පඩි නගිනවිට බිම හිඳගෙන නැගිටින විට දණහිස රිදෙනවා

මෙන්න භෞතච්කිත්සක ප්‍රතිකාර

පඩි නගිනවිට බිම හිඳගෙන නැගිටින විට දණහිස රිදෙනවා

ශරීරයේ බර වැඩි වීම බොහෝ ලෙස රෝගවලට හේතු වේ. ශරීරයේ බර උසුලා සිටින මේ නිසා ඉතා ඉක්මනට රෝගී විය හැකිය. ශරීරයේ බර උසුලා සිටින සන්ධි හා නිතර ගෙවීම්වලට ලක්වන සන්ධිවල ඔස්ටියෝ ආතරයිටීස් රෝගය ඇති වේ.

එනම් මෙම රෝගය දණහිස් සන්ධිවල බහුලව ඇති වේ. මෙහි ප්‍රධාන ලක්ෂණය වන්නේ සන්ධිවල දැනෙන වේදනාවයි. වේදනාව සමඟ සන්ධිවල ඉදිමුම ඇති වේ. එසේම මේ රෝගය ඇති අය ඇවිදීමේදී, සිටගෙන සිටීමේදී, පඩිපෙලක් නැග යන විටදී වේදනාව වැඩි වේ. රාත්‍රියට සන්ධිවල වේදනාව වැඩි වේ. තවද බිම හිඳගෙන සිට නැගිටීමට අපහසු වේ. සන්ධිවල හටගන්නා වේදනාව නිසාම ක්‍රම ක්‍රමයෙන් සන්ධිවල චලනය සීමා වේ. ඉන් පසු සන්ධි අවට මාංශපේශින් දුර්වල වී මාංශ පේශින් සිහින් වී යා හැක.

ඔස්ටියෝ ආතරයිටීස් රෝගය හෝමෝන ක්‍රියාකාරීත්වයේ ඇති වන වෙනස්කම් නිසා අවුරුදු 45ට වඩා වැඩි කාන්තාවන් අතර බහුලව දක්නට ලැබේ. එමෙන්ම අධික බරකින් යුක්ත අයට මෙම රෝග තත්ත්වය වඩාත් වැඩිය.

දෙපාවල දිගෙහි වෙනස්කම් ඇති අයට ද්විතියිකව මෙම තත්ත්වය වර්ධනය විය හැක. එසේම තරුණ වියේදී මෙම රෝගය වැළඳෙන්නේ සන්ධි අනතුරට පත් වීමෙන් පසුය. ස්නායු අනතුරට පත් වීමෙන් පසුව සන්ධිවල සංවේදන අඩු වී ඔස්ටියෝ ආතරයිටීස් තත්ත්වය වර්ධනය විය හැක. මෙම රෝගයේදී වන්නේ සන්ධිය තුළ ඇති ආටිකියුලර් කාටිලේජ් ඛාදනයට ලක් වීමයි.

මේ සඳහා භෞත චිකිත්සක ප්‍රතිකාර ලෙස කෙටි තරංග ප්‍රතිකාරයත් සන්ධි අවට මාංශපේෂි ශක්තිමත් කරන ව්‍යායාම ද ඉතා අවශ්‍ය වේ. මෙම ප්‍රතිකාර කිරීමෙන් පසු රෝගියාගේ වේදනාව, ඉදිමුම පහ වී ගොස් සන්ධිය චලනය කිරිමට පහසු වේ. මෙම රෝගයට ප්‍රතිකාර නොකර සිටීමෙන් සන්ධිවල නොයෙකුත් විකෘතිතා ඇති වේ. උදාහරණ වශයෙන් “හර්බන් නෝඩ්ස්” සහ “බුවාඩ්ස්” නම් වන ගැට ඇඟිලි පුරුක් සන්ධිවල ඇති වේ.

මෙම රෝගයෙන් පෙළෙන අයට දෙන අවවාද නම් ඔබගේ බර වැඩි නම් එය අඩු කර ගැනීමට සිතිය යුතුය. එසේම පඩිපෙල නැගීම බිම හිඳගෙන නැගිටීම වැනි දෑ හැකි තරම් අඩු කළ යුතුය. කිසිම විටක යම් උඩක සිට බිමට පැනීම නොකළ යුතුය.

දණහිස් සන්ධියේ ඔස්ටියෝ අතරයිටීස් තත්ත්වය සඳහා සුදුසු ව්‍යායාමයක් සඳහන් කළොත් එනම් උඩුබැලි අතට දිගාවී දණහිස් සන්ධිය නොනැමෙන සේ පාදය අංශක 45ක් පමණ ඔසවන්න. නැවත ඉතා සෙමින් පාදය පහත දමන්න.