විසන්ධි වූ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී තාරුණ්‍ය විනාශකරගත් 24 හැවිරිදි දියණිය

විසන්ධි වූ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාදී තාරුණ්‍ය විනාශකරගත් 24 හැවිරිදි දියණිය

එයා කසාද බැඳලා ළමයි තුන්දෙනෙක් ඉන්න තාත්තෙක්

ඉස්සර කාලේ අම්මලා අපට අවවාද කළේ පාරේ තොටේ තනිපංගලමේ යනකොට බොහොම ප්‍රවේසමෙන් කල්පනාවෙන් වැඩ කරන්න තමන්ම හොඳින් ආරක්ෂා වෙන්න කියලා.

ඒත්..... අද......?

තමන්ගෙම ගෙදරදිවත් තනිවම තියා අම්මා තාත්තා ඉදිද්දීවත් ප්‍රවේසමෙන් ඉන්න බැරි තරම්ම සමාජය ලෝකය විකෘති වෙලා මොකද මේ නවීන තාක්ෂණය ඕනෑම වෙලාවක අවදියෙන්. විශ්වය ඇඟිලිතුඩින් නිවහනට ගෙන්වා ගන්න දැන් ඕනෑම තරම් ක්‍රම තියෙනවා. ඒ අතරින් ප්‍රධානතම දෙය තමයි ජංගම දුරකථනය. ජංගම දුරකථන අනිසි ලෙස භාවිතා කළොත් ලැබෙන අනිටු ප්‍රතිඵල බොහොම භයංකාරයි. ඒ සිදුවීම අපේ ජීවිත අඩාල කරන්නේ ජීවිත කාලයටම දුකක් වේදනාවක් අත්කරමින්.

මිස් කෝල්ස්, රෝන් නම්බර්ස්, බ්ලෑන්ක් එස්.එම්.එස් කියන්නේ දැන් දැන් අපේ ජීවිතවලට බොහොම සමීප අවශ්‍ය නැති වචන, මේවා නිසා සිද්ධවෙන අයහපත් ප්‍රතිඵල බලපාන්නේ එක් අයෙකුට හෝ දෙදෙනකුට පමණක් නෙවෙයි වැඩිහිටියෝ පවුල් සාමාජිකයො රැසකට.

මහනුවර ශික්ෂණ මහ රෝහලේ ලිංගික හා ලිංගාශි‍්‍රත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය ගංගා පතිරණ මහත්මිය ඇය ලද අත්දැකීම් අනුව ගෙන එන තොරතුරුයි මේ.

“ඇය සුන්දර තරුණියක්. වයස අවුරුදු විසිහතරක් පමණ ඇති. දිනක් රෝහල් සායනයට පැමිණ මා හමුවීමට පැමිණ නිහඩ වී සිටියා. ඇයට මම කතා කරන්න යැයි බල කළේ නැහැ. ඇයගේ ඉරියව්වලින් මා තේරුම්ගත්තා ඇය මහත් පීඩාවක් සිතේ තෙරපාගෙන සිටින වග. මා ඇය සමඟ ආගිය තොරතුරු සමාජයේ ඇති විවිධ තොරතුරු කතා කරමින් සිටියා. බොහෝ වේලාවකට පසුව ඇයගේ කටහඩ අවදි කළා.”

“මම ගෙදර ඉන්නේ අම්මයි තාත්තයි එක්ක. වැඩිමහල් සහෝදර සහෝදරියෝ හතරදෙනාම විවාහ වෙලා. අම්මා තාත්තා එක්ක ඉන්න මම විවාහයක් ගැන හිතුවේ නැහැ. මම පෞද්ගලික ආයතනයක වැඩ කරනවා.”

“දවසක් රාත්‍රියේ මගේ ජංගම දුරකථනයට ඇමතුමක් ආවා. ඇමතුම ගන්නකොටම විසන්දි වෙනවා. දින දෙකතුනක්ම එසේ සිදුවුණා. අන්තිමට ඒ අංකයට කතා කරන්න මම උත්සාහ කළා. මට වැරදුණේ අන්න එතැනදීය. දින දෙකකට පසු ඒ අංකයෙන් මට ඇමතුමක් ආවා. අපි කතා කළා. යාළු වුණා. ආගිය තොරතුරු කතා කළා. හැමදාම රෑට පුරුද්දක් විදිහට අපි පැයක් දෙකක් කතා කළා. ඉන්පස්සේ මුණ ගැහුණා. නොහිතපු තරම් ආදරෙන් බැඳුනා. බොහෝ වාර ගණනක් ලිංගිකවත් ඇසුරු කළා මේ හැමදෙයක්ම සිද්ධවුණේ. අම්මලා තාත්තලා නොදැන.”

“ඒත් අද මම අසරණ වෙලා. මේ තරම් කිට්ටුවෙලා ඇසුරු කරපු මාව අද රවට්ටලා. එයා කසාද බැඳලා ළමයි තුන්දෙනෙකුත් ඉන්න පිරිමියෙක්. මගේ කුසට දරුවෙක් ආ බව කියපු වෙලාවෙ තමයි එයා මට ඒ ගැන කිව්වේ. මගේ ජීවිතේ අද මට එපා වෙලා. ළමයා කොහොම හරි හදාගන්නවා කියලා හිත හදාගෙන හිටියත් මාස දෙකක් පමණ වනවිට ගබ්සා වුණා. ඒ වෙනකල් දුරකථනයෙන් හරි කතා කරපු මේ මනුස්සයා දැන් කතා කරන්නෙ නෑ. දුරකථන අංකයත් වෙනස් කරලා. මම අද ප්‍රශ්න ගොඩක් මැද අසරණ වෙලා.”

“ඇය මූලිකවම මානසික ආතතියක් පෙලෙන බව තහවුරු වී තිබෙනවා. ඒ සඳහා අපගේ උපදේශනය බෙහෙවින් ඉවහල් වෙනවා. මෙවැනි සිදුවීම් තමාගේ අතපසු වීම මත දුරදිග යන බව පැහැදිලියි. තරුණියක් විවාහ පත්වන තුරුම තමන්ගේ මවත් පියාත් සමඟ ළඟින්ම ආශ්‍රය කරනවා නම්, ඒ අය තමන්ගේ යාළු මිත්‍රයින් ලෙස සලකනවා නම් කවදාවත් වරදින්නේ නැහැ.”

කාලය වයස අනුව තරුණ සිත්වලට විවිධ හැඟීම් ඇතිවෙනාව. තැනක් නොතැනක් නැතිව කටයුතු කරන්න හිතෙනවා. අන්න ඒ සිතිවිලි ආයාසයෙන් පාලනය කරගන්නවා කියන එක තමයි ජීවිතයට වැදගත් වන්නේ.”

ගැහැනු ළමයකුගේ පිවිතුරු බව රැඳිලා තියෙන්නේ තමන් ළඟමයි. තමන්ට තමන්ගේ සිරුරේ වටිනාකම බොහොම දැඩිව දැනෙන්න ඕන. විවාහයකට පත්වන තුරුම පිරිමියෙක් කායිකව ආශ්‍රය කරන්නෙ නැහැ කියන අභිමානය තරුණියකට තියෙන්නම ඕනෑ.”

මෙම තරුණිය පරීක්ෂා කළ පසුව ඇයට අවශ්‍ය ඖෂධ ප්‍රතිකාර උපදේශනය අවශ්‍ය පරිදි ලබාදෙන්න හැකියාව ලැබුණේ ඇය අපගේ සායනයට පැමිණි නිසා. ස්වභාවික ගබ්සාවක් සිදුවුණාද එසේනම් වෛද්‍ය ප්‍රතිකාර වෛද්‍ය උපදෙස් අත්‍යාවශ්‍ය වෙනවා. එපමණක් නොවෙයි. අයාලේ යන පිරිමියෙක් ලිංගිකව ඇසුරු කළා නම්, සමාජ රෝග ලිංග්‍රාශි‍්‍රතව බෝ වීමේ හැකියාවක්ද පවතිනවා. එහෙයින් කාන්තාව වෛද්‍ය පරීක්ෂණයකට ලක්කිරීම වැදගත් වෙනවා. මෙම තරුණියට එම වාසනාව හිමි වුණා නමුත් ඇය අවිවාහක වයස අවුරුදු 24 ක තරුණියක්. විවාහ ජීවිතයක් සුන්දර ලෙස ගත කළ යුතු තැනැත්තියක්. අපගේ උපදේශනයට අනුකූලව ඇයගේ ජීවිතය සාර්ථක කරගන්න අප හැකි උපරිම සහාය ලබා දෙනවා.