හොඳින් කතා කර කර හිටියා හිටිහැටියේම කතාබහ නතර වුණා

හොඳින් කතා කර කර හිටියා හිටිහැටියේම කතාබහ නතර වුණා

කෙනෙකු තුළින් අපි නොසිතන ලක්ෂණ රෝගයක් ලෙස ඉස්මතුවිය හැක.

කෙනෙකු හොඳින් කථා කරමින් සිට, එක්වරම කථාබහ නතර කිරීම මානසික රෝගී තත්ත්වයක් නිසා විය හැක. මෙම රෝගයේ ලක්ෂණ සහ ප්‍රතිකාර පිළිබඳව ව්‍යවහාරික මනෝ විද්‍යාඥ නිමල් ලියනගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.

හොඳින් කථාබහ කරමින් සිටි කෙනෙකු හිටි ගමන් කථාව නතර කිරීම කායික රෝගී තත්ත්වයක් නිසා හෝ මානසික රෝගී තත්ත්වයක් නිසා සිදු වේ.

කායික රෝග ලෙස මොළය ආශි‍්‍රත තත්ත්ව සහ වෙනත් රෝගී තත්ත්වයක් නිසා විය හැක. එක්වරම සම්පූර්ණ කථාව නතර වන්නේ නම් එය මානසික සෞඛ්‍ය පිරිහීම නිසා වේ. මේ සඳහා හේතු කිහිපයක් බලපායි.

අන් අය සමඟ කථා නොකර සිටීම, කථා කළ ප්‍රමාණය අඩු කිරීම, අස්වාභාවික බිය, සමාජ බිය, කථාව සීමා කිරීම, කථාවට බියක් ඇති වීම, ලැජ්ජා බවක් පෙන්වීම ආතතිය නිසා ඇතිවන තත්ත්වයකි. කථා කිරීම මොවුන්ගේ මනසට වදයක් මෙන් දැනේ.

කෙනෙකු කථා කිරීම සම්පූර්ණයෙන් නතර කිරීම, වෙනත් මානසික ගැටලුකාරී තත්ත්වයන් ගැන සිතමින් සිටීම, හුදෙකලා වීමට ඇති කැමැත්ත වැනි තත්ත්ව විෂාදය නිසා ඇති වන්නකි. මෙවැනි අය වචන 500කට පමණ ඇහුම්කන් දීමෙන් පසු එක් වචනයක් පමණක් පිට කරයි. මෙයට ප්‍රධාන හේතුව මනසේ් ඇතිවන ස්වභාවයයි.

පි‍්‍රය නැති බව, කේන්තියාම, මෙන්ම සමහර කාන්තාවන් පිරිමින් සමඟ කථා නොකර සිටීමේ කැමැත්තක් දැක්වීම වැනි තත්ත්ව චිත්තවේග නිසා ඇති වේ. පවුලේ ඇතිවන ගැටලු නිසා කථාව අඩු කරන අය ද සිටී. මෙවැනි තත්ත්ව පවුල් අරගල දක්වාම දික්ගැස්සේ.

දුබල පෞරුෂය, ලැජ්ජා, බිය, මෝන්ජල් බව ඇති වන්නේ පෞරුෂත්වය මතය.

අදහස් හුවමාරුව සම්බන්ධ අත්දැකීම් නොමැතිකම නිසාද සමහරුන් තම කථාව නවත්වයි.

කෙනෙකුගේ කථාව එක්වරම නැවතීම, කථා කිරීමට කැමැත්තක් නොදැක්වීම හෝ භින්නෝන්මාදය නැමැති මානසික රෝගී තත්ත්වයේ ලක්ෂණය.

එක්වරම කථා කිරීමට නොහැකි වීම, වචන පිට නොවීම, ශබ්දය පිට නොවීම, සමාජයට මුහුණ දීමට ඇති නොහැකියාව වැනි තත්ත්ව වෙනත් කායික ගැටලුවක් නොමැතිව ඇති වේ නම් එය මානසික ආතතියට අදාළ හිස්ටීරියාව නැමැති මානසික රෝගී තත්ත්වය නිසා ඇතිවන්නකි.

පසුගිය දේවල් මතක් වීම සහ දැඩිලෙස මානසික පීඩාවකට ලක් වූ දෙයක් පිළිබඳව නැවත කල්පනා කිරීම වැනි තත්ත්ව පශ්චාත් ව්‍යසන ආතති තත්ත්වයකි.

ස්නායු ආබාධ, උගුරේ ආබාධ හෝ කායික රෝගී තත්ත්ව නොමැතිව හිටි ගමන් කථා නොකර සිටින අයගේ මුහුණේ ඉරියව්, හැසිරීම් වෙනස්කම් මඟින් වෛද්‍යවරයාට යම් පණිවිඩයක් රෝගියා ලබා දෙනවා.

එම පණිවුඩය වෛද්‍යවරයා හඳුනා ගැනීමෙන් පසු රෝගියාට පවතින මානසික තත්ත්වය හඳුනාගත හැකියි.

මානසික රෝගී තත්ත්ව ප්‍රතිකාර මඟින් සුව කළ හැකි අතර යම් යම් පෞරුෂත්ව හේතූන් මත කථා නොකර සිටීමද ප්‍රතිකාර මඟින් සුවකළ හැක. ආතතිය, භින්නෝන්මාදය වැනි තත්ත්ව වලදී ක්‍රමානුකූලව කථාව පුහුණු කළ යුතුයි.

ඒ සඳහා මනෝ විද්‍යානුකූල ප්‍රතිකාර කළ යුතුයි. මේ හරහා මානසික සෞඛ්‍ය දියුණු කිරීම මඟින් ආතතිය, විෂාදය, දුරලා පෞරුෂත්වය වර්ධනය කර ගැටලු නිසිලෙස විසඳා ගැනීමේ හැකියාව උදා කර දීම මඟින් මෙවැනි තත්ත්වයන්ගෙන් රෝගියා වළක්වා ගත හැකිය.


නිවසේ නිරන්තරයෙන් විෂ බීජ රැඳෙන ස්ථාන

පොළොව

පොළොවේ පය ගසා ජීවත්විමේදී පස්වල ඇති විසබීජ තැවරීම ස්වභාවිකය. එහෙත් පස්වල පිටගැස්ම වැනි භයානක සෞඛ්‍ය තර්ජන ඇතිකළ හැකි විසබීජ අඩංගු බව අප අමතක නොකළ යුතුයි.

බුමුතුරුණු, පාපිසි, මැක්කන්ට හොඳ වාසස්ථානයක්

ගෙබිම අපත්, අප ඇති කරන සුරතල් සතුනුත් නිදහසේ දෙපා තබන තැනයි. මේ තැන විසබීජවලටද නිදහසේ වැඩෙන්නට හැකි තැනකි. නිවෙසේ බුමුතුරුණු, පාපිසි දූවිලි මැක්කන්ට හොඳ වාසස්ථානය. දිලීර වර්ධනයටද නිවසේ තෙතමනය ඇති තැන් සරුබිම්ය. මේ සියල්ල අසාත්මිකතාවන් ඇති කිරීමට හේතු වේ. ඇදුම, පීනස, පණු රෝග සෑදීමටද මෙබඳු පරිසරයක් උපකාරී වේ.

වතුර පයිප්පයේත් විෂබීජ

පිපාසය නිවන ජලය පොදක් බොනවිට, වතුර පයිප්පය විසබීජ වැඩි තැන්වලින් එක් ස්ථානයකි. මුළුතැන්ගෙයි වතුර බේසමද විසබීජවලින් අඩුවක් නැති තැනකි.

ශීතකරණය පිරිසිදු කළේ නැත්නම් උදරාබාධ, ඩයරියා

ශීතකරණය කියන ගබඩා කාමරයේ මොන තරම් දේ තිබෙනවාද? මස් මාළුවලින් වැගිරෙන ස්‍රාව, නරක් වූ කිරි, අපද්‍රව්‍ය එහි ඕනෑතරම්ය. කෙටියෙන්ම කිවහොත් ශීතකරණය සැල්මොනෙල්ලා වැනි බැක්ටීරියාවන්ට නෝරෝවෛරස් වැනි වෛරස් කාණ්ඩයන්ට විවෘතය. උදරාබාධ, ඩයරියා වැනි තත්ත්ව ඇති කිරීමට මේ විසබීජ හොඳටම ප්‍රමාණවත්ය. ශිතකරණයේ රාක්ක සහ ශීතකරණය නිතර පිරිසිදුව තබාගත යුත්තේ මේ නිසයි.

බුරුසුව සහ බුරුසු රඳවනයේ කළු පුස් බැඳිලා

ඔබේ බුරුසුව දෙස බලන්න. එය කළුවී, පුස් බැඳී අවලස්සන වී ඇතිවාක් පමණක් නොව ඔබේ මුවට විසබීජ ආකරයක්ද වී අවසානයි. දත් බුරුසු රඳවනයද ඊට නොදෙවෙනිය. ළඟදී කළ අධ්‍යනයකින් හෙළිවී ඇත්තේ නිවෙසක අපිරිසුදු ස්ථානවලින් තෙවැනි තැන දත් බුරුසු රඳවනය හිමිකරගෙන ඇති බවයි.

අන්තර්ජාලයෙනි