සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට නවින පන්නයේ උපකරණවලින් ලැබෙන ප්‍රයෝජන

Heath Hints

සෞඛ්‍ය සම්පන්න ජිවිතයකට නවින පන්නයේ උපකරණවලින් ලැබෙන ප්‍රයෝජන

අද අපේ මධ්‍යම පන්තියේ නිවසක කුස්සිය තුළට එබී බැලුවහොත් එය දිස්වෙනුයේ කුඩා ගෘහ විදුලි භාණ්ඩ ප්‍රදර්ශනාගාරයක් ලෙසය. කපන්නට, කොටන්නට, වියන්නට - පියන්නට, බඳින්නට - බේක් කරන්නට, හෝදන්නට, වියලන්නට භාවිතා කරන විවිධාකාරයේ විදුලි ආම්පන්න කුස්සිය පුරා අරක් ගෙන ඇත. ගෘහණියක් ලෙස ඔබ මේවා මිලදී ගන්නට ඇත්තේ ඇඟ පත රිදවා ගන්නේ නැතිව ගෙදර වැඩපල කරන්නට විය හැකිය. එහෙත් නිසි උපකරණය, සුදුසු කාර්යයන් සඳහා නිවැරදි යොදා ගැනීම තුළින් පහසුවක් - ලේසියක් වනවා මෙන්ම සෞඛ්‍යයටද යහපතක් සලසා ගත හැකි බව ඔබ නොදන්නවා වීමටද පුළුවන. එවැනි උපකරණ කීපයක් ගැන කතා කරමු.

* ජල පවිත්‍රකාරකය (වෝටර් පියුරිනයර්)

බැක්ටීරියා නිවහනක් කරගන්න එපා

සම්ප්‍රදායානුකූල අප බීමට සුදුසු වතුර සකස් කර ගන්නේ උතුරුවා නිවා ගැනීමෙනි. එහෙත් සෞඛ්‍යයට හිතකර ලෙස විෂබීජ වලින් තොර බීමට ඉතා සුදුසු ජලය ලබා දීමට ජල පවිත්‍රකාරකය හෙවත් “වෝටර් පියුරිනයර්” උපකරණය සමත්ය. මෙමඟින් විෂබීජ පමණක් නොව භෞතික හා රසායනික අපද්‍රව්‍ය ද ඉවත් කළ හැකිවීම විශේෂ වාසියකි. එහෙයින් ආහාර පිසීමෙට , බීමට සහ පිරිසුදු ජලය අවශ්‍ය වෙනත් ඕනෑම කාරණයක් සඳහා ඒ ජලය යොදා ගත හැකිය.

මෙවැනි ජල පවිත්‍රකාරක ශිල්ප ක්‍රම 2 ක් භාවිතා කරයි. එකක් පාර ජම්බුලකිරණ (අල්ට්රා වයලට් රේස්) අනෙක් ක්‍රමය නම් “ප්‍රතිවර්ත අස්‍රැති ක්‍රමය” ලෙස හැඳින්වෙන ශිල්පයකි.

වතුර නැටවීම,ෆිල්ටර් තිබීම, නිවීම ආදී ක්‍රියා අවශ්‍ය නොවන නිසා මෙය සිරුරට අහිතකර කාර්යකි. සුළු ඉඩකඩක තැබිය හැකි , විදුලිය අඩුවෙන් භාවිතා වන, ඉබේටම සීදී යන විදුලි සැපයුමක් සහිත නිසා කුඩා නිවෙස් හා පවුල්වලට ද ප්‍රයෝජනවත්ය. තිබෙන අවාසි අතර සමහර රසායනික විශේෂයෙන්ම පලිබෝධනාශක හා ගන්ධය ඉවත් කළ නොහැකි වීම අවාසියකි. වසර දෙකකට පමණ වරක් සර්විස් කිරීම අවශ්‍ය වෙයි. ජලයෙහි ගුණාත්මක භාවය අඩුනම් ඊට පෙර එය කළ යුතු වෙයි. එසේ නොකළහොත් ඒ තුළ ඇති උපකරණය බැක්ටීරියා හා වයිරසය සඳහා නිවහනක් විය හැක්කේ අපහැදිලි ජලය තුළින් පාරජම්බුලකිරණ ගමන් නොකරන හෙයිනි. මිලෙනුත් තරමක් අධිකය.

මේ ඔබේ කුස්සිය හා ඒ කිට්ටුව දැකිය හැකි උපකරණ අතරින් කිහිපයක් පමණය. ඒවා ඔබේ එදිනෙදා ජීවිතය පහසු කිරීමට හා සෞඛ්‍යමත් කිරීමට යොදා ගත හැකි බව ඔබටම පෙනේවි.

* ක්ෂුද්‍ර තරංග උඳුන (මයික්‍රෝවේව් උඳුන)

ආහාරයේ පෝෂණ මට්ටම රඳවා ගත හැකියි

සාම්ප්‍රදායික පිසීම සඳහා ගතවන කාලයෙන් ඉතා කෙටි කාලයක් තුළ ආහාර පිසීමට හැකිවීම නිසා ආහාරවල අඩංගු පෝෂක ඉහළම මට්ටමින් රැකගත හැකිය. එසේම අවශ්‍ය තෙල් හෝ මේද ප්‍රමාණයද ඉතා සුළු වීම නිසා ආහාරයෙන් සිදුවන සෞඛ්‍යමය හානි අවමය. මයික්‍රෝවේට් උඳුන අහාර 6 ක් කර ගැනීමට මහත් පහසුවක් සැලකෙයි. එසේම ශීත ඉවත්කිරීම සහ වාෂ්පයෙන් තැම්බීම සඳහාද යොදා ගත හැකියි.

ක්ෂුද්‍ර තරංග උඳුනෙන් අත්වන ප්‍රධාන අවාසිය මිල අධික වීමය. එසේම ඒ සඳහා සැලකිය යුතු බලශක්ති ප්‍රමාණයක්ද වැයවෙයි. මෙහි ඇති ප්‍රධානම අවාසිය නම් සියලු ආකාරයේ භාජන ඒ තුළ තැබිය නොහැකි වීමය. මයික්‍රෝවේට් උඳුන් සඳහා භාවිතා කළ හැකි භාජනම ඒ සඳහා යොදාගත යුතුය.

මයික්‍රෝවේට් උඳුන් හේතුකොට විකිරණ පැතිරී පිළිකා ඇති කළ හැකියයි යන මතය එදා තරම් නොවුවද අද ද යම් ප්‍රමාණයකට පවතියි. එහෙත් එය ස්ථීර සාර ලෙස සනාථ නොකළ මතයකි.

* සම්ප්‍රදායික උඳුන

මේදය අවමයි සෞඛ්‍යට වාසියි

වියළි තාපයෙන් බේක් කිරීම නිසා අවශ්‍ය වන මේද හෝ තෙල් ප්‍රමාණය ඉතා අවම වීම සෞඛ්‍යයට වාසියයි. කේක්, පාන් , පේස්ට්‍රි වැනි ආහාර සකස් කිරීම පහසුවෙන් කළ හැකිය.

පවතින අවාසි නම් වැඩි කාලයක් ගත වීමය. නැවත උණුසුම් කිරීම් සඳහා භාවිතා කළ නොහැකි වීමත් යම් දුරකට අවශ්‍යය.

* සැන්ඩ්විච් ටෝස්ටරය

පෝෂදායි පිරවුමක් යොදා සැන්ඩ්විච් හදාගන්න පුළුවන්

“පොඩි බඩගින්නට “ හෝ උදෑසන ආහාර වේල හෝ සඳහා පෝෂ්‍යදායී පිරවුමක් යොදා සැන්ඩ්විච් සකස් කර ගත හැකිය. ඉක්මනින් පිස ගත හැකි වීම සහ එකවර සැන්ඩ්විච් 4 ක් සකස් කර ගත හැකවීම වාසියකි. “නන්- ස්ටික් “ වර්ගයේ ටෝස්ටර් පිරිසුදු කිරීම පහසුය. තරමක් මිල වැඩි වීමත් වැඩි බලශක්තිය අවශ්‍යතාවයක් පැවතීමත් අවාසි ලෙස සඳහන් කළ හැකිය.

* කලවම්කරණය (බ්ලෙන්ඩරය)

Fruit Juice වල පෝශක ද්‍රව්‍ය රඳවාගත හැකියි

පෝෂ්‍යදායකත්වය රැකෙන ලෙස, අමිශ්‍ර ආකාරයෙන් පිටි හා කුළුබඩු සකස් කර ගැනීමට හැකිවීම මෙමඟින් සැලසෙන වාසිය. ඔබේ උදේ ආහාරය සඳහා අවශ්‍ය “සීරියල්” කෑම වේලක් සකසා ගැනීමට ද මෙය යොදා ගත හැකිය. මෙම උපකරණයටම සවිකළ හැකි කලවම්කරණය (බ්ලෙන්ඩරය) යොදා ගෙන අළුත් පලතුරු යුෂ සකස් කර ගත හැකිය. එවිට පලතුරු යුෂ තුළ සියලු පෝෂක රඳවා ගැනීමෙන් ඒවා අලුතෙන් හා මිශ්‍ර කර සකස් කර ගැනීමේත් හැකියාව උදාවෙයි.අවාසි ලෙස මතකයට නැගෙන්නේ මිල අධික වීමත්, සැලකිය යුතු විදුලි බලයක් අවශ්‍ය වීමත්ය.

* නොඇලෙන සුළු පිසින භාජන (නන් ස්ටික් කුක් වෙයාර්)

ටෙෆ්ලොන් පටලය” සීරි ගිය පසු පාවිච්චිය හොඳ නැහැ

බොහෝ ගෘහණියන් ආහාර පිසීම සඳහා දැන් යොදා ගන්නේ “නන් - ස්ටික්” භාජනය. මෙම භාජන මිල වන්නේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් නිසා ඒ මඟින් සෞඛ්‍යයම ඇතිවන්නේ මහත් ප්‍රයෝජනයකි. එසේම වැඩි ගිනිදල්ලක ඉතා කෙටි කාලයක් තුළ ආහාර පිසින නිසා පෝෂක අහිමි වීම සිදුවන්නේද අඩු වශයෙනි. පෝෂක විශාල ප්‍රමාණයක් සහිත එහෙත් පිසින විට පහසුවෙන් විනාශවන එළවළු පිසීමට මෙම “නන්ස්ටික්” භාජන යොදා ගැනීම වඩා සුදුසුය.

ඉක්මනින් පිසීමට හැකිවිම නිසා කාලය, ශක්තිය හා බලශක්තිය ඉතිරි වෙයි. පිසීමේදී යෙදිය යුතු තෙල් ප්‍රමාණය අඩුවීම නිසා ආර්ථික වශයෙන්ද වාසිදායකය.

එහෙත් මෙම “නන්ස්ටික්” භාජන අනෙකුත් භාජන වලට වඩා මිලෙන් වැඩිය. එසේම ඒවා නඩත්තු කිරීමද ප්‍රවේශමෙන් කළ යුතුය. “ නන් - ස්ටික්” පටලය නොසීරෙන ලෙස මෘදු පිරිසුදුකරන ක්‍රියාවලියක් අනුගමනය කළ යුතුය. පිසීමේදී භාවිතා කළ යුත්තේ ප්ලාස්ටික් සහ ලී වලින් සෑදි හෝ “ටෙන්ලෝන්” ආලේපිත ඇති ජලය භාවිත කර පිරිසුදු කිරීමද තවත් අවශ්‍යතාවයකි. කෙතරම් හොඳින් භාවිතා කළත් ආයුෂ අවුරුදු 3 -4 කට සීමාවෙයි.

“නන්ස්ටික් ටෙෆ්ලොන් පටලය” සීරි ගිය පසු මෙම භාජන ඉවත් කළ යුත්තේ පටලයට යටින් ඇති ලෝහමය ද්‍රව්‍ය තුළින් විෂ රසායනික ආහාරයට එක්විය හැකි බැවිනි.

ආහාර නැවත රත්කිරීම වැනි කාර්යයකට මේ භාජන නුසුදුසු වන්නේ අඩිය ඇල්ලීම නිසා “නන්ස්ටික්” පටලයට හානි විය හැකි බැවිනි.

භාවිතයට වඩා සුදුසු වන්නේ මිලි ලීටර් 3 -6 දක්වා ඝනකම සහිත භාජනය.