අපර ගාත්‍රා සෑදී ඇත්තේ කෙසේ ද?

අපර ගාත්‍රා සෑදී ඇත්තේ කෙසේ ද?

අපර ගාත්‍රය

කකුල, වළලුකර, පතුල, පාදයේ ඇඟිලි අයත් වේ.

පාදය සෑදී ඇත්තේ අස්ථිවලිනි.

එම අස්ථි ඌර්වාස්ථිය, අනුජංඝාස්ථිය, ජංඝාස්ථිය නම් අස්ථිවලින් සෑදී ඇත.

ඌර්වාස්ථිය ශරීරයේ ඇති දිගම හා ශක්තිමත් ම අස්ථිය වේ. මෙහි ඉහළ කෙළවර රවුම්වන අතර, එම රවුම් හිස උකුළු සන්ධිය සෑදීමට වැදගත් වේ. මේ ස්ථාවර සම්බන්ධය උකුල ඒ - මේ අත පැද්දීමට උදව් වේ. ඌර්වාස්ථියේ පහළ කෙළවර ජංඝාස්ථිය සමඟ ද දණිස් කටුව සමඟ ද සන්ධානය වේ.

අනුජංඝාස්ථිය හා ජංඝාස්ථිය කකුලේ දණහිසට පහළින් ඇත. ජංඝාස්ථිය ඌර්වාස්ථියට සම්බන්ධ වී ඇති ආකාරය අනුව සිටගෙන සිටින විට හොඳ සමතුලිතතාවක් ලැබේ. ජංඝාස්ථියේ පහළ කෙළවර, අනුජංඝාස්ථිය හා තැලස් අස්ථිය හා සම්බන්ධ වී වළලුකර සන්ධිය සෑදීමට දායක වේ. තවද ඌර්වස්ථිය හරහා දේහ බර ජංඝාස්ථිය ඔස්සේ පාද කරා ව්‍යාප්ත වේ. මෙහි අනුජංඝාස්ථිය දිගින් අඩු ය. දේහ බර දරා සිටීමට වැදගත් නොවේ. එහෙත් පේශි සම්න්ධවීමට වැදගත් ය.

වළලුකර අස්ථි

මේ සඳහා පාද තූර්චාස්ථි 7 වැදගත් ය. පාර්ෂිණී අස්ථිය විලුඹ සෑදීමට වැදගත් වන අතර එය වළලුකර අස්ථිවල විශාලතම අස්ථියයි. මෙය බර උසුලා සිටීමට ද ඊට අමතරව පත්ල චලනය කිරීමට ද වැදගත්වන පේශි සවිවීමට ද ඉඩ සලසා ඇත.

පත්ලේ අස්ථි

පාදකූර්චෝපරී අස්ථි 5කින් සෑදී ඇත. අස්ථි රාශියකින් සෑදුන පත්ල බරක් දැරිය හැකිවන සේ වක්‍ර පිහිටීමක් පෙන්වයි. මේ නිසා පාද ලිවර ලෙස ක්‍රියා කරයි.

පාදයේ අස්ථි

මේවා සලකනවිට අත්ලට බොහෝ දුරට සමාන ය. පළමු ඇඟිල්ලේ අස්ථි 2ක් ද ඇත.

අපර ගාත්‍රය කෘත්‍ය ඉටුකිරීමට සකස් වූ අන්දම

දණහිස් සන්ධිය ශරීරය සෘජුව හා ස්ථාවරව තබා ගැනීමට වැදගත් වේ. දණහිස් සන්ධිය දේහ බර පාදවලට යෙදවීමට වැදගත් වේ.

බර දරා සිටීමට හැකිවන සේ පිහිටා ඇත. (තැලස් අස්ථිය හා පාර්ෂිණි අස්ථිය පිහිටීම මගින්) පාදයේ ඇඟිලි වඩා කෙටිවීම නිසා ආධාරක කෘත්‍යයක් ඉටුකිරීමට වැදගත් වේ.