පරිගණක තිරය මත ගැටෙන ඔබේ දෑස විඩාබර විය හැකියි

පරිගණක තිරය මත ගැටෙන ඔබේ දෑස විඩාබර විය හැකියි

විඩාවට පත් වීම යනු අප ඕනෑම අයෙකුට මුහුණ දීමට සිදුවන ශරීරික තත්ත්වයක්. එය සිරුරේ ඕනෑම ඉන්ද්‍රියයකට ඕනෑම ආකාරයකට බලපැවැත්විය හැකි අතර දිගින් දිගටම එසේ වෙහෙසට පත්වීම ඉදිරියේදී අනතුරුදායක අවස්ථා සඳහා ප්‍රධාන හේතුවක් බවට පත් වේ. මේ නිසාම දිනෙන් දින දියුණු වන තාක්ෂණික දැනුම හරහා ලෝකයේ විවිධ අංශවවල පවතින දියුණුව ඇස් කණ්ණාඩි පිළිබඳ කතාබහ කිරීමේදී ද දැකගත හැකි වේ.

මේ නිසාම විවිධ වූ ක්ෂේත්‍ර සඳහා විවිධ වූ ඉසව් සඳහා නිපදවූ කණ්ණාඩි වර්ග ද නිපදවා තිබේ. අතීතයේදී බොහෝදුරට මෙවැනි කණ්ණාඩි වර්ග නිපදවා තිබුණේ ඇසේ ඇතිවන ගැටලුකාරී තත්ත්ව එසේත් නැත්නම් දුර්වලතා මඟහරවා ගැනීම සඳහායි. නමුත් මේ වනවිට එම ක්ෂේත්‍රය ක්‍රීඩාවන් විවිධ රැකියාවන් සඳහා මෙන්ම මුළුතැන්ගෙය දක්වා ද ව්‍යාප්ත වී තිබේ. මේවා එම එක් එක් ක්ෂේත්‍රවලට ආවේණික වූ ලක්ෂණයන්ට අනුගත වන වෙනස්ම වූ ලක්ෂණයනගෙන් නිපදවා තිබේ. ඒ වගේම ඔබ විස්ම මතක තබාගත යුතු වැදගත් කරුණක් වන්නේ එක් කාර්යයන් සඳහා නිපදවූ කණ්ණාඩි වර්ගයක් වෙනත් කාර්යයක සාර්ථකව නියැලීමට උපකාරී නොවන බවයි. ඊට හේතුව එම ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ වූ තත්ත්වයන් අනෙක් ක්ෂේත්‍රය හා සම්බන්ධ කමක් නොදැක්වීමයි.

උදාහරණයක් වශයෙන් පොත්, පත්තර කියවීම සඳහා උපකාරී කර ගන්නා Reading Glass  පරිගණකය කියවීම සඳහා කිසිසේත් සුදුසු නොවේ. ඊට හේතුව පොත්, පත්තර කියවීම සඳහා උපකාරී කරගන්නා Reading Glass  වල ඇත්තේ අඟල් 16 -21 පමණ පරාසයේ පැහැදිලි පෙනුමක් වන නමුත් ඛ්ධථනභබඥප ට්තචඵඵ වල එම පරාසය අඟල් 18 - 28ත් පමණ දක්වා වෙනස් වීමයි. ඒ නිසා එක් කාර්යයක් සඳහා නිපදවූ ඇස් කණ්ණාඩි අනෙක් කාර්ය සඳහා යොදා ගැනීම කිසිවිටෙකත් සිදු නොකළ යුතුය.

එමඟින් සිදුවන්නේ ඔබ ඔබගේ පහසුව හා ආරක්ෂාව වෙනුවෙන් භාවිතා කරන එක් දෙයක් නිසා ඔබගේ ජීවිත කාලයටම පණ හා සමානව ආරක්ෂා කර ගත යුතු දෑස ආරක්ෂා කර ගැනීමට නොහැකි වීමයි. තවද ඇතැම් කණ්ණාඩි වර්ග භාවිතා කිරීමේදී ඔබට විවිධ වූ අපහසුතාවන්ට මුහුණ දීමට සිදුවිය හැකියි.

ඒ අතර කණ්ණාඩිවලට පරාවර්තනය වීම දිළිසීම ආදී සන්සිද්ධීන් මේ අතර සුලබ වශයෙන් කථාබහට ලක් වේ. මෙම සිදුවීම් වළක්වා ගැනීම සඳහා විශේෂිත ටඪතබඥපඵ යොදා මේ වනවිට නවතම කණ්ණාඩි වර්ග නිපදවා තිබේ.

පෙර පැහැදිලි කළ ආකාරයට ඔබගේ ඇස් නිතරම කාර්යබහුල තත්ත්වයක තිබෙනවා නම් ඒවා වළක්වා ගැනීම මඟින් ඇසට ඇතිවන විඩාව මඟහරවා ගත හැකි වනු ඇත. වර්තමාන සමාජයේ රැකියාවන් පිළිබඳ කතාබහ කරන විට ඔබට ඔබගේ ඇස්වලට ඇතිවන අපහසුකාරී බවින් නිදහස් කර ගැනීම තරමක් අපහසු ඇති. විශේෂයෙන් ඔබ නිතර පරිගණකය සමඟ රැදෙන අයෙක් නම් එම වළක්වා ගැනීම තරමක් අපහසු විය හැකියි.

එසේ වුවත් දෑස් විඩාවට ලක්වීම වළක්වා ගැනීමට සරලව කළ හැකි ව්‍යායාම කිහිපයක් පිළිබඳව කතාබහ කළ හැකි වේ.

එනම් පරිගණක තිරය ඉදිරිපස සිටින ඔබ සෑම මිනිත්තු 20කට වරක් අඩි 20ක් පමණ ඈතින් ඇති වස්තුවක් දෙස බලන්න.

එහි අරමුණ වනුයේ ඔබේ නෙතු සඟළට නැවත නාභිගත වීමට අවස්ථාවක් ලබාදීමයි. මෙමඟින් ඔබගේ ඇසේ විඩාව පමණක් නොවේ ඔබගේ කාර්යක්ෂමතාව ද ඵලදායීතාව ද ඉහළ යන බව පර්යේෂණ මඟින් හෙළි වී තිබේ.

මීට අමතරව ඔබගේ ශරීරයේ අනෙකුත් අවයව වලට යම් යම් චලනයන් ලබාදීම හරහා යම් වෙනසකට ලක් කිරීම ද මඟින් මීට පිළියම් යොදා ගත හැකියි.