පලතුරු කහ පැහැ ගන්වන්නට කාබයිඩ් ගහනවා කියන්නේ ඇත්තද?

පලතුරු කහ පැහැ ගන්වන්නට කාබයිඩ් ගහනවා කියන්නේ ඇත්තද?

මොනවද මේ කාබයිඩ්?

පලතුරු වාරෙට ගම්මානේ හරිම සිරියාවයි. ඵලින් බරවේ. හරියට කහ සිවුරක් අතුරලා වගේ. බැලු බැලු අත කහ පැහැයෙන් දිස්වන පලතුරු ගස්වල සුවඳට දිවට ඉබේටම කෙළ උණනවා.

පලතුරු, විටමින් බහුල ආහාරයක් බව අමුතුවෙන් කිව යුතු වන්නේ නැහැ. විශේෂයෙන් ගසේ ඉඳුනු පලතුරුවල අඩංගු වන්නේ වටමින් සී, ඒ, සහ කැරොටීන්. කැරොටීන් බහුලවීම පලතුරු කහ පැහැයෙන් යුක්ත විමට හේතුවක් ලෙස පැවසිය හැකියි. පලතුරු කහ පැහැ ගැන්වෙන්නේ හොඳින් පැසීමට ලක්විම නිසා බැවින් පලතුරු ආහාරයට ගැනිමට පි‍්‍රය තාවයක් ඇතිවිමට කහ පැහැයත් බලපානවා.

නමුත් අද වෙළෙඳ පොළේ ඇති කහ පැහැ ගැන්වු පළතුරු ඇත්තටම ගහේ ඉදුනු ඒවාද? පළතුරු තට්ටුවේ කහ පැහැයට දිලෙන පලතුරු දුටුවිට කිසිඳු චකිතයකින් තොරව පාරිභෝගිකයා ඒවා මිලයට ගන්නේ ඉදුණු පලතුරු යන විශ්වාසය මතයි. නමුත් බෙහෝවිට පාරිභෝගිකයා රැවටීමට ලක්වි ඇති බව ඔවුන්ම නොදැන සිටිම කණගාටුවට කරුණක්.

විටමින් බහුලව සිරුරට ලබා ගැනීමේ අභිලාෂයෙන් පලතුරු අනුභව කරන ඔබට සමහර විට සිදු වන්නේ ශරිරයට අහිතකර විෂ රසායන සිරුරට ඇතුලත් කර ගැනිමටයි.

පලතුරු ඉදවීමට වෙළද පොළේ්් කාබයිඩ් යොදන බව දන්නේ කීයෙන් කී දෙනාද? මහත්තයෝ මේ අඹ නම් සුපිරි. ගහේ ඉදුනට පස්සෙයි කැඩුවේ. මේ තරම් කහපාට අඹ ගෙඩියක් කොහෙන් හොයාගන්නවත් බැහැ. වෙළෙන්දාගේ පුරසාරම් උප්පරවැට්ටි වලට රැවටෙන පාරිභෝගිකයා මල්ලක් පිරෙන්නට පලතුරු නිවසට ගෙන ගොස් තම සිඟිිති දරුවාට කන්නට දෙන්නේ සෞඛ්‍ය සම්පන්න දිවියකට පලතුරු යෝග්‍ය බව කියා පාමිනි.

නමුත් ඔහු දරුවන්ට ලබා දෙන්නේ කාබයිඩ් ගසන ලද පලතුරුය.

කෙසෙල් ඉදෙන්නේ ඇවරියෙන් ඇවරියටය. කහ රෙද්දක් ඇතිරුවාසේ එකවරම කෙසෙල් කන ඉදෙන්නේ නැත. අපේ කරුමයකටදෝ අද වෙළෙඳ පොලේ ඇති කෙසෙල් පැපොල් ආදි සියලුම පලතුරු පැසීමට ලක්වන්නේ ජීව විද්‍යාවට පටහැනිවය.

පාපොල්, කෙසෙල්, අන්නාසි, අඹ, අලිගැටපේර ආදිය ආහාරයට ගැනිමට බොහෝදෙනා බියක් දක්වන්නේ සත්තකින්ම එම පලතුරුවල කාබයිඩ් තවරා ඇති නිසාය.රාත්‍රියේ අමු ස්වභාවයෙන් තිබෙන කෙසෙල් කැන පසුදින කහ පැයෙන් බැබලෙන්නේ කාබයිඩ්වල බලය නිසාය. මෙවැනි දෑ අද වෙළද පොළේ බෙහෝ සෙයින් සිදු කෙරෙණුුයේ හුදෙක් වාණිජ පරමාරථ තකාය.

කාබයිඩ් ලෙස හැඳින්වෙන්නේ කැල්සියම් කාබනේට් නැමැති රසායනයයි. කැල්සියම් කාබනේට්වලට ජලය එක් කළ විට වායුවක් පිටවේ. එය හඳුන්වන්නේ කාබයිඩ් වායුව හෙවත් ඇසිටලීන් වායුව ලෙසය.

පලතුරක් පැසී ඉදෙන විට ස්වභාවයෙන් ඒවා තුළ එතලීන් නැමැති වායුව නිපදවේ. කාබයිඩ් නැමැති රසායනයෙන් නිකුත් කෙරෙන වායුවද ඊට සමාන වායුවකි.

පලතුරු බලෙන් ඉදවීමට වෙළෙන්දා උපයෝගි කරගන්නේ මේ ඇසටලීන් වායුවයි. නොපැසුනු ගැට පලතුරු ඉදුනු පලතුරු සේ මවා පෙන්වීමට මේ ඇසටලීන් වායුව සමත්ය. ඉල්ලුමට සැපයුම සපුරාදීමේ පරම චේතනාව ඉටු කරලමින් පැය 24 ක් යාමට ප්‍රථම ගැට පලතුරු කහ පැහැ ගැන්වෙන්නේ ඇසටලීන් වායුවට පිංසිදුවන්නටය.

පොත්ත කහ පැහැයෙන් යුත් ප්‍රසන්න පෙනුමක් පලතුරට ලබා දුන්නද අඹ ගෙඩියක්, අන්නාසි ගෙඩියක් කපා බලන විට කට කාරවන ඇඹුලකි. මදේ ලා කැහ පැහැති ගැට පෙනුමකින් යුතු ස්වරූපයෙකි. පලතුරු ආහාරයට ගන්නේ රසය සහ ගුණය නිසාය. නමුත් කාබටයිට් ගැසූු පලතුරුවල රසයක්ද නැත. ගුණයක්ද නැත.

කාබයිඩ් යෙදූ පලතුරු බැලු බැල්මට සොයා ගත නොහැක. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පනත යටතේ නිකුත් කර ඇති රෙගුලාසි අනුව පලතුරුවලට ඉදෙන්නට ලක්කිරීම සදහා කැලිසියම් කාබයිඩ් භාවිතය , කාබටයිඩ් ඉසිම, සහ ඉසින ලද පලතුරු අලෙවි කිරීම තහනම්ය. නමුත් ඒ රෙගුලාසි ඉටු වනනේදැයි සොයා බැලීමේ වගකීම වගකිව යුත්තන්ගේ යුතුකමය.

කාබයිඩ් යෙදු පලතුරු ආහාරයට ගැනිමෙන් වමනය, කැසීම, පලු දැමීම, උගුර කට වනවීම ශ්ලේෂ්මල පටල රතුවිම ආදි ලක්ෂණ පෙන්නුම් කරයි. ඇතැම් විට පිළිකා, වකුගඩු ආබාධ පවා ඇතිවිය හැකි තරමට අවදානම් තත්වයක් උදා විමටද ඉඩ ඇත.

මිදි, ඇපල්, පේර, අඹ, පැපොල්, කෙසෙල් ආදි පලතුරුවලට කාබයිඩ් හෝ වෙනත් රසායන ද්‍රව්‍ය ගැල්වීම සිදු කිරිමට බොහෝවිට ඉඩ ඇති බැවින් පලතුරු මිලදී ගත් පසු හොඳින් සෝදා පොත්ත ඉවත් කර ආහාර ගැනිම අපට ඇති එකම විකල්පයයි.

පලතුරුවල පොත්තේ පෝෂක ගුණ තිබෙන බව සත්‍යයකි. නමුත් වර්තමානයේ පොත්ත ඉවත් නොකළහොත් අපගේ සිරුරට විෂ රසායනික ද්‍රව්‍ය ඇතුල්වීම නම් වළක්වාලිය නොහැක.