බිළිඳාගේ ඇඟිලි - තොල් නිරන්තරයෙන් නිල්පැහැ ගැන්වෙනවාද?

බිළිඳාගේ ඇඟිලි - තොල් නිරන්තරයෙන් නිල්පැහැ ගැන්වෙනවාද?

සීතල කියන්‍‍‍නේ ‍මේ දිනවල ලංකා‍වේ ‍බො‍‍‍හෝ පළාත් වල සුලබ තත්ත්වයක්. බාල මහලු වැඩිහිටි කවුරු වුණත් සීතල නිසා පීඩා විඳින බව ‍‍පෙ‍නෙනවා . ඒ අතරින් ළදරුවන් සහ ව‍යොවෘද්ධ පුද්ගලයින් සීතල නිසා ජීවිතක්ෂයට පත්වන අවස්ථාත් ති‍බෙනවා.

ළදරුවන් මව්කු‍සේ උණුසුම්ව රැදී ඉඳලා විවෘත පරිසරයට ආ ‍‍මො‍හො‍තේ සිට විවිධ ආකාර‍යේ කාලගුණ ‍දේශගුණ තත්ත්වයන්ට නතු ‍වෙනවා. එ අතුරින් සමහර ළදරුවෝ උපතින්ම විවිධ ‍රෝගාබාධ රැ‍ගෙනම ‍මෙ‍ලොවට බිහි‍වෙනවා. ‍මේ ව‍ගේ සීත කාලවලට ළදරුවන්‍ගේ ‍රෝග තත්ත්වයන් ‍රෝග ලක්ෂණ හරහා හඳුනා ගැනීම අපහසු වන අවස්ථා ති‍‍බෙනවා. සිරුර නිල් පැහැගැන්වීම හරහා හෘද ‍රෝග හඳුනාගතහැකි වුවද ‍බො‍හෝ දරුවන් සීතලටත් නිල් පැහැ ගැන්‍වෙන නිසා ‍දෙමව්පියන් ‍මේ පිළිබද සැලකිලිමත් ‍නොවනු ඇති.

මෙය වි‍ටෙක තරමක් භයානක තත්ත්වයක් බවත් ඒ පිළිබඳ සැලකිලිමත් විය යුතු අන්දම පිළිබදවත් ‍තොරතුරු ‍ගෙන එන්‍නේ ‍පේර‍ා‍දෙණිය සිරිමා‍වෝ බණ්ඩාරනායක වි‍ශේෂිත ළමා‍ ‍රෝහ‍ලේ ළමා හෘද ‍රෝග ඒකක‍යේ හෘද ‍රෝග පිළිබද වි‍ශේෂඥ ‍ෙ‍වෙද්‍ය සු‍නේත්‍රා ඉරුගල්බණ්ඩාර මහත්මියයි,

පුංචි පැටි‍යෙක් ‍මේ ‍ලෝ‍‍කෙට බිහි වුණාම ‍දෙමව්පි‍යන් සතුටින් ඉපිල යනවා ව‍ගේම දරුවන්‍ගේ කිසියම් ‍වෙනසක් ඇති ‍වෙනවාද නැද්ද කියන කාරණා ගැනත් ‍හෝදිසි‍යෙන් ඉන්නම ‍වෙනවා. ‍මේ දවස් වල පවතින සීත කාලගුණ තත්ත්වයත් එක්ක පුංචි පැටවු‍න්ගේ අත්පා උණුසුම් ‍රෙදි වලින් ඔතලා උණුසුම් කබා අන්දලා ති‍යෙනවා. පුංචි පැටව් තියා ගන්න ඕනෑ ඒ ව‍ගේ තත්ත්වයක තමයි. නමුත් පුංචි පැටවුන්‍ගේ සිරු‍රේ යම් යම් ‍වෙනස්කම් පාට ‍තෙතමනය වියලි බව ‍මේ හැම ‍‍දෙයක් ගැනම ‍දෙමව්පි‍යෝ අවධාන‍යෙන් ඉන්න ඕනෑ. ‍මොකද පුංචිම පුංචි කා‍ලේ ‍පෙන්වන විවිධ ‍රෝග ලක්ෂණ දුටු වහාම ප්‍රතිකාර ‍වෙත ‍යොමු වීම නුවණට හුරුයි. ‍සීතලට පැටව් තරමක් නිල්පාට ‍වෙනවා . ‍දෙමව්‍පි‍යෝ හිතන්‍නේ ‍මේක සාමාන්‍ය තත්ත්වයක් කියලා. ‍මෙය සාමාන්‍ය තත්ත්වයක පවතින අවස්ථාත් ති‍බෙනවා. නමුත් දිගින් දිගටම ඇගිලි ‍තොල් ‍පොට නිල්පාට ‍වෙනවාද කියලා ‍හෝදිසි‍යෙන් ඉන්න ඕනෑ.

පුංචි දරු‍වෝ තමන්ට ති‍යෙන ඇ‍ඟේ අමාරුව ‍වේදනාව එ‍හෙමත් නැත්නම් උවමනාව හඟවන්‍නේ ඇඩී‍මෙන් . අඩන්න දරු‍වෝ ‍ලොකු ආයාසයක් ගන්නවා. ළදරු‍වෙක් අඩන විට සිරුර තුල ඇති ඉන්ද්‍රියන්‍ගේ අවයවවල ‍‍ලොකු ‍වෙ‍නසක් සිද්ධ ‍වෙනවා. ‍මේ හැම අවස්ථාවකදීම ළදරුවා‍ගේ මුහුණ කම්මුල් රත්පැහැ ගැන්‍වෙනවා. ‍මෙවිට ඔවුන්‍ගේ ‍තොල් නිය දිව අත් පා නිල් පැහැ ගැන්‍වෙයි නම්, ඔවුන්‍ගේ හෘද‍යේ ‍රෝගී තත්ත්වයක් ඇති‍ බව ඇඟ‍වෙනවා.

‍මෙම අවස්ථා වලදී සිද්ද වන්‍නේ, හෘද‍යේ සිට සිරුරට ගමන් කරන රුධිර‍යේ ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩු වීමයි. ‍මේ නිසා දරුවා‍ගේ සිරුර නිල් පැහැ ගැන්‍වෙනවා. දරුවා ‍කොතරම් නිල් පැහැ ‍ගැන්‍වේද යන්න පුප්ඵුශීය ධමනියට රුධිරය ගලා යාමට ඇති මාර්ග‍යේ පටු බව මත තීරණය ‍වෙනවා.

මෙම ‍රොග තත්ත්වය හදුන්වන්‍නේ ෆැ‍ලොටි ‍ටෙට්‍ට්‍රොලොජි (TETRAlOGy OF FALLOT) යනු‍වෙනුයි. ‍මෙය සංජානික හෘද ‍රෝග තත්ත්වයක්. ප්‍රධාන ගැටළු ‍දෙකක් මත ‍මෙම ‍රෝග තත්ත්වය ඇති ‍වෙනවා. පුප්ඵුශීය ධමනි‍යේ අඩසඳ කපාට පටුවීම සහ කපාටයට පහලින් ඇති ‍පේෂීවල ඝණකම වැඩිවීම. අන්තර් ‍කෝෂික ආවාර‍යේ ඇති විශාල සිදුරක්. යන කරුණු මත ‍පෙනහළුවලට යන රුධිරය ප්‍රමාණය අඩු වීම නිසයි නිල් පැහැය මතු‍වෙන්‍නේ.

මෙම ‍රෝගී තත්ත්වය දරුවකු ඉපදුන පසුව හඳුනා ගන්නා අතර ‍රෝග විනිශ්චය සදහා අවශ්‍යවන එකම පරික්ෂණය එ‍කෝකාඩි‍යොග්‍රැෆි පරික්ෂණයයි. පරික්ෂණය කරන විට දරුවාට කිසිදු ‍වේදනාවක් ‍නොදැ‍නෙයි. ‍රෝග තත්ත්වය හදුනාගත් පසු ප්‍රතිකාරය වන්‍නේ ශල්‍යකර්මයක්. ශල්‍යකර්ම ‍නො‍කළ විට දරුවා වැඩිහිටි‍‍යෙකු වීමට ‍‍පෙර ජීවිත‍යෙන් සමු ගනී. ‍‍රෝගයට දරුවා ලක්ව ඇත්දැයි කලින් හදුනා ගැනීම වැදගත් වන්‍නේ ඒ නිසයි.

යම් ‍හෙයකින් දරුවා‍ගේ නිල් පැහැ බව වැඩි ‍වෙයි නම් ‍හෝ සුදු මැලි බව ‍හෝ හුස්ම ගැනී‍මේ අපහසුතාවය, ක්ලාන්තය ඇතිවුව‍හොත් ‍හෝ ශරීර‍යේ පැත්තක ක්‍රියාකාරිත්ව‍යේ ‍වෙනසක් ඇතිවුව‍හොත් වහාම ‍‍ෙ‍වෙද්‍යවර‍යෙකු හමුවී ප්‍රතිකාර ගත යුතුයි. හෘද ‍රෝග පිළිබඳ ‍ෙ‍වෙද්‍යවරයකු නම් වඩාත් සුදුසු වන්‍නේ , ‍බො‍හෝ අවස්ථා‍වල නිල් පැහැ ගැන්වීම සාමාන්‍ය ‍දෙයකැයි සිතා ප්‍රතිකාර කි‍රී‍මෙන් බරපතල තත්ත්වයන් ඇති වී ඇති බැවිනි.