අයඩීන් ඌනතාවයෙන් මිදීමට කළ යුතු දේ

අයඩීන් ඌනතාවයෙන් මිදීමට කළ යුතු දේ

“අයඩීන්” සිරුරට ලැබෙන ප්‍රමාණය අඩු වුවහොත්!

* උදාසීන ගති පැවතුම් ඇති වේ.

* බුද්ධිමට්ටම අඩු වේ.

* ප්‍රජනන පද්ධතියේ ක්‍රියාකාරිත්වයට බාධා ඇති වේ.

* පහසුවෙන් වෙහෙසට පත්වන පුද්ගලයෙක් බවට පත් වේ.

* ගලගණ්ඩය (වායු ගෙඩි) ඇති වේ.

දෛනිකව පුද්ගලයෙකුට අවශ්‍ය “අයඩීන්” ප්‍රමාණය කොපමණද?

වයස් කාණ්ඩය දිනකට අවශ්‍ය ප්‍රමාණය (මයික්‍රෝ ග්‍රෑම්)

ළදරුවන් 50
ළමුන් 90 - 120
වැඩිහිටි 150
ගර්භණී මව්වරුන් 175
කිරිදෙන මව්වරුන් 200

“අයඩීන්” සාමාන්‍ය පුද්ගලයෙකුට දිනකට අවශ්‍ය වන්නේ ඇල්පෙනෙති හිසක රඳන ප්‍රමාණයක් වුවත් එම ප්‍රමාණය නොලැබුණහොත්.....

මිනිස් සිරුරෙහි සහ මිනිස් මොළයෙහි වර්ධනය, විකසනය සහ ක්‍රියාකාරිත්වය සඳහා අවශ්‍ය වන තයිරොක්සීන් හෝර්මෝනය නිපදවීමට නොහැකි වේ.

“අයඩීන්” ඌනතාවයේ විවිධාකාර බලපෑම්?

* හදිසි ගබ්සාවන්

* මළ දරු උපත්

* මොළයේ වර්ධනය අඩුවීම

* ක්‍රෙටිනතාවය (ශාරීරික සහ මානසික බෙලහීනතාවන්)

බිළිඳුන්

* ගලගණ්ඩය

* මොළයේ වර්ධනය අඩුවීම

* ශරීර වර්ධනය අඩුවීම (ක්‍රෙටිනතාවය)

ළමා/ යෞවන

* බුද්ධිමට්ටම අඩු වීම

* කථන සහ ශ්‍රවණ ආබාධ

*කායික වර්ධනය අඩාල වීම

* ගලගණ්ඩය

වැඩිහිටි

* උදාසීනත්වය

* ශ්‍රම ඵලදායීතාවය අඩුවීම

* මානසික පසුබැසීම

* ගලගණ්ඩය

“අයඩීන්” ඌනතා රෝගවලින් මිදීමට කළ හැකි දේ...

* අයඩීන් බහුල ආහාර දිනපතා ආහාරයට ගැනීම

උදා. 1. සාලයා, හාල් මැස්සන්, ඉස්සන්, කකුළුවන්, පොකිරිස්සන් ඇතුළු මුහුදු මාළු හා කලපු මාළුවන්, මුහුදු පැළැටි වර්ග

        2. පලාවර්ග, එළවළු නිතර ආහාරයට ගැනීම

* අයඩින් මිශි‍්‍රත ලුණු නිවැරදි ලෙස භාවිතා කිරීම

“අයඩීන්” මිශ්‍ර ලුණු භාවිතයේදී මේ ගැනත් සැලකිළිමත් වන්න

*ආහාරවලට එකතු කිරීමට පෙර ලුණු සේදීමෙන් වැළකීම.

* ලුණු අසුරා තබා ගැනීම පිණිස අඳුරු පැහැති භාජන පමණක් භාවිතා කිරීම. උදා. දුඹුරු පැහැති වීදුරු බඳුන් හිරුඑළිය හෝ ආලෝකයට නිරාවරණය නොවන තැනක ලුණු බඳුන තැබීම.

* පැකට්වල ඇසුරූ අයඩීන් මිශි‍්‍රත ලුණු පමණක් මිලදී ගැනීම. හැකි හැමවිටම ආහාර පිසීමෙන් පසු ලුණු ආහාරයට එකතු කරන්න.

* ලුණු ද්‍රාවණය වෙනුවට ලුණු කුඩු භාවිතා කරන්න.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ පණිවිඩයකි.