අක්මාව ලෙඩ වෙලාද? මේ පරීක්ෂණ මඟින් සොයා ගත හැකියි
අක්මාව ලෙඩ වෙලාද? මේ පරීක්ෂණ මඟින් සොයා ගත හැකියි
මිනිසාගේ අක්මාව රෝගී වීම යනු මුළු ශරීරයේම ක්‍රියාකාරීත්වය අඩපණ විය හැකි කාරණයකි.
අක්මාව නිරෝගීව තබා ගැනීමට මිනිස් ක්‍රියාකාරකම් ද ප්‍රබල බලපෑමක් ඇති කරනු ඇත.
කෙසේ හෝ අක්මාව රෝගී වුවොත්, එසේ වූ විගස හඳුනා ගත හැකි නම් එය මිනිසාට ලැබෙන එක්
වාසියකි. ඒ තුළින් යම්තාක් දුරට රෝගය වළකා ගැනීමට උත්සාහයක් දැරිය හැකිය. එවැනි
රෝගී තත්ත්වයක් ඇති වී ඇත්දැයි සොයා බැලීමට වෛද්‍යවරුන් අනුගමනය කරන්නා වූ
ක්‍රමවේදයන් පිළිබඳ දැනුවත් වීම ද අපට වැදගත් වන කාරණයකි.
සාමාන්‍යයෙන් අක්මාව රෝගී වීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක් ඇත. ඒ අනුව විෂබීජ
ඇතුළුවීම, බෝ නොවන රෝගවලට ගොදුරුවීම, විෂ ද්‍රව්‍ය ඇතුළුවීම යනාදිය අක්මාව රෝගී බවට
පත් කිරීමට ප්‍රධාන තැනක් ගනී. අක්මා ප්‍රදාහයක් ඇතිවීම (Hepatitis) සිදුවන්නේ
වෛරස් ආසාදනයන් නිසා ය. විවිධ වෛරස් හා බැක්ටීරියා නිසා අක්මා ප්‍රදාහ ඇති වේ.
ඇතැම් අවස්ථාවල පරපෝෂිතයන් නිසාවෙන් ද අක්මා රෝග ඇතිවන අවස්ථා ඇත. උදාහරණයක් ලෙස
ඩෙංගු වෛරසය නිසාත්, මැලේරියාව නිසාත් අක්මාව රෝගී විය හැකියි.
මිනිසාගේ ජීවන රටාවේ පවතින අයහපත් චර්යා රටා හා ජානමය හේතු නිසා බෝ නොවන රෝග ඇති
වේ. එය ද අක්මාව රෝගී කිරීමට ප්‍රබල සාධකයකි. එහි අවසන් ප්‍රතිඵලය ලෙස සිරෝසීස්
නැමැති තත්ත්වය ඇතිවිය හැකියි. මෙකී රෝගී තත්ත්වය බොහෝ විට ඇති වන්නේ පමණට වඩා
මත්ද්‍රව්‍ය ලබා ගැනීම හේතුවෙනි. අනෙක් කාරණය වන්නේ අක්මාවේ තෙල් තැන්පත් (Fatty
liver) වීමය. එහි දී ද අක්මාවට හානි විය හැකිය. එසේම ශරීරයට ඇතුළු වන විෂ ද්‍රව්‍ය
අක්‍රීය කිරීමේ කාර්යය සිදු කරනුයේ අක්මාව විසිනුයි. අනවශ්‍ය ලෙස සිරුරට විෂ
ද්‍රව්‍ය එකතු වීමේ දී අක්මාවට හානි විය හැකිය.
අක්මා ප්‍රදාහ (hepatitis) කිහිපයක් ඇත. එහි දී
Hepatitis A ,
E වලින් සිරෝසීස්
තත්ත්වය ඇති නොවේ. එහෙත් B, C, D යන තත්ත්වවලදී සිරෝසීස් තත්ත්වය ඇතිවිය හැකිය.
සිරෝසීස් රෝගය ඇතිවන්නේ පෙර සඳහන් කළ අක්මා ප්‍රදාහ, ආසාදන, බෝනොවන රෝග යනාදී
තත්ත්වයන් හී අවසන් ප්‍රතිඵලයක් ලෙස ය. තව ද අක්මාවේ පිළිකා සහ පිළිකා නොවන ගෙඩි
ඇති වීමක් ද සිදුවිය හැකිය. එය සිරෝසීස් නිසාත් සිරෝසීස් නොමැතිව ද ඇතිවිය හැකි
තත්ත්වයකි.
අක්මාව අක්‍රීය වීමට පටන් ගැන්මත් සමග මිනිසාගේ ඇස් කහ පාටවීම (Jaundie) දැකගත
හැකිය. එසේම අක්මාව පිහිටි ස්ථානයට ඉහළින් උදරයේ වේදනාවක් ඇතිවීම දක්නට ලැබේ. කෙසේ
වෙතත් අක්මා රෝගයක් ඇත්දැයි හඳුනා ගැනීමට Liver Function test
නැමැති වෛද්‍ය
පරීක්ෂාව මගින් අක්මාවේ ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරනු ලබයි. එහි දී රුධිරයේ ඇති
ඇල්බියුමින් (Albumin) ප්‍රමාණය මැන බැලීම සිදු කෙරේ.
අක්මාවේ ක්‍රියාකාරීත්වය අඩපණ
වීමේ දී ඇල්බියුමින් ප්‍රමාණය අඩු වේ. තව ද රෝගී අවස්ථාවක රුධිරයේ ඇති ග්ලොබියුලින්
(Globulin) ප්‍රමාණය ඉහළ යයි. එසේම අක්මා සෛලයක තිබෙන ප්‍රෝටීන් රුධිරයට මුදාහැරීම
ද රෝගී අවස්ථාවක වැඩි වේ.
එය පරීක්ෂා කිරීම සඳහා
SGOT, SGPT යන පරීක්ෂණ
වැදගත් වේ. අක්මාවේ ඇති කහපාට වර්ණකය (Bilirubin) වැඩි වේ. එය ද රෝගී අවස්ථාවක දැක
ගත හැකි ප්‍රධාන ලක්ෂණයක් වේ.
මෙවැනි අවස්ථාවක රුධිරයේ කැටි ගැසීම පිළිබඳ සොයා බැලිය යුතුය. ඒ සඳහා
INR
පරීක්ෂණය සිදු කරනු ලැබේ. සාමාන්‍යයෙන් අක්මාව අක්‍රීය වූ පසු රුධිරය කැටී ගැසීමට
අවශ්‍ය සාධක අඩු වී යයි. අක්මාවේ තෙල්, පිළිකා හා ගෙඩි තිබේ ද යන්න පරීක්ෂා කර
බැලීම සඳහා ultra sound
scan පරීක්ෂණයක් සිදුකරනු ලැබේ. කෙසේ වෙතත්
Hepartitis A, E, B තත්ත්වයන් සොයා බැලීමට වෙනම පරික්ෂණ කිහිපයක් ඇත. ඒ අනුව අක්මාවේ තත්ත්වයන්
හා රෝගී තත්ත්වයන් පිළිබඳ නිවැරැදිව නිරීක්ෂණය කළ හැකිය.
දුමින්ද අලුත්ගෙදර
|