පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමට සැත්කමකින් තොරව කළ හැකි නවතම ප්‍රතිකාර

පුරස්ථි ග්‍රන්ථිය ඉදිමීමට සැත්කමකින් තොරව කළ හැකි නවතම ප්‍රතිකාර

පසුගිය සතියේ අප ඔබ දැනුවත් කළේ වයස අවුරුදු 50 - 60 ඉක්මවු පුරුෂයන්ට ඇතිවිය හැකකි පුරස්ථ ග්‍රන්ථිය ඉදිමීමේ රෝගය පිළිබදවයි. දරුවෙකු අපේක්ෂාවෙන් සිටින සියලුම පුරුෂයකුට අත්‍යවශ්‍යය වන්නාවු පුරස්ථ ග්‍රන්ථියේ ඇතිවන රෝගීි තත්ත්වයන් හදුනාගත හැකි ආකාරය, රෝග ලක්ෂණ සහ ඒ සදහා කළ යුතු පරික්ෂණ පිළිබ දව ඔබ දැනුවත් වු බව අප සිතනවා .අද ඔබට ගෙන හැර දක්වන්නේ පුරස්ථ ග්‍රනථිය රෝගීවුවිට නවින ප්‍රතිකාර ක්‍රම ඔස්සේ සැත්කමකින් තොරව ප්‍රතිකාර ලබා දෙන අන්දමයි.

ප්‍රථමයෙන් පැවසිය යුත්තේ පුරස්ථ ග්‍රන්ථය ආශි‍්‍රතව ඇතිවන රෝගී ත්ත්ත්වයන් සදහා ප්‍රතිකාර ගැනිමේදි රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර ගැනිමෙන් වළකින ලෙසයි. රෝග ලක්ෂණවලට පාදක වන හේතුන් අල්ට්‍රා සවුන්ඩ් පරික්ෂණ, PSR පරික්ෂණ මගින් සොයාගතත් යුතුය ප්‍රතිකාර වෙත යොම විය යුත්තේ පරික්ෂණවලින් සොයාගත් ප්‍රතිඵල මතය.. පරික්ෂණ නොකොට රෝග ලක්ෂණවලට පමණක් ප්‍රතිකාර කිරිමේදි සිදුවන අනිසි ප්‍රතිඵලය වන්නේ පිළිකාමය ත්ත්ත්වයක් දක්වා රෝගය ව්‍යාප්ත විමයි.

වයස්ගත අයට පුරස්ථ ග්‍රන්ථිය ඉදිමමේ ත්ත්ත්වයක උදා වුවද තරුණ වයසේ අයටද පුරස්ථ ග්‍රන්ථිය ආශි‍්‍රත රෝග වැළදීම සිදු නොවනවා නොවේ. නොවේ.අවු 35 - 45 අතරේ වෙසෙන තරුණයන්ටද පුරස්ථ ග්‍රන්ථය පැසවිමට ලක්විම සිදුවිය හැකියි. රෝග ලක්ෂණය වන්නේද මුත්‍රා කිරිමට තිබෙන අපහසුතාවයයි. මෙම රෝගි තත්ත්වය prostatitis ප්‍රොස්ටර්ටයිටිස් ලෙස හැදින්වේ.

පුරස්ථ ග්‍රන්ථියේ තද ගතිය අවම කරන ඖෂධ විෂබිජ නාශක සහ වේදනා නාශක මගින් ප්‍රතිකාර සිදු කෙරෙන අතර සති 2 - 3 ක් පමණ කාලයක් ප්‍රතිකාර ගත යුතුය.නමුත් මෙම රෝගයේ තිබෙන තවත් ගැටලුවක් වන්නේ රෝගය සුව වුවද නැවත හට ගැනිමේ ප්‍රවණතාවයක් ඇතිවිමයි.ඇතැම් විට රෝගය සුව වි වසර 2 - 3 ක දි නැවත මතුවිය හැක.මේ හේතුව නිසා රෝගියා මානසික අසහනයට පවා ගොදුරුවේ. මුත්‍රා පද්දතියට හෝ වකුගඩුවලට මෙම රෝගි තත්ත්වයෙන් හානියක් සිදු නොවන බැවින් මෞත්‍ර ලිංගික රෝග පිළිබද විශේෂඥ වෛද්‍යවරයකු මුණ ගැසි නිසි ප්‍රතිකාර වෙත යොමු විය යුතුය. එවිට ශල්‍යකර්මයක් කිරිමටද අවශ්‍ය වන්නේ නැත.

සමස්ථයක් ලෙස බහුතරයකට වැළදෙන පුරස්ථ ග්‍රන්ථයේ මධ්‍යම කොටස විශාලවිමට ඖෂධ ප්‍රතිකාර මගින් සුවයක් ලබා ගත හැිකි විම වර්තමාන වෛද්‍ය විද්‍යවේ දියුණුවේ සංකේතයකි. දැනට වසර 10 – 20 ක ට පෙර මෙම තත්ත්වය සදහා අනිවාර්යයෙන්ම සැත්කමක් සදහා රෝගියා භාජනය කළ යුතු නමුදු වර්තමානයේ ප්‍රධාන ඖෂධ කාණ්ඩ දෙවර්ගයක් ලබා දිමෙන් රෝගය සුව අතට පත් කළ හැක.

විශාලවු පුරස්ථ ග්‍රන්ථිය අවම කිරිම සදහා ඖෂධ ලබා දිමෙන් සහ ම්‍රත්‍රා මාර්ගයේ මාශ පේශි ලිහිල් කිරිිම සදහා ලබා දෙන ඖෂධ නිසා මුත්‍රා කිරිම පහසු කරවයි.දෙවන කාණ්ඩයේ ඖෂධ මගින් පුරස්ථ ග්‍රන්ථිය තුළ ඇති හෝර්මීන අවම කිරිමෙන් එය කුඩා විම සිදුවේ. මෙම ඖෂධ කාණ්ඩ වසර 1 -3 දක්වා කාලයක් නිසි මාත්‍රාව නිසි ආකරයට නිසි වේලාවට ලබා ගත යුතුය.නිසි මාත්‍රාව ලබා ගැනිමෙන් ශල්‍යකර්මයකින් පුරස්ථ ග්‍රන්ථිය ඉවත් කිරිමට අවශ්‍ය නැත.

ඇතැමුන්ට අතුරු ආබාධ ලෙස කලාතුරකින් මෙම ඖෂධ වලට රුධිර පිඩනය අවම විම, කැරැකැවිල්ල ඇදිය ඇති වියහැක. මෙවැනි තත්ත්වයකදි නම් රෝගියාව ශල්‍ය කර්මයකට භාජනය කොට ග්‍රන්ථිය ඉවත් කිරිමට සිදුවේ. එහි ඇතිවන අතුරු ආබාධ ලෙස ලිංගික ක්‍රියවලියේදි ශ්‍රැක්‍රාණු පිටවිම අවම වේ. දරුවන් අපේක්ෂාවෙන් තොර අය ට නම් මෙයින් ගැටලුවක් ඇති වන්නේ නැත.

ඖෂධ ගන්නා රෝගීන් වෛද්‍යවරයාගේ තිරණය මත සය මසකට වසරකට වරක් වෛද්‍යෙවරයා මුණ ගැසි සියලු පරික්ෂණ කර ගත යුතුය.එසේම ඖෂධ වල ගුණ අගුණ පරික්ෂා කර බැලිය යුතුය. ඖෂධ වලට ප්‍රතිචාර නොදක්වන ඇතැම් රෝගින් ගේ ග්‍රන්ථිය ක්‍රමයෙන් විශාලවිමට ලක් විම සිදුවිමනිසා පිළිකාමය තත්ත්වයක් දක්වා එය වර්ධනය විය හැක. ඖෂධ ලබා ගන්නා ඇතර ඉහත සදහන් සංකුලතා මතුවුවහොත් ඖෂධ නවතා ශල්‍යකර්මයක් ගැන සළකා බැලිය යුතුවේ.