විජලනයේදී කළ යුතු හා නොකළ යුතුදේ
විජලනයේදී කළ යුතු හා නොකළ යුතුදේ
* කැෆේන් අඩංගු කෝපි, කෝලා පාන ඉක්මනින්ම කෙනකු විජලනයට පත් කරයි. එවැනි පාන
ගත් පසු
වැඩිපුර මුත්‍රා පිටවීම ඊට හේතුවයි.
* ප්‍රෝටීන් අධික ලෙස අඩංගු ආහාර ද විජලනයට මඟකි.
* මද්‍යසාර ප්‍රධාන වගඋත්තරකරුවෙකි.
* සැඳෑ කාලය ව්‍යායාම කිරීමට තෝරා ගන්න.
* ජලය පානය කිරීමට වතුර පිපාසය දැනෙනතුරු නොසිටින්න. පිපාසය දැනෙන විටත් ඔබ
විජලනයට පත් වී අවසානය.
* ජලය පානය කිරීමට අසීරු නම් නැවුම් ලෙමන් ගෙඩියක හෝ දොඩම් ගෙඩියක යුෂ ජලයට
එක්කර පානය කරන්න.
* දිනකට තෙවරකට වඩා අඩුවෙන් මුත්‍රා පිටවෙනවා නම් වැඩිපුර ජලය පානය කරන්න.
* කොමඩු වැනි පලතුරු විජලනයට කදිමයි.
* සුළඟ සහිත දිනවල වැඩිපුර ජලය පානය කරන්න.
* ව්‍යායාම කිරීමට පෙර ජලය පානය පුරුද්දක් කරගන්න.
* ව්‍යායාම කරන සෑම මිනිත්තු 15 – 20 කට වරක්ම ජලය අවුන්ස 8 – 12 ක් පානය
කරන්න.
* ව්‍යායාම කිරීමෙන් පසුව ද ජලය පානය කරන්න.
* පිපිඤ්ඤා, තක්කාලි, කැන්ටලූප්, මිදි විජලනය සැනෙකින් දුරුකිරීමට උදව්
වෙයි.
අන්තර්ජාලය ඇසුරෙනි
- චම්පිකා දීපානි
|