කකුලේ මහපටැඟිල්ල වණ වෙලා

කකුලේ මහපටැඟිල්ල වණ වෙලා

ඇතැම් අයගේ පාදවල, මහපටැඟිල්ලේ කොන හෙවත් නියපොතු දාරය වණ වීමක් එහෙම නැතිනම් සුවනොවන තුවාලයක ස්වරූපයක් පැවතීමක්. ඉදිමිමක් නියපොතු අග වණවීම හෙවත් Ingrown toenails පිළිබඳව දක්නට ලැබෙනවා.පාදයේ නියපොතු අග පැසවීම නිසා විඳිනා වේදනාව ඇත්තටම ඉමහත් පීඩාකාරී දෙයක්. පමණක් නොවෙයි ඔබේ ලස්සන දෙපා මේ නිසා අවලස්සන වෙනවා. වයස් භේදයකින් තොරව ඇතැම් අයට සිදුවන මේ ගැටලුව පිළිබද සොයා බැලිම අතිශයින් වැදගත් වන්නේ මේ තත්ත්වය වැඩි වර්ධනය වනවා මිස ප්‍රතිකාර නොමැතිව සුව අතට පත් නොවන නිසයි.

අප පළඳින සපත්තු හේතුවක්

පාදයේ නියපොතුවලට මෙවැනි තත්ත්වයන් මතු වන්නේ කෙලෙසද කියලා විමසා බලමු. මූලිකවම දකින්න ලැබෙන්නේ නියපොතු දාරය, ඒ ආසන්නයේ ඇති මස් තුළට කිඳා බැස තිබීම. නියපොත්ත කියන්නේ දවසින් දවස, ටිකෙන් ටික වර්ධනය වෙන දෙයක් නිසා මස් ඇතුළට ගිය නියපොත්ත ඒ ස්ථානයට දැඩි පීඩනයක් එල්ල කරනවා. නියපොතු අග හා දාරය වණ වීමට ප්‍රධාන ලෙස හේතුවන්නේ, අප පළඳින “සපත්තු” දෙකයි. විශේෂයෙන්ම සපත්තුවේ, ඇඟිලි ස්ථානගත වන ප්‍රදේශය තද නම් ප්‍රතිඵලය වන්නේ සපත්තුව තුළ ඇඟිලි එකිනෙක තුළට තද වීම හෙවත් පොකුරු ගැසීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නියපොත්ත කැරකී, එය ආසන්නයේ ඇති මස් තුළට තද වීමයි. තද ගතියෙන් යුතු හෝ දිගින් අඩු සපත්තු මඟින් මේ ක්‍රියාව උග්‍රවිය හැකි වුවත්, ඇඟිලි ආවරණය වන ඕනෑම සපත්තුවකින් මෙම ක්‍රියාවලිය සිදුවිය හැක

මෙයින් සිදුවන අනිසි ප්‍රතිඵලය වන්නේ වේදනාකාරී ලෙස මස තුවාල වූ ප්‍රදේශයේ අවට ඇති විෂබීජ මඟින් සිදු කරනු ලබන තුවාල පැසවීමට ලක්වි තිබෙන බවයි මෙම තුවාල වීම කිසිවිටෙකත් ඉබේම එහෙම නැතිනම් ස්වභාවිකව සිද්ධ වෙන දෙයක් නම් නෙවෙයි. මේ තත්ත්වය අප විසින්ම ඇති කරන්නක් බව, ඔබ සැම දැනගත යුතු වෙනවා.

විෂබීජ නිසා පැසවනවා

නියපොතු අග හා දාරය වණ වීමට ප්‍රධාන ලෙස හේතුවන්නේ, අප පළඳින “සපත්තු” දෙකයි. විශේෂයෙන්ම සපත්තුවේ, ඇඟිලි ස්ථානගත වන ප්‍රදේශය තද නම් ප්‍රතිඵලය වන්නේ සපත්තුව තුළ ඇඟිලි එකිනෙක තුළට තද වීම හෙවත් පොකුරු ගැසීමයි. මෙහි ප්‍රතිඵලය වන්නේ නියපොත්ත කැරකී, එය ආසන්නයේ ඇති මස් තුළට තද වීමයි. තද ගතියෙන් යුතු හෝ දිගින් අඩු සපත්තු මඟින් මේ ක්‍රියාව උග්‍රවිය හැකි වුවත්, ඇඟිලි ආවරණය වන ඕනෑම සපත්තුවකින් මෙම ක්‍රියාවලිය සිදුවිය හැකි වන බවත් මතක තබා ගත යුතු වෙනවා.

මෙම රෝගය ඇතිවිය හැකි මීළඟ හේතුව වන්නේ “වැරදි” ආකාරයට නියපොතු කැපීමයි. සාමාන්‍යයෙන් අපි නියපොතු කපනවිට එහි අග කෙළින් කපා ඊළඟට නියපොත්තේ කොන් දෙක ඇදයට හෙවත් කිසියම් කෝනයකට කපනු ලබනවා. එසේ නැතිනම් ඒ ආකාරයට කැපුම් දාරය රවුම් හැඩයක් කරනු ලබනවා.

තවත් විටෙක, නියපොත්ත යට ඇති මාංශමය කොටසක් පෙනෙන ආකාරයට ඉතා කොටට නියපොතු කපනු ලබනවා. මෙහිදී ප්‍රතිඵලය වන්නේද කැපූ නියපොතු දාරය අසළ ඇති මස් ඇතුළට වර්ධනය වීම සහ නියපොතු අග පැසවීමයි.

නියපොතු කැපිය යුතු ආකාරය

මේ නිසා නියපොතු කැපීමේදී එහි පිටත දාරය කෙළින් අතට හරස් ඉරක් ලෙස පමණක් කැපීමත්, නියපොතු කොන අසළ දාරය කැපීමෙන් වැළකීමත්, නියපොතු ඉතා කොටට කැපීමෙන් වැළකීමත් මෙම රෝගය වැළැක්වීමේ කාරණා ලෙස වැදගත් වෙනවා. ඉහත හේතු කාරණා දෙකට අමතරව, නියපොතු දාරයට සිදුවන බාහිර තුවාල නිසාත් (උදාහරණ ලෙස නියපොත්ත මතට කිසියම් දෙයක් වැටීම) නියපොතු

දාරය අසළ මස තුවාල වී, නියපොත්ත ඒ මස තුළට වර්ධනය වී මෙම රෝග තත්ත්වය ඇතිවිය හැකි වෙනවා.

මීට අමතරව සමහර දෙනාගේ උපතින්ම නියපොත්තේ ඇති හැඩය හා පිහිටීමත් මේ රෝග තත්ත්වයට උදව් හේතු වෙනවා. නමුත් ඒ අවස්ථාවේදීත් සපත්තු පැළඳීම යන කාරණය ඒ සඳහා අත්‍යවශ්‍ය වෙනවා. සමහර දෙනෙක් විසින් මේ රෝග තත්ත්වය, නියපොත්ත අසළ සම හා මස් ප්‍රමාණය වැඩිවීම නිසා, ඒවා නියපොතු දාරයට තෙරපීමෙන් ඇතිවිය හැකි දෙයක් බවටද විශ්වාස කරනවා.

සුළු ශල්‍යකර්මයක් කළ යුතුයි

රෝගයට ප්‍රතිකාර ලෙස බැක්ටීරියා ප්‍රතිජීවක ඖෂධ ආලේප කිරීම ආදිය කිසියම් සහනයක් සැපයුවත්, රෝගය සෑදුනු ආකාරය ගැන අවධානය යොමු කර ඒවා වැළැක්වීමත්, විශේෂයෙන් තද ගතියක් නැති සපත්තු භාවිතයට පෙළඹීම හා නියපොතු කැපීමේදී සැලකිලිමත් වීමත් අවශ්‍ය වෙනවා.

මහපටැඟිල්ල හිරි වට්ටවා, වේදනාව නැතිකර නියපොතු දාරය එහි මුල සිට ඉවත් කිරීමේ සුළු ශල්‍යකර්මය වඩාත් ප්‍රතිඵලදායක ත්ත්ත්වයකි. එබැව්න් මේ සඳහා උපදෙස් ඔබගේ වෛද්‍යවරයා හෝ ශල්‍ය වෛද්‍යවරයා ඔබට ලබාගත හැකිය.