ඩයබිටික් ‘කෝමා’ එකක් හැදුණොත් මොකද කරන්නේ?

ඩයබිටික් ‘කෝමා’ එකක් හැදුණොත් මොකද කරන්නේ?

ඩයබිටික් කෝමා වර්ග දෙකක් තිබෙනවා.අධි රුධිරගත සිනි මට්ටම නිසා ඇතිවන කෝමා තත්වය සහ අඩු රුධිරගත සිනි මට්ටම නිිසා ඇතිවන කෝමා තත්වය මෙය දියවැඩියා රෝගීන් අතර දැකිය හැකි සුලබ තත්ත්වයකි. මෙම රෝගීන්ගේ රුධිරයේ සීනි මට්ටම ඕනෑම අවස්ථාවක අඩු හෝ වැඩි වීමේ හැකියාවක් පවතී. එමෙන්ම රුධිරයේ සීනි මට්ටම අඩුවීම ඉතා වේගයෙන් සිදුවීමේ හැකියාවක්ද පවතී. එම නිසා මෙම තත්ත්වයට වහා ප්‍රතිචාර දැක්වීම අවශ්‍ය වේ.

රුධිරයේ සීනි මට්ටම අඩුවීමට හේතුව

* සාමාන්‍ය ප්‍රමාණයට වඩා අධික ලෙස කායික ක්‍රියාකාරකම්හි හෝ ව්‍යායාමයන්හි නිරත වන විට,

* නිසි වේලාවට ආහාර නොගත් විට හෝ අඩුවෙන් ආහාර ගත් විට,

* ඖෂධ වැඩි වශයෙන් අනවශ්‍ය ලෙස ලබා ගත් විට

* මත්පැන් පානය කළ අවස්ථාවේදී රුධිරයේ සීනි මට්ටම අඩුවිය හැකිය

රුධිරයේ සීනි මට්ටම අඩු වීම හඳුනාගත හැකි රෝග ලක්ෂණ

වහාම ක්‍රියාත්මකවන්න

රුධිරයේ සීනි මට්ටම ඉක්මනින් පරීක්ෂා කර ගන්න. එලෙස පරීක්ෂා කර ගත හැකි ක්‍රමයක් නොමැති නම් රෝග ලක්ෂණ ඇතිවූ වහාම ඒ සඳහා ආරක්ෂක පියවර අනුගමනය කරන්න.

පහත දක්වා ඇති ප්‍රමාණයන්ගෙන් ක්ෂණිකව සිරුරට උරා ගන්නා කාබෝහයිඩ්‍රේට් අඩංගු ආහාරයක් ආහාරයට හෝ බීමට ගන්න.

ග්ලූකෝස් තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01ක්, නැත්නම් ග්ලූකෝස් පෙති 01ක්

ජලයේ දිය කරන ලද සීනි තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01ක්

සිසිල් බීම හෝ පලතුරු යුෂ කෝප්ප 01ක්

මී පැණි තේ හැඳි 03 ක් හෝ මේස හැඳි 01 ක්

මිනිත්තු 10 - 15 කින් අනතුරුව රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කර ගන්න. එවිටද රුධිරයේ සීනි මට්ටම අඩු නම්, ඉහත ක්‍රියාකාරකම් නැවත සිදු කරන්න. ඔබේ ඊළඟ ආහාර වේල තවත් පැයකට වඩා ප්‍රමාද වේ නම් හෝ යම් ක්‍රියාකාරකමක නිරත වීමට සිදුවේ නම් ආහාර මාර්ගෝපදේශන ඔබේ වර්ණ කලාපයට අනුව ආහාර සැලැස්ම යටතේ සුළු ආහාරයක් ලබා ගන්න. වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.

ආරම්භක අවදියේදී

* වෙව්ලීම

* කලබලවීම

* වහා කිපීම

* ව්‍යාකූල බව

* හෘද ස්පන්දනය වේගවත් වීම

* දහඩිය දැමීම

* හිසරදය

* දිව හා දෙතොල් හිරි වැටීම

* කුසගින්න

* අවේගශීලි බව

* පෙනීම අපහැදිලිවීම

තව දුරටත් රුධිරයේ සීනි මට්ටම පහළ යාමේදී තම ක්‍රියාකාරකම් පවා කර ගැනීමට නොහැකිවී අවසානයේදී සිහි නැතිවීම පවා සිදුවිය හැකියි.