කර්ණශංඛ සැත්කමට බියවිය යුතු නැහැ

කර්ණශංඛ සැත්කමට බියවිය යුතු නැහැ

පුද්ගලයෙකු ක්‍රමයෙන් වයස් ගත වනවිට ශ්‍රවණ මට්ටම දුර්වල වීම ඉතාම ස්වභාවික තත්ත්වයක්. එසේ වුවත් ශ්‍රවණය එදිනෙදා ජීවත් වීමේදී ඉතාම වැදගත් අංගයක් බැවින් කුමන හෝ ප්‍රතිකර්මයක් ඊට ලබා ගැනීමට ඔවුන් විසින් උත්සාහ කරනු ලබයි. ඒ සඳහා ශ්‍රවණ ආධාරක යොදා ගැනීම බහුලවම සිදුවන දෙයක් වුවත් මේ වනවිට එවැනි ප්‍රතිකර්ම පවා අභිබවා යන ක්‍රමවේද තාක්ෂණික දියුණුව සමඟ බිහිවී අවසන්. කර්ණශංඛ බද්ධය එම ක්‍රමවේද අතර මේ වනවිට මූලිකත්වයක් හිමි කරගෙන තිබේ.

කර්ණශංඛ බද්ධයක් සිදු කළ යුතුද නැද්ද යන්න පිළිබඳ නිර්ණය කිරීම සඳහා පරීක්ෂණ මඟින් ලබා ගන්නා ප්‍රතිඵල ඉතාම වැදගත් වේ.

එම පරීක්ෂණ හරහා කර්ණශංඛ බද්ධයක් සිදු කළ යුතුද නැද්ද යන්න ඉතා නිවැරදිව තීරණය කරනු ලැබේ. ඒ නිසා තමාගේ ශ්‍රවණය දුර්වල බව හැඟී ගියහොත් එසේත් නැතිනම් තමාගේ පවුලේ කිසිවෙකුට හෝ ශ්‍රවණය සම්බන්ධ ගැටලුවක් ඇති බව හඳුනාගත හොත් ප්‍රමාද නොවී කර්ණශංඛ බද්ධයට සුදුසු නුසුදුසු බව තීරණය කිරීමට අදාළ පරීක්ෂණ සිදු කළ යුතු වේ.

ඒ වගේම මෙනෙංජයිටීස් වැනි රෝග තත්ත්ව නිසාද බොහෝදුරට ශ්‍රවණය දුර්වල වීමෙන් ගැටලු ඇතිවිය හැකි අතර ඔවුන් සඳහා ද අදාළ පරීක්ෂණ මඟින් ශල්‍යකර්මයට භාජනය කළ යුතුද නැද්ද යන්න තීරණය කළ යුතුයි.

තවද විශේෂයෙන් කර්ණශංඛ බද්ධ සැත්කම මේ වනවිට ලංකාව තුළ ඉතාමත් සාර්ථක අන්දමින් සිදු කරනු ලබන අතර ඊට යොමු වීමට කිසිවෙකුත් බියක් ඇති කරගත යුතු නොවේ. මන්දයත් මේ වනවිටත් ඉතා විශාල වශයෙන් ලංකාව තුළ කර්ණශංඛ බද්ධ සැත්කම් සිදු කරනු ලැබේ.

මෙම ශල්‍යකර්මය සිදු කිරීමෙන් අනතුරුව කනට පිටුපසට වන්නට යම් ආධාරක කොටසක් සම්බන්ධ කර තිබෙන අතර එය බැලූ බැල්මට ශ්‍රවණ ආධාරකයක් හා සමාන යැයි ඇතමෙකුට හැඟී යා හැකියි. නමුත් එය ශබ්ද තීවර කිරීම සඳහා ශල්‍යකර්මයට සහයෝගය දක්වන උපාංගයක් මිස ශ්‍රවණ ආධාරකයක් නොවේ. කර්ණශංඛ බද්ධ සැත්කම මේ වනවිට ලොව පුරා දහස් ගණනකගේ ශ්‍රවණ පරාසයන් වඩාත් නිවැරදි කරමින් මා හැඟී කාර්යයක නිරත වනු ලැබේ.

අවම වශයෙන් ක්‍රමයෙන් වයස් ගත වනවිට ශ්‍රවණය දුර්වල තත්ත්වයට පත් වීම ස්වභාවික වුවත් කර්ණශංඛ බද්ධය නිසා වයස් ගත වූවන්ගේ ක්‍රමයෙන් දුර්වල වන ශ්‍රවණ මට්ටම ඉතාමත් යහපත් තත්ත්වයට පත් කරවීමට හැකිවීම සැබවින්ම පුදුමයට පත් වීමට හේතුවක් නොවන්නේද?