ඔබ දන්නවාද? අධි රුධිරගත සීනි මට්ටම

ඔබ දන්නවාද? අධි රුධිරගත සීනි මට්ටම

ආහාර, ව්‍යායාම හා ඖෂධ යනාදියේ අසමතුලිතතාවයේ ප්‍රතිඵලයක් ලෙස අධි රුධිරගත සීනි මට්ටම ඇතිවිය හැකිය. එසේම රෝගී තත්ත්වයක් හෝ ශාරීරික ආතතිය නිසා හෝ රුධිරයේ සීනි මට්ටම ඉහළ යා හැකිය. රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම නිසා ඇතිවන රෝග ලක්ෂණ පිළිබඳ සැලකිලිමත් වන්න.

* පිපාසය

* මුත්‍රා කිරීමේ වාර ගණන වැඩිවීම

* වීඩාව

මෙවිට අනුගමනය කළ හැකි පියවරයන්

* ඖෂධ හෝ ඉන්සියුලීන් ලබා ගැනීම

* ආහර සැලසුම හැඩගස්වා ගැනීම

* කායික ක්‍රියාකාරකම් වැඩිකර ගැනීම

වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවන්න.