ඉන්සියුලින් එන්නත් කළ යුතු නියමිත වේලාවන්

ඉන්සියුලින් එන්නත් කළ යුතු නියමිත වේලාවන්

දියවැඩියා රෝගීන්ට බාහිරින් ඉන්සියුලින් ලබා දීම පිළිබඳව පසුගිය සතියේ විමසා බැලුණි.

මේ වනවිට බහුලව ඉන්සියුලින් භාවිතය සිදුවන බැවින් වඩාත් වැදගත් වන්නේ නිවැරදිව ඉන්සියුලින් එන්නත් කිරීමේ ක්‍රමවේද දැන සිටීමයි. ඒ අනුව ගිය සතියේ හඳුනාගත් කරුණුවලට අමතරව ඉන්සියුලින් එන්නත් කිරීමේදී වැදගත්වන තවත් කරුණු අද හඳුනා ගනිමු.

ඉන්සියුලින් රුධිරගත වීමේ වේගය රැඳී පවතින සාධක මොනවාද?

එන්නත් කරන ප්‍රදේශයේ ඇති තෙල් තට්ටුවේ ඝනකම ඉන්සියුලින් රුධිරගත වීමේදී උදර ප්‍රදේශයට ලබා දීමෙන් එය වේගවත්ව සිදුවන අතර, තට්ටම් හා කලව, දෙපස රුධිරගත වීමේදී වේගය අඩුවෙන් සිදුවන ස්ථාන වේ. අත්වල පූර්ව කොටස්වල එම වේගය මධ්‍ය අගයක් ගනී.

නාල තුළ රුධිරය සංසරණය වන වේගය

දුම්පානය මෙයට බාධාවක් වන අතර, එමඟින් ඉන්සියුලින් ශරීරගත වන වේගය අඩු වේ. ව්‍යායාම, උණු වතුර නෑම, එන්නත් කළ ස්ථානය සම්භාහනය කිරීම මඟින් රුධිර සංසරණ වේගය වැඩිවන අතර ඉන්සියුලින් ශරීරගත වන වේගය වැඩි වේ.

ඉන්සියුලින් විදින ප්‍රදේශය තෝරා ගන්නේ කොහොමද?

මෙහිදී පහත සඳහන් කරුණු පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත් වේ.

එකම දවසේ එකම වේලාවකට එකම ප්‍රදේශයක් තෝරා ගත යුතුය.

උදා. උදෑසන හා දහවල් එන්නත් උදේ පෙරවරු 7.00ටත්, දහවල් පස්වරු 12.00ටත් දිය හැක. රාත්‍රියේ එන්නත පස්වරු 7.00ට දිය හැක.

කලවා දෙපස හෝ අතේ පූර්ව කොටසට දිය හැකිය.

එකම ස්ථානයට එන්නත් කිරීම නිසා සමේ තුවාල ඇතිවිය හැක. ඒ නිසා එක් ප්‍රදේශයක ඉන්සියුලින් එන්නත් කළ යුත්තේ ඔරලෝසුවේ ඉලක්කම් තිබෙන ආකාරයටය.

එකම දවසේ ශරීරයේ වම් හා දකුණු ප්‍රදේශය භාවිතා කිරීම සුදුසු වේ.

උදා. උදෑසන ඉන්සියුලින් දකුණු කලවා ප්‍රදේශයේ පිට පැත්තට ලබා දිය හැකි අතර රාත්‍රියේදී ඉන්සියුලින් වම් කලවා ප්‍රදේශයට දිය හැක.

සෑම සති 1කට හෝ 2කට වරක් වෙනත් ප්‍රදේශයක් තෝරා ගන්න.

පහත සඳහන් දේ කිරීමෙන් වළකින්න

උදර ප්‍රදේශයේ පෙකණියට වඩාත් සමීපයේ, උපන් ලප ආසන්නයේ හෝ තුවාල සනීප වූ ස්ථාන සමීපයේ එන්නත් කිරීමෙන් වළකින්න. කලවා ඇතුළු ප්‍රදේශ එකට ඇතිල්ලී තුවාල විය හැකි නිසා එම ප්‍රදේශයට එන්නත් කිරීමෙන් වළකින්න.

එන්නත් විදීමෙන් පසුව ව්‍යායාම කිරීමෙන් වළකින්න.

ඉන්සියුලින් වයලය කොපමණ කලක් භාවිතා කළ හැකිද?

මූඩිය විවෘත කළ, මධ්‍යකාලීන හෝ දිගුකාලීන වයලයක් මාසයක් පමණ පාවිච්චි කළ හැකි අතර, වහා ක්‍රියාත්මක වන, දියවන සුළු ඉන්සියුලින් පාවිච්චි කළ හැක්කේ දින 14ක් පමණි.

විශේෂ අවස්ථා,

නිවසෙන් බැහැරව ආහාර ගැනීමේදී උදා. ආහාරවේල් අඩංගු පිෂ්ඨය, ප්‍රෝටීන හා ලිපිඩ ප්‍රමාණය ගැන කල්පනාකාරී වන්න.

ගමන් බිමන් යාමට පෙර ඔබේ වෛද්‍යවරයා හමු වී භාවිතා කළ යුතු ඖෂධ ප්‍රමාණය පිළිබඳව උපදෙස් ලබා ගන්න.

රුධිරයේ සීනි මට්ටම පහත වැටීමේදී ඇතිවන රෝග ලක්ෂණ අවබෝධ කර ගැනීම වැදගත්ය.

දහදිය දැමීම, මහන්සිය, කැක්කුම, සිහිය වෙනස්වීම, හැසිරීම් රටාවේ වෙනස්වීම් එවැනි ලක්ෂණය මෙවැනි අය රුධිරයේ සීනි මට්ටම මනින මීටරය හා ග්ලූකෝස් වැනි ආහාරයක් ළඟ තබාගත යුතුය.

ඉන්සියුලින් ගබඩා කර තබා ගන්නේ කෙසේද?

ඔබ දැනටමත් පාවිච්චි කරන ඉන්සියුලින් වයලය කාමර උෂ්ණත්වයේ තබා ගත යුතුය. ශීතකරණයේ ශීත කරන ලද ඉන්සියුලින් විදින විට වේදනාව ඇතිවන අතර පටකවලට හානි කර වේ. එබැවින් අමතර ඉන්සියුලින් වයල පමණක් ශීතකරණයේ තබන්න. එහිදී අධිශිතකරණයේ දැමීමෙන් ඉන්සියුලින්වල ක්‍රියාකාරීත්වය අඩපණ වේ.

සැලකිලිමත් විය යුතු කරුණු

ඉන්සියුලින්වල වර්ණය වෙනස් වී ඇත්නම් එය භාවිත කිරීමෙන් වළකින්න.

එහි ක්‍රියාකාරීත්වය අඩුවන දිනය හොඳින් පිරික්සන්න.

ඉන්සියුලින් සිරින්ජරය නැවත භාවිතයට ගත හැකිද?

ඔබගේ සමේ තුවාල ඇත්නම් හෝ ඔබගේ ප්‍රතිශක්තිය අඩු නම් සිරින්ජරය නැවත භාවිතා කිරීම නුසුදුසුය.

නමුත් එහිදී වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් යෝග්‍ය වේ.


6 මසකට වඩා පැරණි Makeup භාවිතය හොඳ නැහැ

අත් බෑගයක් අපට අවශ්‍ය දේ දමාගෙන යාමට උපකාරී වෙන හිත මිතුරියක් වගෙයි. ටී බෑගය පහසුවෙන්ම තේ කෝප්පයක රස බලන්නට මඟ පාදයි. මේ සියලු ආකාරයේම බෑග් එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාම වඩාත් පහසු කළත් ඔබටත් හොරා තවත් අපහසුතා රැසක් ඇති කරයි.

ටිෂූ කඩදාසි

දහඩිය, සොටු, කඳුළු මේ සියල්ල සිරුරින් බැහැරවෙන ද්‍රව්‍යයි. මේවා විසබීජවලින් අඩුවක් නැති අපද්‍රව්‍යයි. ගත තෙමන දහඩිය දුකට සතුටට එන කඳුළු, සොටු ආදිය පිසින්න ඔබේ හෑන්ඩ් බෑගයේ නිරන්තරයෙන් ටිෂූ කඩදාසි, ලේන්සු අඩුවක් නැතිව ඇත. මේවා ඔබට නිරන්තරයෙන් භාවිතා වේ. එහෙත් ඒවා බෑගයෙන් ඉවත් කිරීමට මතක් වෙන්නේ කීයෙන් කී දෙනාටද?

ටිෂූ කඩදාසියක සෙම්ප්‍රතිශ්‍යා වෛරසයට පැය 24ක් හෝ ඊටත් වැඩි කාලයක් ක්‍රියාකාරීව පැවතිය හැකියි. සමහරු කැඩුණු පාවහන් පවා අත් බෑගයේ දමා

ගනී. පාවහන් ඇවිදින විසබීජ ගබඩාවක් වාගෙයි. එහි සැල්මොනෙල්ලා, ඊ -කෝලි වැනි උදරාබාධවලට හේතුවන විසබීජ පවා තිබිය හැකියි. මේ විසබීජ පැය විසි හතරකදී දෙගුණ තෙගුණ වේ. ඒ නිසා කැඩුණු පාවහන් ආදිය දැමීමේදී ප්ලාස්ටික් බෑගයක දමා බෑගයට දැමීමට අමතක නොකරන්න.

හය මසකට වඩා පැරණි මස්කාරා මේක් අප් එපා

මේක් - අප් ද බැක්ටීරියා ආකරය 92%ක් පමණ කාන්තාවන් භාවිත කරන මස්කාරාවලට ඇස් ආසාදනය කළ හැකි බව මෑතකදී කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ. බෙහෝ කතුන් භාවිත කර ඇත්තේ හය මාසයකට වඩා පැරණි මස්කාරායි.