මොළයේ ව්‍යූහය නිරෝගීව පවත්වා ගැනීමට කළ යුතු දේ

මොළයේ ව්‍යූහය නිරෝගීව පවත්වා ගැනීමට කළ යුතු දේ

මෙම වැඩසටහනට සහභාගී වූයේ ස්නායු රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය නිලුපුල් පෙරෙරා මහතායි.

අපගේ හිස් කබල පිළිබඳ සලකා බැලුවොත් එහි පිහිටා ඇත්තේ මොළයයි. එහි සිට සුෂුම්නාව නමැති මහා ස්නායුවක් පහතට ගමන් කරනු ලබනවා. නැවත එම සුෂුම්නාවේ සිට පොල් අත්තක ඉරටු මෙන් ස්නායු ද ශරීරය පුරා ගමන් කරණු ලබනවා. එහි දී බෙල්ලෙන් පටන් ගන්නා ස්නායු දෑත් වලට ද තුනටියෙන් පටන් ගන්නා ස්නායු කකුල් වලටද පිටේ සිට උදරයටද ස්නායු ගමන් කරනු ලැබේ.

මොළය විසින් සුෂුම්නාව හා අනෙකුත් ස්නායු ආශ්‍රිත කාර්ය භාරය පිළිබඳ පැහැදිලි කළොත් ?

අපගේ ශරීරයේ ප්‍රධාන මෙහෙයුම් මධ්‍යස්ථානය වන්නේ අපගේ ස්නායු පද්ධතියයි. එම ස්නායු පද්ධතිය පාලනය වන්නේ අපගේ මොළය මගිනි. අපගේ ශරීරය විසින් සිදුකරනු ලබන මාංශපේශි චලනය, දැනීම තේරුම් ගැනීම ආදී සියලු කාර්යභාරයන් සිදු කරනු ලබන්නේ ස්නායු පද්ධතිය මගිනි. ඒ වගේම ඉතා ඉහළ මට්ටමේ ක්‍රියා පටිපාටීන් වන මතකයේ තබා ගැනීම, කරුණු සාකච්ඡාව, භාෂාමය හැකියාව, සංගීතමය හැකියාව, ක්‍රීඩා කෞෂල්‍යය අතීතය තේරුම් ගෙන අනාගතයට ඒවා නිවැරදිව සිදු කරීම ආදී බොහෝ දේ සඳහා ස්නායු පද්ධතිය මහෝපකාරී වේ. මෙය වඩාත් සරලව සියලු සංවේදන සිදුකරන්නේ මෙම මොළය ආශ්‍රිත ස්නායු පද්ධතිය මගිනි.

ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන රෝගී තත්ත්ව මොනවාද?

මෙම ස්නායු පද්ධතියේ ක්‍රියාකාරීත්වයට බාධාවන විවිධ හේතූන් අපට හඳුනා ගත හැකියි. ඒවා ශරීරයේ තිබෙන ස්නායු පද්ධතියට බලපෑමක් ඇති කරන ස්ථානයට අනුව විවිධ ලෙඩ රෝග මේ ආශ්‍රිතව හට ගත හැකියි. ව්‍යුහ විද්‍යාත්මක වෙනසක්, තුවාලයක්,විෂබීජයක්, රසායනික සංයෝග වල වෙනසක් හෝ ජානමය වශයෙන් බලපෑ හැකි යම් හේතුවක් නිසා ස්නායු පද්ධතියේ විවිධ මට්ටම් වලට බලපෑම් ඇති කරනු ලැබේ.

අපගේ පැවැත්ම ස්නායු පද්ධතියේ දීර්ඝ කාලීන යහපැවැත්මට හේතු වන්නේ කෙසේද?

ස්නායු පද්ධතිය නිරන්තරයෙන් වෙනස් වීම් වලට භාජනය වනු ලැබේ. ස්නායු පද්ධතිය නිර්මාණය වී ඇති ඉතා කුඩාම ඒකකය වන්නේ " නියුරෝනයි." මේවා හැම විටම හැම මොහොතකම වෙනස්කම් වලට භාජනය වනු ලැබේ. මෙම ස්නායු සෛල එක සෛලයක් අනෙක හා බැඳ පවතින අතර ඒ හරහා පණිවිඩ නිරන්තර හුවමාරුවේ.

නමුත් එසේ බැඳ පවතින ජාලය පවා නිරන්තරයෙන් වෙනස් වීම් වලට භාජනය වේ. මෙය ඉතාමත් සමතුලිතව සිදු වනු ලැබේ. එම ක්‍රියාවලිය ඉතාමත් සුමටව සිදු වනු ලැබේ. උදාහරණයක් වශයෙන් අප ව්‍යායාම කරන විටෙක මොළයට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩි වනු ලැබේ. එමගින් එහි රසායනික ක්‍රියාකාරීත්වය යහවත්ව සිදු කර ගැනීමට උපකාරී වේ. මෙහිදී මොළයේ නිපදවන රසායනික සංයෝග මගින් මොළයේ ක්‍රියාකාරීත්වයට ඒ සඳහා ලැබෙන රුධිර ප්‍රමාණය ඉතා වැදගත් වන අතර ඒ සඳහා ව්‍යායාම ඉතා අත්‍යවශ්‍ය වේ.

යම් පුද්ගලයෙකු ක්‍රියාකාරීව සිට ඊට කෙටි කලකට පසුව මන්දගාමී පුද්ගලයෙකු වන්නේ ඇයි.?

ලෝකය පුරා පිළිගත් මතයට අනුව මොළය හැකිතාක් ක්‍රියාත්මකව පවතින තරමටම මොළයේ සෞඛ්‍ය ආරක්ෂා වන බවයි. බොහෝ විට මොළය වෙහෙසා වැඩකරන අය පිළිබඳ සලකා බැලුවොත් ඔවුන්ගේ මොළය ආශ්‍රිත ක්‍රියා පටිපාටිය ඉතාමත් සාර්ථක වේ. යම් අයෙක් බොහෝ දුරට විශ්‍රාම ගිය පසුත් ගතින් සිතින් දුර්වල විය හැකියි. නමුත් විවිධ උපක්‍රමශීලී ක්‍රියා කාරකම් මගින් තමාගේ මොළය නැවත ක්‍රියාකාරී කර ගත හැකියි. ඒ වගේම මෙසේ කිරීමෙන් මතකය අමතක වීම වැනි රෝගී තත්ත්ව වැළඳීම වැළැක්වීමට හෝ පමා කිරීමට හැකියාවක් ලබා ගත හැකියි.

ස්නායු සෛලයේ ව්‍යුහය, ක්‍රියාකාරීත්ව, සාමූහිකව ක්‍රියාත්මකවීම පිළිබඳ කථාබහ කළ යුතුයි. ඒ අනුව මොළයේ ව්‍යුහය යහපත්ව පවත්වා ගැනීමට රසායනික ද්‍රව්‍ය අවශය වන අතර විටමින් ඕ12 ටඪඵඩ ධඪත ඉතාමත් වැදගත්. ක්‍රියාකාරීත්වය යහපත් කර ගැනීමට කියවීම , බරපතළ ගැටලු විසඳා ගැනීමට උත්සාහ කිරිම වැනි ක්‍රියා කිරීම මගින් එහි ජාලගත ක්‍රියාකාරීත්වය යහපත් කරගත හැකියි. ඒ අනුව ආහාර මගින් එහි ව්‍යුහය යහපත් කරනවා වගේම ක්‍රියාකාරකම් හරහා ජාලගත යහපැවැත්ම ආරක්ෂා කරගත හැකිවේ.