ඔබේ කණ්ණාඩි කුට්ටම සැහැල්ලු නැතිද? මෙන්න විසඳුම

ඔබේ කණ්ණාඩි කුට්ටම සැහැල්ලු නැතිද? මෙන්න විසඳුම

ඔබගේ දෘෂ්ටියට ඇති වී තිබෙන යම් ගැටලුවකට ඇස් කණ්ණාඩි පැළදීමට සිදු වූවා යැයි සිතන්න. නමුත් ඒවා හැකි තරම් සැහැල්ලු බවින් යුතු වනවා නම් ඔබ ඊට වඩාත් කැමති ඇති. ඒ වගේම ඇතැම්විට ඔබ කණ්ණාඩි පැළඳීමට අකමැති නම් ඒ අවශ්‍යතාව දැඩිව පවතින බව නම් අමුතුවෙන් පැවසිය යුතු නොවේ. එසේ වුවත් පෙනීමට ඇති අපහසුතාව මඟහරවා ගන්නට ඇස් කණ්ණාඩි භාවිතා කිරීම හෝ වෙනත් විකල්පයක් තෝරා ගැනීමට ඔබට සිඳුවේ.

නමුත් ඔබ එසේ තෝරාගන්නා විකල්පය ඉතාමත් වැදගත් වන අතර ඒ සඳහා වෛද්‍යවරයාගේ සහාය පමණක් නොව දෘෂ්ටි විශේෂඥයාගේ සහාය ද අත්‍යවශ්‍ය වේ. ඒ හරහා ජීවිතයට ගැටලුවක් වූ එක් දෙයක් තවදුරටත් ගැටලුවක් නොකර ගැනීමට ඔබට හැකි වනු ඇත. වෙළඳපලේ තිබෙන අපහසු බවින් වැඩි කණ්ණාඩි වෙනුවට මේ වනවිට ආදේශන අමුද්‍රව්‍ය යොදාගෙන නිපදවා ඇති කණ්ණාඩි ඉතා ඉහළ ඉල්ලුමක් සහිතය.

ඒවා Active Lenses නමින් හැඳින්වෙන අතර වඩා ආකර්ෂණීය හා ආරක්ෂාකාරී බවින් යුතු මෙම කාච වර්ගවල පවතින සිහින් බව හා මෝස්තරය මඟින් වඩාත් ස්වභාවික පෙනුමක් ලබාගත හැකි වේ. ප්ලාස්ටික් කාච වර්ග වලට වඩා 20%ක සිහින් බවකින් යුතු වීම පළදින තැනැත්තාගේ පහසුව වඩාත් වැඩි දියුණු කිරීමට හේතු වේ.

මෙම කණ්ණාඩි කාච සඳහා යොදා ගන්නා ප්‍රතිසීරුම් තීරු නිසා දිගුකාලයක් භාවිතා කළ හැකි වීමද තවත් විශේෂත්වයකි. මෙම ගුණාංග Active Lenses වල විශ්මිත ගුණාංග ලෙසින් ද හැඳින්විය හැක්කේ කණ්ණාඩි සඳහා යොදා ගන්නා අනෙකුත් අමුද්‍රව්‍ය හා සසදා බැලීමේදී පවතින විශේෂතා නිසාවෙනි. ඊට අමතරව මෙහි පවතින වඩාත් වැදගත්ම ලක්ෂණය වන්නේ පෙනීමේ පවතින පැහැදිලි බවයි. මෙවැනි ගුණාංග නිසාම මෙම ඒජබඪමඥ ඹ්ඥදඵඥඵ ඉතාම ජනපි‍්‍රයත්වයට පත් වී තිබේ. ඒ වගේම යොදාගෙන ඇති මූලද්‍රව්‍ය ද ඉතාමත් සැහැල්ලු බවින් යුක්තය.

කෙතරම් ඒවා සැහැල්ලු බවින් යුක්ත ද කියනවා නම් සැහැල්ලු බවින් යුතු ප්ලාස්ටික් කාච වලටත් වඩා එම කාච ඉතාමත් දැඩි සැහැල්ලු බවකින් යුක්තය.

මෙවැනි ගුණාංග හැරුණු විට ආරක්ෂාකාරී බව අතින් ද මෙම කාච වර්ග වලට තිබෙන්නේ ඉතා ඉහළ ඉල්ලුමකි. මේ දිනවල පවතින අක්ෂි හා සම්බන්ධ අනෙකුත් ගැටලුව වන්නේ අහිතකර හිරු කිරණවලට නිරාවරණය වීමයි.

මෙමඟින් ඇස්වලට ඉතාමත් දැඩි අහිතකර ප්‍රතිඵල සඳහා මුහුණ දීමට සිදු වේ. නමුත් Active Lenses මඟින් අල්ට්‍රා වයලට් කිරණ ඇස තුළට පැමිණීම ඉතාමත් ඉහළ මට්ටමින් වළක්වනු ලැබේ. එය ප්‍රතිශතයක් ලෙස 99%කි. ඒ නිසා වැඩි මිල ගණන් යටතේ කාච වර්ග ඔබ ලබා ගත්තත් ඒවා මඟින් ඔබගේ ගැටලුවට පිළියමක් නොලැබේ නම් ඉන් කිසිදු යහපතක් සිදු නොවේ.