දියවැඩියාව සොයාගැනීමට සිදුකරන රුධිර පරීක්ෂණ

දියවැඩියාව සොයාගැනීමට සිදුකරන රුධිර පරීක්ෂණ

දියවැඩියාව අද පාසල් සිසුවාගේ පටන් මහල්ලා තෙක්, සෑම තරාතිරමකම මිනිස් ජීවිත බිලිගැනීමට තරම් ප්‍රබල මාරයකු වී අවසානයි. අද අපට අන් කවරදාටත් වඩා මේ පිළිබඳ කතා කිරීමට සිදුවී තිබෙන්නේ මේ රෝගය එතරම්ම බරපතලව ව්‍යප්ත වන නිසයි. එය මෙතරම් බියකරු වන්නේ එයින් ඇතිවන සංකූලතා මඟින් සිරුරේ ප්‍රධාන ඉන්ද්‍රියයන් සියල්ල අඩපණ කර ජීවිතයටද හානියක් සිදුකිරීමට තරම් එය ප්‍රබල නිසයි.

Random Blood Suger

සීනි මට්ටම අඩුවිය හැකි තත්ත්වවලදී අධික දහඩිය දැමීමක් ක්ලාන්ත ගතියක් රෝග ලක්ෂණ වශයෙන් පෙන්නුම් කළ හැකියි.

මෙවැනි අවස්ථාවල සුලබවම සිදුකරන පරීක්ෂාවක් වන්නේ මෙම Random Blood Suger පරීක්ෂණයයි.

එහි ප්‍රතිඵලයේ සීනි මට්ටම 70 ට අඩුනම් එයින් රුධිරයේ සීනි අඩු බව හැඟවේ.

Fasting Blood Suger

දියවැඩියාව හඳුනාගැනීමේ පරීක්ෂණ අතර FBS පරීක්ෂණය සුලබව සිදුකරන වැදගත් පරීක්ෂාවක්. මෙය පැය 10 ක් නිරාහාරව සිට සිදුකළ යුතු අතර නිරාහාර කාලයේදී වතුර පානය කළ හැකියි.

නමුත් වෙනත් පාන වර්ග බීමට ගැනීම නොකළ යුතුයි.එහිදී හඳුනාගන්නා අන්දමට රුධිරයේ සීනි මට්ටම 110 ට අඩුනම් ඒ තැනැත්තා දියවැඩියා රෝගියකු නොවෙයි.

එය 110 - 126 ත් අතර අගයක ඇත්නම් එය පූර්ව දියවැඩියා තත්ත්වයක් ලෙස හඳුන්වනවා. රුධිරගත සීනි ප්‍රමාණය 126 වඩා වැඩි නම් එය දියවැඩියා තත්ත්වයට පත් වූ බවට තහවුරු කරනවා.

HBA1C

ගෙවී ගිය මාස තුනක් ආපස්සට බැලූ විට පුද්ගලයෙකුගේ රුධිරයේ තිබෙන සීනි මට්ටම මධ්‍යනයක්(සාමාන්‍ය අගය) ලෙස බැලීම මේ පරීක්ෂාවේ අරමුණයි.

එය පැවතිය යුතු මට්ටම වන්නේ 6 ට වඩා අඩුවෙනුයි. 6 ට වඩා වැඩි නම් දියවැඩියා තත්ත්වයක් පෙන්නුම් කෙරේ. දියවැඩියාව සෑදුණු පුද්ගලයෙකු අවම වශයෙන් එය 6.5ට වත් තබා ගත යුතුයි.

PPBS  පරීක්ෂාව

ආහාර ගෙන පැය 02 කට පසු රුධිරය ගෙන සිදුකරන මේ පරීක්ෂාවෙන් ලැබෙන ප්‍රතිඵලයේ පැවතිය යුතු සීනි මට්ටම 200mg /dl වඩා අඩුවිය යුතුයි. මෙය ගර්භණී සමයේ සුලබව සිදු කරන පරීක්ෂාවකි.

මේ පරික්ෂණත් කරගැනිම අත්‍යවශ්‍යයි

දියවැඩියාව හඳුනා ගැනීමට පරීක්ෂණ කරන බොහෝ විට ඊට සමගාමීව සිදුකරන පරීක්ෂාවක් වන්නේ, ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාවයි. අද වන විට බොහෝ දියවැඩියා රෝගීන් කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ගැටලුවෙන්ද පෙළෙන බැවින් බොහෝ විට මේ පරීක්ෂණ දෙකම මෙවැනි අවස්ථාවකදී එකට සිදුකරන පරීක්ෂණ දෙකක්. මේ අවස්ථාවේදීම ලිපිඩ් ප්‍රොෆයිල් පරීක්ෂාවක්ද සිදු කිරීමට නියමිත රෝගියකු නම් එවිට පැය දොළහක කාලයක් නිරාහාරව සිටිය යුතුයි.