ගං වතුරට මුහුණ දුන් ඔබගේ ආහාර වේල මේ ආකාරයට සකසා ගන්න

ගං වතුරට මුහුණ දුන් ඔබගේ ආහාර වේල මේ ආකාරයට සකසා ගන්න

දැන් උදා වී ඇත්තේ පශ්චාත් ආපදා සමයයි. ගං වතුර හා නාය යාම් පැවතුනත් මිනිසා ඉන් ජීවිතය කෙසේ හෝ යළි නැගිටිය යුතුයි. ලස්සන වටපිටාව අඳුරු කර දැමුවත් ස්වභාවධර්මයාගේ අපූර්වතම නිර්මාණය වන මිනිසා විසින්ම එය යලි ගොඩනැඟිය යුතු බව නම් පැහැදිලියි. නැවත පිළිසකර කළ යුතු නිවසේ සමහර ස්ථාන කඩිමුඩියේ නිම කළත් ගං වතුර ක්‍රමයෙන් ඉවත් වී ගොස් අපට ඉතිරි කර යන දේ නම් අපේ ජීවිතවලට තර්ජනයක් වනු නොඅනුමානයි. ඒ බොහෝවිට මේ පශ්චාත් සමයේ පැතිරී යන ලෙඩ රෝග හේතුවෙනි. මේ නිසා මානසිකවත් විඳින පීඩාව අතිමහත්ය. මෙවැනි හේතු නිසා ඇතිවන ලෙඩ රෝග අතරට සමේ රෝග ප්‍රධානවම ගැනිය හැකියි. තවත් විවිධ අවධානම් සහිත තත්ත්වයේ රෝග ඔබ හමුවට ඒමට පෙර ඔබගේ ප්‍රතිශක්ති කරන හැකියාව වැඩි කරගත යුතුයි. ඒ සඳහා අදාළ ආහාර වර්ග ඔබගේ ආහාර වේලේ තිබිය යුතු වුවත් මෙවැනි ආපදා තත්ත්ව හමුවේ කෙසේ නම් එය කළ හැකිද? මේ සඳහා පිළිතුරක් ප්‍රජා වෛද්‍ය විශේෂඥ ශාන්ති ගුණවර්ධන අපට ලබා දුන්නේ ඔබගේ පහසුව පිණිසමයි.

මෙවැනි ආපදා තත්ත්වයකදී ඇතිවිය හැකි අපහසුතා

විජලනය වීම - මෙය සාමාන්‍ය ලෙස සිදුවෙයි. නමුත් උග්‍ර නොවේ.

ආහාර රුචිය ඇති නොවීම

මානසික ආතතිය ඇතිවීම

මල හොඳින් බැහැර නොවීම

සිත නොසන්සුන් වීම

ශාරීරිකව දුර්වල වීම

නින්ද අඩුකම

ගං වතුර බැසයාම පටන් ගත් විටදී ඔබ නිවස පිරිසුදු කිරීමට පටන් ගන්නේ මිදුලේ වතුර මට්ටම බැස යන්නටත් පෙරයි. ඒ නිසා ඔබ නොදැනුවත්වම මිදුලේ වතුරින් පාදවලට එකතු වන විෂ බීජ විවිධ ලෙඩ රෝග සෑදීමේ ප්‍රවණනතාව වැඩි කරයි. විශේෂයෙන් සමේ රෝග බොහෝවිට ඇති වේ. පාචනය, දද, කැසීම්, කුෂ්ට, වණවීම් වැනි ආබාධවලට මුල පිරෙනු ඇත.

මේවාට පිළියම් මොනවාද?

විශේෂයෙන් පිළියම් සොයනවාට වඩා ඉන් මිදීමට අවශ්‍ය ශක්තිය ලබා ගැනීමට උනන්දු වීම වඩා වැදගත්ය. රෝගයක් දරා ගැනීමේ ශක්තිය හා එය පලවා හැරීමේ ගුණාංගය වන ප්‍රතිශක්තිකරන හැකියාව අප තුළ තිබීම මෙවැනි අපහසුතා මඟහරවයි. මන්ද යත් මින් පාචනය, සමේ රෝග, කුෂ්ට, දද වැනි ඔබට ඇතිවිය හැකි රෝග ගණනාවකට පිළියම් වන නිසාය. ඔබගේ ආහාරපාන විධි සකස් විය යුත්තේ යාවත්කාලීනව පවතින මේ ජීවන රටාවට අනුගතවයි. හොඳින් පිසූ ආහාර වර්ග ලබා ගැනීම වඩාත් සුදුසුයි. ගංවතුර හෝ නායයාම් ආපදා පරිසරයේ ජීවත්වන ඔබ පහසුවට කඩපිල්වලින් ලබා ගන්නා කෙටි ආහාර පාන වලට යොමුවීම කිසිසේත්ම සුදුසු නැත. නිවසේ පිළියෙල කරගත් ආහාර පාන පමණක් පරිභෝජනයට සුදුසුයි.

රෝගවලට ඔරොත්තුදීමේ හැකියාව

ඔබගේ ආහාරවේල සඳහා සත්ත්ව ප්‍රෝටීනයක් එක් කර ගැනීම තුළින් ඇතිවිය හැකි රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි කර ගත හැකියි. නිවසේ බත් පිස ගැනීමේ දී ඉතාමත් පිරිසුදුව සාදාගැනීමට උනන්දුවීම ඔබගේ වගකීමයි. මස්, මාලු, කරවල, හාල්මැස්සන්, බිත්තර වැනි සත්ත්ව ප්‍රෝටීන් අඩංගු ආහාර වඩාත් සුදුසුයි. පලාවර්ග ගංවතුරින් විනාශ වී අපිරිසුදු වී ඇති නිසා ඉන් බැහැර පෙදෙස්වලින් ලබාගැනීම සුදුසුයි. සලාද වශයෙන් අමුවෙන් ගැනීම දැන් ටික කලකට නතර කර දැමීමට සිදුෙවි. ආහාරය පිණිස පලාවර්ග ගැනීමේ දී පිස ගැනීම වඩාත් සුදුසුයි. ජලය පානය ද ඉතා අත්‍යවශ්‍ය කරුණකි. මේ සඳහා හොඳින් නටවා උණුකර නිවාගත් ජලය පානය කිරීමට සුදුසුයි.

Tap to Mouth (කරාමයේ සිට මුවඟට)

ඍජුවම කරාමයෙන් වතුර බීමට ගැනීම මේ කාලවකවානුව කිසිසේත් සුදුසු නැත. විශේෂයෙන් කුඩා දරුවන් හා ගර්භණී මව්වරුන් මහලු පිරිස් සඳහා මේ ඊචන බධ ර්ධභබඩ සුදුස නැත. පාචනය වැනි රෝග වගේම උදරාබාධ රෝග ද ඇතිවීම වලක්වා ගැනීම මෙහි අරමුණයි.

ආහාර පාන ලබාදීම සඳහා වඩා සැලකිලිමත් විය යුතු කාණ්ඩ

දිරවීමට පහසු ආහාර ලබාගැනීම වඩා සුදුසුවන්නේ කුඩා හා වැඩෙන වයසේ දරුවන්ටයි. මහලු අයට හා ගර්භනී කාන්තාවන්ට ද පහසුවෙන් දිරවිය හැකි ආහාර ලබාදීම සුදුසුයි. බත් බෙරිවන්නට දී පිස ගෙන කුඩා දරුවාගේ ආහාරය ලබාදීම සුදුසුයි. වයසක උදවියට ද එසේ පහසු ආහාර රටාවක් කරා යොමු කිරීම තුලින් ඔවුන්ගේ ජීර්ණ ක්‍රියාවලිය පහසු කර ගත හැකියි. අමතරව ඇතිවිය හැකි රෝගාබාධවලින් වැළකී සිටීමට ඒ අනුව හැකිවේ. ශීත කළ ආහාර ලබාදීම සුදුසු නැත. උණු උණුවේ පිස ගත් සැනින් ආහාරයට ගැනීම දරුවාගේ හෝ මහලු අයගේ කෑම රුචිය වඩවන ක්‍රමයකි. එය විස බීජ නසන ක්‍රමයක් ද වේ.

මානසිකව බිඳ වැටීම

පශ්චාත් ආපදා තත්ත්වයේදී බොහෝ දෙනා පත් වී සිටින්නේ සිදු වූ විපත තමාට දරා ගැනීමට ඇති නොහැකියාව මත මානසික සිත්තැවුල් වලට පත්වීමයි. එබැවින් ඔවුන් ඔවුන්ගේ ආහාරපාන හෝ සෞඛ්‍ය ගැන එතරම් සැලකිලිමත් නැහැ. ආතතියට පත්වීම හේතුකොට ගෙන පෝෂණ අවශ්‍යතාවය මඟහැරෙයි. ඔබ ඔවුන් ගැන සොයන්නෙක් නම් විශේෂයෙන් මානසික කඩා වැටීම හා මේ විපත් හේතුවෙන් අඩපණ ජීවිතයකට යම් සෙවණක් වීමට අවශ්‍යයි. එසේ නම් පළාතේ සෞඛ්‍ය නිලධාරිවරයාට, පවුල් සෞඛ්‍ය නිලධාරිනියට , ග්‍රාමසේවකට හෝ සමාජ සේවා නිලධාරිවරයාට එවැනි අයව යොමු කර සිටීම වඩා වැදගත් ක්‍රියාවකි.

පානයට වතුර

නිවසේ ජලය ලබාගන්නේ ළිංවලින් නම් එය භාවිතා නොකිරීමට වග බලා ගතයුතුයි . අපද්‍රව්‍ය එහි තැන්පත්වීම හේතුකොටගෙන විෂ බීජ එක්රැස් වී ලෙඩ රෝගවලට මුල් පාදාදීමක් වේ. එබැවින් බෝතල් වතුර භාවිතාව යහපත් වේ. හැකි සෑම විටකම එසේ පිරිපහදු ජලය පානයට සුදුසුයි. පාචනය සෑදීමට ඉඩකඩ වැඩි බැවින් ඔබගේ ආහාරපාන පවිත්‍රව සකසා ගැනීම හා මානසිකව පීඩාවිඳින අය ගැන විශේෂ අවධානයක් යොමුකිරීම වැදගත්ය.

මෙම ආපදා තත්ත්වයේදී පහසුවෙන් ආහාර සකසා ගැනීමට ඔබ සතු තිබිය යුතු දෑ පමණකින් සෑහීමකට පත්විය යුතුය. එසේ සකසා ගන්නට හැකි ආහාර වර්ග මෙසේ දැක්විය හැකියි.

- බත් සමඟ එක ව්‍යංජනයක් පෝෂණය සහිතව සකසා ගන්න පුලුවන. ව්‍යංජනයට ඇට වර්ගයක් වුවත් සුදුසුයි. ඔබට ඇත්තේ එක භාජනයක් නම් ඇට වර්ගය හා එළවලු වර්ග කිහිපයක් සමඟ එකට දමා පිළියෙළ කර ආහාරයට ගන්න.

- රොටී සෑදීමේදී පොල් සමඟ එළවලු වර්ග කිහිපයක් හීනියට කපා මුසු කර ඊට බිත්තර එක්කර ආහාරයට ගතහැකියි.

- මඤ්ඤොක්කා තැම්බීමේ දී එළවලු පෙර සේම හීනියට කපා ගම්මිරිස් දමා තෙම්පරාදු කර මඤ්ඤොක්කා මිශ්‍රකර ඊට ලුණු එකතු කරන්න. දැක් ආහාරයට ගත හැකියි.

- කොස් තම්බාගෙන කූණිස්සන්, කොළ වර්ග , එළවලු වර්ග හීනියට කපා ලුණු ගම්මිරිස් අවශ්‍යපරිදි දමා රසවත් ලෙස ආහාරයට ගත හැකියි.

- ඉඳි ආප්ප ඔබට ලැබුනේ නමි එළවලු වර්ග දමා බිත්තර එක්කර සාදා ගත් ම්ශ්‍රණයත් සමඟ කෑමට ගන්න.

- කවුපි තම්බා බ්ත්තර 2ක් ගසා ගම්මිරිස් ලුණු සමඟ තෙම්පරාදු කර ලුණු මිරිස් මිශ්‍රකර ගන්න. රුචියක් ද ඇති වේ.

-බ්ත්තර සමඟ එළවලු කපා එකතු කර තෙල් දමා කුරක්කන් පාන් සමඟ ආහාරයට සුදුසුයි.

තාවකාලික ආහාර රුචිය වර්ධනය, මානසික සමබරතාවය යථා තත්ත්වයට පත්කර ගන්නා තුරු එවැකි ඉහත ආහාරවලට යොමුවීම සුදුසුයි.

පහසුවට කියා මාලු පාන් , පේස්ට්‍රි, වැනි junck food වලින් වැළකීම ඔබගේ සෞඛ්‍යට හිතකරයි. සෞඛ්‍ය අමාත්‍යාංශයේ අනුමැතිය ලද පානීය වතුර බෝතල් ලබාගැනීමට උනන්දුවීම වැදගත්.