මේ පලා වර්ගවල ගුණ ගැන ඔබ දැනගෙන සිටිය යුතුමයි

මේ පලා වර්ගවල ගුණ ගැන ඔබ දැනගෙන සිටිය යුතුමයි

නාවින්න මහරගම බණ්ඩාරනායක ආයුර්වේද පර්යේෂණායතනය විශේෂඥ වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිටගොඩ

මිනිසා සහ ශාක අතර ඈත අතීතයේ සිටම ඉතා කිට්ටු සබඳතාවක් පැවතිණ. එහෙයින් බොහෝ කලක සිට ම මිනිසා ශාක සිය අවශ්‍යතාවයන් සඳහා යොදා ගැණින. ආහාර සඳහා ශාක පරිභෝජනයට ගන්නා අතර ව්‍යංජන, මැල්ලුං, කැඳ, සුප් වැනි විවිධ ක්‍රම මඟින් අපි ශාක වර්ග පරිභෝජනය සඳහා ගනී. මේ අතරින් පලා වර්ගවලට ලැබෙන්නේ මුල් තැනක්. පලාවර්ගවලින් අපට ලැබෙන පෝෂණය පිළිබඳ විශේෂඟඳ වෛද්‍ය චන්ද්‍රිකා වැලිවිට ගොඩගෙන් විමසා දැන ගනිමු.

ගොටුකොළ

ගොටුකොළ භාවිතය අද ප්‍රචලිතව ඇත්තේ ගුණයෙන් වැඩි පලා වර්ගයක් ලෙසයි. ගොටුකොළ ධාරණ ශක්තිය වඩන පලාවකි. ගොටුකොළ සෙම නසන ඔෘෂධයක් ද වෙයි. සිරුරේ දාහය නැති කර දැමීමට සමත්වෙයි.

විවිධ ගුණ

ශීත ගුණාධික ගොටුකොළ කිරිදෙන මවිවරුන්ට කිරි වැඩිකර දෙන ශක්තියක්ද ඇතැයි විශ්වාස කෙරේ. සිරුරට සිසිලක් ගෙනදේ. පිත් දෝෂය නසන ගොටුකොළ රසයෙන් ද අනූනවේ.

අකලට මහලුවීම, හිසකෙස් සුදුවීම හා ඇස් පෙනීමේ දුර්වලතා වලක්වයි. ලේ පිරිසිදු කරයි. හදවත් රෝගවලට ද ගුණදායක වෙයි. පීනස දුරු කරදෙයි. කටහඬ මිහිරි කිරීමට ගොටුකොළ යුෂ පානය ද හිසකෙස් සුදුවීම වැළැක්වීමට හා ඉස්හොරි මර්දනයට ගොටුකොළ යුෂ හිස තවරා මඳ වේලාවකට පසු සෝදා හැරීම ද හොඳ අත්බෙහෙතකි. ආහාරයට අමතරව රෝග නිවාරණයට පත්තු සෑදීම සඳහා ද ගොටුකොළ බහුලව යොදාගනී.

රතු සාරණ

ශක්තිය වඩන වා පිත් සෙම් සමනය කළ හැකි වේදනා නසන ඔෘෂධයකි. ශීතාධික ආහාරයක් ද වේ. සිරුර සිසිල් කරයි. මුත්‍රා රෝග දුරු කරයි. සම පැහැපත් කරයි. උෂ්ණ ස්වභාවය නිසා ඇතිවන මුත්‍රා දැවිල්ල,පාද පැලීම්,කටේ තොල් පැලීම ආදියට සාරණ සුදුසුය. එසේම උදර දාහය (අම්ල පිත්ත) රෝගය සඳහා ද රතු සාරණ යෝග්‍යවේ. මල බැහැර කිරීම පහසු කරයි. මල හොඳින් පිට කිරීමට අවශ්‍ය ලෙස සකස් කර දෙයි. කුඩා දරුවන්ට සුදුසුයි.

දේශීය වෙදකමේ මෙය බොහෝ සෙයින් භාවිතා වන ඔෘෂධයකි.

තෙබු

තෙතමනය ඇති තැන්වල වැඩෙන තෙබු ව්‍යංජනයක් හා මැල්ලුමක් වශයෙන් පරිභෝජනයට ගත හැකියි. සමේ රෝගවලට බොහෝවිට සුදුසුවේ. දියවැඩියා රෝග තත්වය සඳහා යෝග්‍ය යැයි බොහෝ දෙනාගේ විශ්වාසයයි. මිනිස් සිරුරේ සීනි මට්ටම යම් මට්ටමකට පාලනය කිරීමට උදව් වන බව පෙන්වා දී ඇත. දාහය නවතා දමයි. ශීත ගුණාධික ආහාරයකි. සෙම්,පිත්,දෝෂ නසයි. සිරුර සිසිල් කරයි. ශක්තිය වඩයි. මුත්‍රා රෝගවලට ගුණදායක වේ. සම පැහැපත් කරයි. කෙස් වඩයි. ඇස් රෝගවලට සුදුසුයි. දද,කුෂ්ට රෝග සඳහා යෝග්‍යයි. සාමාන්‍ය මට්ටමකින් තන්තු අඩංගුය. තෙබුවල ප්‍රෝටීන් ද ඇත. කාබෝහයිඩ්‍රේට් සංඝටකය ද ඇත. සමේ රෝග සඳහා තෙබු යෝග්‍ය වේ. ආහාර රුචිය ඇති කරයි. සමේ ඇතිවන දද කුෂ්ට ලප කැලැල් නැති කර දමයි. කැස්සට තෙබු යෝග්‍ය බව සඳහන්. අක්මාවේ ඇතිවන රෝග සඳහා (හෙපටයිටීස්) සහ නියුමෝනියා රෝග තත්ත්ව වලදී ද තෙබු හොඳ ඖෂධයකි.

මුගුණුවැන්න

මුගුණවැන්න ශාකය මැල්ලුම්, කොළ කැඳ, ව්‍යංජන සඳහා යොදා ගැනේ. පීනස් අමාරුවට යෝග්‍යයි. ශීත ගුණයෙන් යුක්තයි. සිරුර සිසිල් කරයි. ඇස්වලට ගුණදායක වෙයි. හිසකෙස් වඩයි. ඇස් පෙනීම වර්ධනය කරයි. සිරුරේ ප්‍රතිශක්තිකරණයට උදව්වෙයි. සම පැහැපත් කරයි. සමේ රෝගවලට සුදුසුයි. පිත් සමනය කරයි. හොඳින් මල පිට කිරීමට උදව් කරයි. ආහාර හොඳින් දිරවයි. විටමින් ඒ ඉතා බහුල ආහාරයකි. එසේම යකඩ බහුලව අඩංගු වන අතර විටමින් ඡ් ද ඇත. සාමාන්‍ය මට්ටමකින් විටමින් ඛ් ඇත. අකලට හිසකෙස් පැසීම නවතාලයි. ආහාර ජීර්ණය කිරීම පහසු කරයි. මල බුරුල් කරයි. සිරුරේ දාහය නැති කරයි. දීප්තිමත් ඇස් යුගලක් ලබා දෙයි. හිසකෙස් කළු පැහැ කරයි. ධාරණ ශක්තිය වඩයි. හෘද රෝග, හෙපටයිටීස්, ඇදුම, බ්‍රොන්කයිටීස් වැනි රෝගවලට ප්‍රතිකාර පිණිස යොදා ගනී.

නිවිති

මල පිටකිරිමට පහසු කරන නිවිති සෙම වැඩි කරන ආහාරයකි. සිසිලස ගෙන දෙයි. එනම් ශීතාධික ගුණය ඇති බවයි. සිරුරට අවශ්‍ය ශක්තිය ලබා දෙයි. සමට පෝෂණය ලබා දෙයි. ඉතාම රසවත් ආහාරයකි. කුඩා දරුවන්ට බොහෝ සෙයින් ගුණවත් ආහාරයකි. පරිප්පු, කොස් ඇට දමා රසවත් ලෙස ආහාර පිණිස සකස් කරගත හැකියි.

නිවිතිවලින් විටමින් ඒ බහුල ලෙස ලබා ගැනීමට පුළුවන. එසේම විටමින් ඛ් ද බහුලව ඇත. ඊට අමතරව යකඩ, විටමින් ඕ6 හා කැල්සියම් ඇත. අස්ථි වර්ධනයට සුදසු නිවිති ඇස් දීප්තිමත්ව තබා ගැනීමට උපකාරී වේ. ඉතාමත් හොඳින් ජීර්ණය ක්‍රියාවලියට උදව් වේ.

මල පහසුවෙන් පිට කිරීමට සලස්වයි. මල බද්ධයට හොඳ නිවිති සැහැල්ලුවෙන් උදරය තබා ගැනීම සඳහා මල බුරුල් කර පිට කරයි.