ආතරයිටීස්වලින් මිදෙන්න ධනූර් ආසනය

ආතරයිටීස්වලින් මිදෙන්න ධනූර් ආසනය

ආතරයිටීස් යනු මිනිස් සිරුරේ කාර්යක්ෂමතාවය අඩපණ කළ හැකි රෝගයකි. මෙකී රෝගය සඳහා ප්‍රතිකාර කළ ද සුවනොවන අවස්ථා ඇත. නමුත් මේ රෝගය වැළඳීම වළක්වා ගැනීමට යෝග උපකාරී වන්නේ ය. ඒ සඳහා මෙවර හඳුන්වා දෙන්නේ ධනූර් නම් ආසනයකි.

එය තුළින් ආතරයිටීස් රෝගය පාලනය කිරීමට ද හැකියාවක් පවතින අතර රෝගය වැළඳීම වළක්වා ගැනීමට ද ඉවහල් වේ. ඊට අමතරව මේ ආසනයේ යෙදීමෙන් උදරය මනා ලෙස සම්භාහනයට ලක් වෙයි. එසේම උදරයේ බැඳෙන අමතර මේදය දහනය වේ. උදරගත ඉන්ද්‍රියයන් මනා ලෙස පවත්වා ගැනීමට ද මේ ආසනය උපකාරී වේ.