දරුවකු ප්‍රසූත කළ මවකට පළමුවෙන්ම ලබාදෙන කායම් හොද්ද
දරුවකු ප්‍රසූත කළ මවකට පළමුවෙන්ම ලබාදෙන කායම් හොද්ද
සමහරුන්ට “කායම් හොද්ද” අලුත් වචනයක් නිසා කුමක්ද මේ කියන්නෙ යැයි සිතෙන්නට
පුළුවන්. නමුත් කායම් හොද්ද හුරු පුරුදු ගැමියා එහි ගුණවත් බව හා රසවත් බව ඉහළින්ම
අගයන බව නම් කිව යුතුයි.
මොකක්ද මේ කායම්
හොද්ද කියන්නෙ?
විමසා බලමු වෛද්‍යතුමාගෙන්. දරුවකු බිහිකළ මවකට ලබා දෙන පළමු ආහාර වේල සමඟ දේශීය
වශයෙන් ලබාදෙන හොද්දකි.
ප්‍රයෝජන මොනවාද?
දරුවකු බිහිකළ මවගේ ඇඟේ පතේ වේදනාව දුරු වීමට මේ කායම් හොද්ද උදව් වේ. කුසගින්න
වැඩි කරයි. විශේෂයෙන් ගර්භාෂය පිරිසුදු වී අපවිත්‍ර කොටස් පිට කිරීමට උපකාරි වේ.
අවශ්‍ය ද්‍රව්‍ය
ගම්මිරිස් ඇට 10 -15ක්
සුදුළූණු බික් 5ක් පමණ
බැදි කොත්තමල්ලි
තේ හැඳි 1
බැදි සූදුරු
තේ හැඳි 1
බැදගත්
උළුහාල් ස්වල්පයක්
පිට සුඹුල හැර සෝදාගත් මුරුංගා
පොතු කැබැල්ලක්
(අඟල් 2 2)
පිට පොත්ත හල අමු ඉඟුරු අඟලක ප්‍රමාණයේ කැබැල්ලක්
සෝදාගත් ගොරකා කැබලි 2ක්
කරපිංචා ඉති 2ක්
අමුකහ කැබැල්ලක්
අවශ්‍ය පමණ දිය ලුණු
පෙරුම්කායම් ස්වල්පයක්
වතුර කෝප්ප 4ක්
සාදන ක්‍රමය
සෝදා පිරිසුදු කරගත් මැටි වළඳකට වතුර කෝප්ප 4ක් දමා ගන්න. එයට ගම්මිරිස් 10 - 15යි,
සුදුළූණු, කොත්තමල්ලි, සූදුරු, උළුහාල්, මුරුංගා පොත්ත, අමු ඉඟුරු, ගොරකා, කරපිංචා,
අමුකහ දමා අවශ්‍ය පමණට ලුණු එක්කර ගෙන පෙරුම්කායම් ස්වල්පයක් ද දමා වතුර කෝප්ප 2ට
සිඳගන්න. අනතුරුව පානය කරන්න.
ආයුර්වේද වෛද්‍ය නිලධාරී
පල්ලෙකැලේ ආයුර්වේද රෝහල
එච්. පී. වී. ලලිතසිරි
|