ආහාර ගබඩාකිරීමේ නිසි ක්‍රමවේදය

ආහාර ගබඩාකිරීමේ නිසි ක්‍රමවේදය

ආහාර ද්‍රව්‍ය ගබඩා කිරීමේදී පළමුව ගතහැකි ආහාර පළමුව පරිහරණයට ගත හැකි පරිදි ගබඩා කළ යුතු අතර එමඟින් කෘමි සතුන් මීයන් හා අනෙකුත් පලිබෝධකයින් මඟින් සිදුවන හානිය වැළකේ.

ගබඩා කාමරයේ බිත්තිවල අඩි 06ක් උස දක්වා ටයිල් කිරීම හෝ සේදීමට පහසුවන සේ එනමල් තීන්ත ආලේප කළ යුතුයි.

මීයන් වැනි සතුන්ට මුළු වලින් රිංගා යාම වැළකීම සඳහා ගබඩා කාමරයේ දෙරවල් යටින් ඇලුමිනියම් පටියක් ගැසිය යුතුයි.

සතුන්ට ළඟා විය නොහැකි පරිදි ජනෙල්වලට දැල් දමා තිබිය යුතුයි.

ඉක්මනින් නරක් වන ආහාර ගබඩා කිරීම

ඉක්මනින් නරක් වන ආහාර වන එළවළු, පලතුරු හා පලා වර්ග වාතාශ්‍රය හොඳින් ලැබෙන සේ ගබඩා කළ යුතු අතර මේ සඳහා ශීතකරණයක් වුවද භාවිතා කළ හැකිය. මස්, මාළු ගබඩා කිරීම සඳහා අධි ශීතකරණයක් භාවිතා කළ හැකිය.

ඉක්මනින් නරක් නොවන ආහාර ගබඩා කිරීම

වියළි ආහාර වන ටින් කරන ලද ආහාර සීනි, පරිප්පු, හාල් හා තිරිඟු පිටි ගබඩා කිරීම සඳහා පයිබර් පැලටි භාවිතා කළ යුතු අතර වෙන වෙනම ගබඩා කළ යුතුයි.

ආහාර සඳහා යොදන කුළු බඩු ගබඩා කිරීම

කුළු බඩු දැමීම සඳහා ප්‍රමාණයෙන් වෙනස් භාජන භාවිතා කළ යුතු අතර වැඩිපුර භාවිතා කරන කුළු බඩු සඳහා ප්‍රමාණයෙන් විශාල බඳුන් ද ස්වල්ප වශයෙන් භාවිතා කරන කුළු බඩු සඳහා කුඩා බඳුන් භාවිතය මඟින් නරක් වීම වැළැක්විය හැකිය. තුනපහ දමන ලද භාජන එකම ආකාරයකින් ලේබල් කළ යුතුයි.