දණහිස් පැනීම යථා තත්ත්වයට පත්කළ හැකියි

දණහිස් පැනීම යථා තත්ත්වයට පත්කළ හැකියි

Arthroscopy (Keyhole surgery)

පසුගිය සතියේ අපි ඔබ දැනුවත් කළේ දණහිස් පොල්කට්ට් ඬදඥඥ ජචන පැනීමේ රෝගී තත්ත්ත්වය පිළිබඳවයි. එහි රෝග ලක්ෂණ , එයට හේතු සාධක වන්නේ කුමක්ද, කළ යුතු පරික්ෂණ යනාදිය පිළිබඳ අප ඔබ දැනුුුවත් කළා. දණහිස් පොල් කට්ට ඬදඥඥ ජචන පැනිම තරමක් බරපතල ගැටලුවක්. ඇතැමුන් මෙය ඉතා සුළුවෙන් සැළකුවද දණහිස් පොල්කට්ට පැනීම ඬදඥඥ ජචන දිගින් දිගටම සිදුවිම අනාගතයේ ද්විතික ආතරයිටිස් හෝ දණහිසේ ිවිකෘතිතාවයක් ඇතිවීමේ පෙර නිමිත්තක්. නිසි කළ නිසි අයුරින් පිළියම් නොකිරිමෙන් වයස්ගත විමත් සමඟම ප්‍රතිකාර කිරිමට අපහසු තත්ත්වයකට මුහුණ පෑමට සිදුවිය හැකියි. නිසි පිළියම් සොයා ප්‍රතිකාර වෙත යොමු වීම අතිශයින් වැදගත් වන්නේ ඒ නිසයි.

දණහිස් පොල්කට්ට පැනිම ඬදඥඥ ජචන බොහෝ විට ආරම්භ වන්නේ යෞවනයේ එළිපත්තේ සිටන විටයි. මේ ගැටලුවට බොහෝ විට මුහුණ දිමට සිදුවන්නේ වයස 12 - 13 - 15 වැනි වයස් කාණ්ඩවල සිටින දරුවන්. විශේෂයෙන් ගැහැනු දරුවන්ගේ දණහිස් ස්වභාවයෙන්ම ලංව පිහිටා තිබෙන නිසා ගැහැනු දරුවන්ට මෙම තත්ත්වය උදාවිමට තිබෙන ඉඩකඩ වැඩියි. කුඩා අවදියේදිම රෝග ලක්ෂණ මතුකරමින් ඇතිවන මෙම දණහිස් පොල්කට්ට පැනිමට ප්‍රතිකාර ආරම්භ කළ යුත්තේද කුඩා අවදියේදිමය. එවිට සම්පුර්ණ සුවයක් ලබා ගත හැකි බව පවසන්නේ මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ ජ්‍යෙෂ්ඨ විකලාංග විශේෂඥ වෛද්‍ය නරේන්ද්‍ර පින්ටෝ මහතායි.

ඇතැම් දෙමව්පියන් දරුවන්ට සිදුවන මෙම ගැටලුකාරි තත්ත්වයන් පිළිබඳ එතරම් තැකිමක් දක්වන්නේ නැහැ. අමාරුව වැඩිපුර නොදැනෙන නිසා ප්‍රතිකාර කිරිම පසුවට කල් දමනවා. එසේ නොමැති නම් ගොඩ වෙද මහත්වරු සොයා ගොස් ගොඩ වෙදකම් කරන්න උත්සහා කිරිමෙන් නිසි ප්‍රතිකාරයක් නොලැබෙන නිසා ක්‍රමයෙන් දරුවාගේ බැරැරුම් තත්ත්වයකට මුහුණ දිමට සිදු වනවා.

දණහිස් පොල්කට්ට පැනිම එතරම් තදබල ලෙස සිදු නොවන්නේ නම් අස්ථි ශක්තිමක් කරන භෞතචිකිත්සක ක්‍රම නිසි ආකාරයට කිරිමෙන් පේශිිවල අස්ථායිතාව මගහරවා ගත හැකි වුවද නිරන්තරයෙන් දණහිස් පොල්කට්ට පනින්නට හේතු වන්නේ පේශිිවල සහ අස්ථිවල අස්ථාියිතාවය තදබල ලෙස පැවතිමයි. එබැවින් එය මඟහරවා ගන්නට කළ යුතු ප්‍රතිකාරය වන්නේ සැත්කමකින් ඒ තත්වය නිවැරදි කර යථා තත්ත්වයට පත්කිරිමයි. එවිට දණහිස පැනිම සම්පුර්ණයෙන්ම නතර වි දරුවා වැඩෙද්දි නිරෝගි අය මෙන් සාමාන්‍ය ත්ත්වයට පත් වෙනවා..

විශේෂයෙන් අස්ථි පේශිි වර්ධනය සම්පුර්ණ වන්නේ දරුවෙකුට වසර 18 - 19 වන විටයි. වයස අවු 19 වන විට අස්ථි වැඩිම සම්පුර්ණ වු පසුව සිදු කෙරෙන ප්‍රතිකර්ම වලින් සියයට සියයක්ම සාර්ථකත්වයක් බලාපොරෝත්තුª විය නොහැකියි. හේතුව වයස්ගතවිමත් සමග සිරුරේ පටක වර්ධනය වි අවසන් වන නිසයි.

මේ අස්ථි පේශි වර්ධනය වි ඇති නිසා අස්ථි වර්ධනය වු පසු සැත්කම කිරිම එතරම් පහසු නැහැ. මෙයින් සිදුවන තවත් අනිසි ප්‍රතිඵලයක් වන්නේ මාශ පේෂි වැඩි අවසන් බැවින් යම් යම් විකෘතිතා මතුවිය හැකිවිමයි. වයස්ගතවිමත් සමඟ පටක වර්ධනය සමුපුර්ණ වී අවසන් වන නිසා ප්‍රතිකාර කළ පසු සුව වීමට පවා කල් ගත වනවා. දණහිස් පොල්කට්ට පැනිම වළක්වා ගන්නට ඇතැමුන් බැන්ඩේජ් දමා දණහිස ආවරණය කරගෙන සිටිනවා. නමුත් එය තාවකාලික අසාර්ථක ක්‍රියාවක්.

ඒ මඟින් දණහිසේ තිබෙන පේශි තවදුරටත් දුර්වල බවට පත්වනවා මිස කිිසිවිටක යථා ත්ත්වයට පත් වන්නේ නැැහැ..එවිට ව්‍යාකුල තත්ත්වය තවත් වැඩි විය හැකියි. පසුවට කල් දැමිමෙන් සිදු වන්නේ පසුකාලිනව විකෘතිතා ඇතිවිමට තිබෙන ඉඩ කඩද වැඩිවිමයි

එබැවින් එවැනි දරුවකු සිටන මවක් මේ පිළිබද වඩාත් සැලකිලිමත්ව නිසි කලට වේලාවට වෛද්‍යවරයාගේ අනුමැතිය පරිදි සැත්කමට දරුවා භාජනය කළ යුතුයි..

දණහිස් පැනිම යථා තත්ත්වයට පත්කරන සැත්කම සංකිර්ණ සැත්කමක්.මේ සැත්කම සිදු කරන්නේ මුඵමනින් රෝගියාව නිර්වින්දනය කරමින්. ඇතැම් ශක්තිමත් පුද්ගලයෙකු නම් කොන්දට එන්නත් කර සැත්කම සිදු කරනවා. අස්ථාවර ගතිය අඩු අයට එනම් වැඩිපුර දණහිස පනින්නේ නැති අයට නම් ඇතරස් කොපි (ඬඥර ඹඩධතඥ ඵභපඨඥපර) ආකාරයට සැත්කම සිදු කරන්නේ ඇතරස් කෝප් ආධාරයෙන් සම යටින් සිදු කළ හැකි එම සැත්කම් රෝගියාට දැඩි ලෙස වේදනා ගෙන දෙන්නක් නොවේ. නමුත් පේශි සහ අස්ථිවල අස්ථායිතාවය වැඩි නම් පුර්ණ විවෘත සැත්කමක් සිදු කළ යුතු වෙනවා.

දණහිස් පොල්කට්ට පිහිටා තිබෙන පේශිය කලවේ ඉදිරිපස තිබෙන පේශිය කොටස් 4 කින් යුක්ත වන අතර මේ කොටස් 4ම ශක්තිමත් කිරිමයි මේ සැත්කම මඟින් සිදු කරන්නේ. විශේෂයෙන් ඇතුලත පැත්තේ තිබෙන පේශින් ශක්තිමත් කිරිම අත්‍යවශයයි. ශක්මත් කිරිම දිගටම පවත්වා ගැනිමෙන් අස්ථායි තත්ත්වය මඟහරවා ගත හැකියි. මෙම සැත්කම් කර අවසානයේදි ප්ලාස්ටර් දාමා සති 6 ක සිටිය යුතු අතර කිහිලිකරු භාවිතා කළ යුතු වෙනවා. සති 6 කට පසු වෛද්‍ය උපදෙස් මත නිසි ව්‍යායාම් සහ භෞතචිකිත්සක ප්‍රතිකාර සිදු කළ යුතු අතර සම්පුර්ණ සුවය සදහා මාස 3 - 4 කාලයක් ගත වෙනවා..