනින් ආහාර ගිලීම, සිනාසීම, මත්පැන් පානය, අධික උණු ශීතල හෝ තුනපහ අධික ආහාර පාන ගැනීම, ආහාර ගත් විගසම ව්‍යායාම ගැනීම නිසාද ඉක්කාව ඇතිවිය හැකියි.

කළ හැක්කේ කුමක්ද?

ටික වේලාවක් හුස්ම තදින් අල්ලාගෙන සිට සෙමෙන් හුස්ම මුදාහරින්න.

සීනි ස්වල්පයක් ගිලින්න.

අයිස් - වතුර ටිකක් වේගයෙන් බොන්න.

අයිස් කෑල්ලක් ගිලින්න.

දිව ඉදිරියට අදින්න

කඩදාසි බෑගයක් තුළට හුස්ම ගැනීම හෝ හුස්ම හෙලන්න.

මතුවූ ගැටලුව

මතකය සැක සහිතවීම පොතක් ගෙන ඒමට කාමරය තුළට ගිය ඔබ ඉන් පිටතට එන්නේ සපත්තුවක් රැගෙන ඊයේ බැලූ චිත්‍රපටයේ නළුවාගේ නම දැන් මතක නැත. නැගණියගේ උපන් දිනය අමතකය.

ඔබේ අදහස

ඇල්පයිමර් රෝගය මඟ එන ලකුණුය.

ඇත්තටම කිවහොත්

ඇල්පයිමර් රෝගයේදී සිදුවන්නේ සැනින් කුමක් කරන්නේද යන්න මිස එය තැබූ තැන අමතක වීම නොවේ. මෙසේ මතකය අමතක වන්නේ වර්තමාන ජීවනරටාවේ බලපෑමක් හේතුවෙනි.

එසේ වන්නේ ඇයි ?

ඔබ ගෙවන කාර්යය බහුල ජීවිතය හේතුකොට ඔබේ මොළය තුළ ගබඩා වී ඇති දෑ අවුල් සහගත නිසා ඒවා යළිමතකයට ගැනීම අපහසුය. මතකය ඔබට වැරදි පාරක ගෙන යන්නේ කළයුතු කිවයුතු දෑ අමතක කරමිනි. ආතතිය, අධික මත්පැන් පානය, අවුරුදු 15 ක් පමණ චිත්ත ශක්තියට ඖෂධ ගැනීම දුම්පානය ආදිය නිසාද මතකය දුර්වල විය හැකිය.

ඔබට අවශ්‍ය වැදගත් දේ ලැයිස්තු ගත කරන්න. එවිට ඒවා ගැන මතකය කරදර විය යුතු නැත.

උදෑසන ආහාරය ගන්න. ඔබේ මොළය ක්‍රියාත්මක වීමට නම් ග්ලූකෝස් ලැබිය යුතුය.

තවදුරටත් ඉගෙන ගන්න. කියවන්න. ව්‍යායාම කරන්න. සමාජය ඇසුරු කරන්න.

මතුවූ ගැටලුව

ආහාර රසය නොදැනීයයි. ආහාරයට ගන්නා හැමදෙයක්ම ඔබට දැනෙනුයේ “පිදුරු” ලෙසය.

ඔබේ අදහස

පිළිකාවක් හෝ වෙනත් අර්බුදයක්

එසේ වන්නේ ඇයි ?

දිවේ රස අංකුරවල ආබාධ හේතුවෙන් මුඛය තදින් වියලීම, සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීම, තදින් දුම්පානය (විශේෂයෙන් පයිප්පය ඉරීම) ප්‍රති - විෂාදීය ඖෂධ ගැනීම වයසට යෑම.

ඇත්තටම කිවහොත්

රසය දැනීමේ හැකියාව අඩුවීම හෙවත් හයිපොජෙන්සියා නම් තත්ත්වය.

කළ හැක්කේ කුමක්ද?

මුඛය වියළීම ඖෂධ ගැනීම වෙනස් කිරීම හෝ නැවැත්තීම මුඛය තෙත් කිරිමට සීනි රහිත චුයින්ගම් සැපීම.

සින්ක් ඛනිජ පෝෂකය අතිරේකව ගන්න. දන්ත ශල්‍ය වෛද්‍යවරයෙකු හමුවී මුඛයේ වියළිබව නසන ‘මුඛ දෝවන’ දියරයක් ලබාගන්න.මුඛයේ ස්වස්ථාතාවය රැකගන්න.