තයිරොක්සින් හෝමෝන ආශි‍්‍රත රෝගවලට ඖෂධ ලබා ගන්නේ නම් මාස 06කට වරක්වත් තයිරොක්සීන් පරීක්ෂාවක් කරගත යුතුයි

තයිරොක්සින් හෝමෝන ආශි‍්‍රත රෝගවලට ඖෂධ ලබා ගන්නේ නම් මාස 06කට වරක්වත් තයිරොක්සීන් පරීක්ෂාවක් කරගත යුතුයි

ශරීරයේ නීරෝගී පැවැත්මට ඒ තුළ ඇති ඉන්ද්‍රියවල ක්‍රියා කාරීත්වය ඉතා ඉහළ මට්ටමක පැවතිය යුතුයි. නමුත් ඇතැම් අවස්ථාවල විවිධාකාර රෝගී තත්ත්වයන් මත ඊට ක්‍රියාකාරීත්වයට බාධාවන් ඇති විය හැකියි. කෙසේවෙතත් මෙම රෝගී තත්ත්වයන් කුමන හේතු මූලික කර ගෙන ඇති වනවාදැයි නිවැරදිව නිර්නය කිරිම රෝග නිවාරණ කාර්යයේදී ඉතා වැදගත් වන බැවින් ඒ සඳහා ඇති වඩාත් විධිමත් ක්‍රමය වන්නේ වෛද්‍ය පරීක්ෂණ මඟින් නිගමනයන්ට එළඹීමයි. එවැනි පරීක්ෂණයක් වන ඊඉඩ් එසේත් නොමැති නම් තයිරොක්සීන් හෝර්මෝන මට්ටම පිළිබඳ සිදුකෙරෙන පරීක්ෂණ පිළිබඳ විමසා බලමු.

තයිරොයිඩි හෝර්මෝනය යනු අපගේ ශරීරයේ පරිවෘත්තීය ක්‍රියා පවත්වාගෙන යාමට අත්‍යාවශය හෝර්මෝනයකි. එමඟින් සෛලීය විභාජනය, සෛලීය ස්වසනය ,හෘද ස්පන්දනවේගය පවත්වාගෙන යාම, ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය පවත්වාගෙන යාම කුඩා දරුවන්ගේ මොළය වර්ධනයට, කාන්තාවන්ගේ ඕසප් චක්‍රය මෙන්ම සඵල බව ආදී සියල්ලටම බලපානු ලැබේ.

තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපද වෙන තයිරොක්සීන් හෝර්මෝන වර්ග දෙකක්. ඒවා ඊ3, ඊ4 ලෙසින් හඳුන්වනු ලැබේ. ඊ3, ඊ4 යන හෝර්මෝනවල ප්‍රධාන සංඝටකය වන්නේ අයඩින්ය. මොළයේ පටියුටරි ග්‍රන්ථිය මඟින් නිපදවෙන ඊඉඩ් හෝමෝනය මඟින් තයිරොයිට් ග්‍රන්ථිය නිපදවන ඊ3, ඊ4 හෝර්මෝන පාලනය කරනු ලැබේ.

අයඩීන් ඌණතාව හා තයිරොයිඩි ග්‍රන්ථිය ආශ්‍රිත රෝගවලදී මෙම හෝර්මෝන වල අඩුවැඩි වීම් දැකගත හැකියි. එවැනි අවස්ථාවකදී ඊඉඩ් පරීක්ෂණයක් මඟින් මෙන්ම ඊ3, ඊ4 යන පරීක්ෂණ හරහා ශරීරයේ තයිරොයිඩ් හෝර්මෝන ප්‍රමාණ ප්‍රශස්තව තිබෙනවාද කියා පරීක්ෂා කරගත හැකියි. කෙසේ වෙතත් තයිරොක්සින් හෝර්මෝනය හා සම්බන්ධ රෝග අවස්ථාවකට ප්‍රතිකාර ලබාගන්නා රෝගියකු මෙම හෝර්මෝන පරීක්ෂණය මුල් කාලීනව මාස දෙකකට වරක්වත් සිදුකළ යුතුය.

නමුත් පසුකාලීනව නම් මාස හයකට වරක් පරීක්ෂා කර බලාගැනීම වැදගත් වන අතර එය සම්පූර්ණ වශයෙන් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි. තවද මෙම පරීක්ෂණයේ විශේෂත්වය වන්නේ නිරාහාරව සිටීමේ අවශ්‍යතාවක් නොමැති වීමයි. යම් අයකුගේ ශරීරයේ තයිරොක්සින් වැඩි වූ විට ඊඉඩ් අගය අඩු මට්ටමක පවතින අතර එය සංඛ්‍යාත්මක වශයෙන් 0. 4 වඩා අඩුවේ. නමුත් ඊඉඩ් අගය අඩුවීම මත පමණක් රෝගී තත්ත්වය නිවැරිදිව නිගමනය කළ නොහැකි අතර ඊ3, ඊ4 යන හෝර්මෝනද පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව අදාල රෝගී තත්ත්වය නිශ්චිතව නිගමනය කළ හැකියි.

සාමාන්‍යයෙන් නිරෝගී අයකුගේ මෙම ඊඉඩ් පරීක්ෂණ අගය 0. 4 සිට 4 දක්වා අගයක පැවතිය යුතුයි. නමුත් කුඩා දරුවන් මෙන්ම ගර්භනී කාන්තාවන්ගේ තයිරොක්සින් හෝර්මෝන මට්ටම්වල යම් යම් වෙනස්කම් දැකගත හැකියි. ඒ සඳහා වයස මෙන්ම ගර්භනී කාලය ආදී අනෙකුත් හේතූන්ද බලපානු ලැබේ.

තයිරොක්සින් ඌණතාවයේ ප්‍රධාන රෝග ලක්ෂණ ලෙස උදාසීන බව, අධික ශීතල, ශරීරය මහත්වීම, කාන්තාවක් නම් ආර්තව චක්‍රයේ ගැටලු ආදිය හඳුන්වා දිය හැකියි. තවද මෙම රෝග ලක්ෂණවලට අමතරව කොලෙස්ටරෝල් ප්‍රමාණය පවා ඉහළ යා හැකියි.

යම් අයකුගේ ශරීරයේ තයිරොක්සින් වැඩිවූ අවස්ථාවකදී දැකගත හැකි රෝග ලක්ෂණ ලෙස ශරීරය කෙට්ටුවීම, අධිකව දහදිය දැමීම, හෘද ස්පන්දනය වේගවත් වීම, ඇස් පිටතට නෙරා ඒම ආදිය දැකගත හැකියි. කෙසේ වෙතත් මෙම රෝග ලක්ෂණ මතම පදනම්ව නිවැරදිව රෝග විනිශ්චය අපහසු නිසා ඊඉඩ් පරීක්ෂණ හරහා නිවැරදිව රෝග නීර්නය කළ යුතුයි.