ඔබ නිතර පරිගණකය භාවිතා කරන අයෙක්ද?

ඔබ නිතර පරිගණකය භාවිතා කරන අයෙක්ද?

පරිගණක තිරයේ පිහිටීම පිළිබඳ අපි බොහෝ අවස්ථාවල එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. නමුත් ඔබ නිතර පරිගණක භාවිතා කරන අයෙක් නම් ඔබේ ඇස් මට්ටමේ සිට එය පිහිටන දුර ප්‍රමාණය වඩාත් නිවැරදි විය යුතුයි. සාමාන්‍යයෙන් පරිගණක තිරය පිහිටන නිවැරදි දුර ප්‍රමාණය පිළිබඳව අප කාටවත් හරිහැටි අවබෝධයක් ඇත්තේ නැහැ. නමුත් පරිගණකයක් භාවිතා කළ යුතු සම්මත දුර ප්‍රමාණයක් පවතින අතර එමඟින් ඔබගේ සෞඛ්‍ය තත්ත්වයට හානිකර තත්ත්වයන් අවම කර ගත හැකි වේවි.

ඒ අනුව ඇස් මට්ටමේ සිට පරිගණකයක් පැවතිය යුතු සම්මත දුර ප්‍රමාණය වනුයේ ඇස් මට්ටමේ සිට පරිගණක තිරයේ මධ්‍යයට අංශක 10 -20ක් අතර ප්‍රමාණයක් පහතිනි. මෙම පරිගණක තිරයේ පිහිටීම වඩාත් නිවැරදිව පැවසුවොත් එය සාමාන්‍යයෙන් ඇස් මට්ටමේ සිට අඟල් 3-4ක් පහතින් පරිගණක තිරයේ මුදුන පිහිටින ආකාරයට තැබීමක් ලෙසින්ද පැහැදිලි කළ හැකියි. මීට අමතරව ඇසේ සිට පරිගණකයක තිරයට තිබෙන දුර පිළිබඳව ද සැලකිලිමත් විය යුතුයි. මෙම දුර ප්‍රමාණය ඇසේ සිට පරිගණක තිරයේ මධ්‍ය ප්‍රදේශය දක්වා සලකා බලන අතර එම දුර ප්‍රමාණය අඟල් 20ත් 26ත් අතර වීම වඩාත් සුදුසුය.

මෙම දුර ප්‍රමාණය මෙන්ම පරිගණක තිරයේ නිමැවුම ද ඉතා වැදගත් වේ. ඒ අනුව පරිගණකයක මොනිටරයක් සඳහා වඩාත් සුදුසු වන්නේ L.C.D වර්ගයේ එකකි. නමුත් පැරණි මාදිලියේ CRT මොනිටර් වර්ග ද භාවිතා කරන නමුත් එහි පවතින ගැටලුකාරී බව වන්නේ CRT මොනිටර් තීරයේ පවතින පෘෂ්ඨයේ ගැටලුකාරී බවය. එම මොනිටර්වල පවතින පෘෂ්ඨයේ ගැස්සෙන (සෙලවෙන) ස්වභාවය Flicker නමින් හැඳින්වෙන අතර එය සාමාන්‍යයෙන් පියවි ඇසට දැක ගැනීමේ හැකියාවක් නොමැත. කෙසේ වෙතත් මේ තත්ත්වය ඇසට නොපෙනුණද එය ඇසක් විඩාවට පත් කිරීමේ මූලිකම හේතුවක්.

ඒ වගේම පරිගණකයට මොනිටරයක් තෝරා ගැනීමේදී එහි ප්‍රමාණය පිළිබඳවද සැලකිලිමත් විය යුතුයි. ඒ අනුව ඔබගේ පරිගණක තිරයේ ප්‍රමාණය අවම වශයෙන් අඟල් 19 ක විකර්ණයකින් (ප්‍රතිවිරුද්ධ කොන් දෙකක් අතර දුර) යුක්ත වේ නම් එවැනි පරිගණක තිරයක් මඟින් ඔබගේ ඇසට සිදුවන හානිය අවම වී යයි. මීට අමතරව ඔබගේ පරිගණක තිරය (මොනිටරය) ඔබගේ දෙනෙත්වලට වෙහෙසකර බවක් ගෙන දේ නම් අලුත් මාදිලියේ Flat-Penel LCD භාවිතයට ගත යුතුයි.

ඒ වගේම පරිගණක තිරයේ Display Settings නිවැරදිව සකසා ගත යුතුයි.

මෙමඟින් එහි දීප්තිය ඔබ සිටින පරිසරයට වඩාත් උච්ත පරිදි එය සකසා ගත හැකියි. මෙමඟින් මූලිකව ඔබගේ ඇසට වන අපහසුතාව හා හානිය අවම කර ගත හැකි වේවි.

පරිගණකයක තිරයේ දිස්වන පිටුවෙහි පසුබිම සකසා ගන්න. එය ආලෝක ප්‍රභාවයක් සේ දිස්වේ නම් එහි දීප්තිය වැඩි වේ. අඳුරු හා අළු පැහැයට හුරු නම් අඳුරු ස්වභාවය වැඩි වේ.

පරිගණකයේ දත්ත සැකසීමේදී එහි අකුªරු, අංකවල විශාලත්වය හා වර්ණය පැහැදිලිව පෙනෙන ආකාරයට පරිගණක තිරයේ දත්ත සකසා ගත යුතුයි.

ඒ වගේම තිරයේ පසුබිම හා එහි දිස්වන අංක අකුරු අතර වෙනස පැහැදිලිව පෙනෙන ආකාරයට නියමිත අගයකට පත්වන තෙක් එහි බොත්තම් සීරු මාරු කරන්න, මේ මඟින් ප්‍රධාන වශයෙන් ඇසට වන හානිය මෙන්ම ශාරීරික වශයෙන් පරිගණකයක් භාවිතා කිරීමේදී ඔබට මුහුණ දීමට සිදුවන ගැටලු රාශියකින් නිදහස් වීමට ඔබටත් හැකි වේවි.