කටහඬ වෙනස් වන්නේ ඇයි?

කටහඬ වෙනස් වන්නේ ඇයි?

අනේ බලන්න ලඟකදි ඉදලා මගේ කටහඬ වෙනස්වෙලානේ. උගුරු බැරැන්ඩි වෙලා. ගොඩ බෙහෙක් කර කර හිටියා තවම කිසිම ගුණයක් නැහැ. දැන් මේ අමාරුවට මාස දෙකකුත් ඉවරයි.

ඇයි දොස්තර කෙනෙකුට පෙන්නුවේ නැද්ද?

නැ ඉතිං කටහඬ වෙනස් වෙන එක ලෙඩක් නෙමෙයිනේ. ඒක ඉතිං ඔය සාමාන්‍ය දෙයක්නේ.

ඇත්තටම කට හඬ වෙනස්විම ලෙඩක් නොවන සාමාන්‍ය දෙයක්ද?

පසුගිය දිනක එක්තරා රෝගියෙක් දුරකතන ඇමතුමක් දි අපට පැවසු මේ කරුණ පිළිබද අවධානය යොමු කිරිම වඩාත් යෝග්‍ය යැයි මා සිතු නිසාඑයට පිළිතුරු ලබා ගැනිමට මාළඹේ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු රෝහලේ උගුර කන නාසය පිළිබද විශේෂඥ වෛද්‍ය සීතා අරඹෙපොල මහත්මිය සම්බන්ධ කර ගත්තා.

කටහඬෙහි ඇතිවන වෙනස්වීම් ගැන කථා කිරීමේදි කටහ¼ඬ ඇතිවන්නේ කෙලෙසදැයි සොයා බලා ඒ පිළිබද අවබෝධයක් ලබා ගැනීම වඩා වැදගත් වේ. කටහඬ ඇතිවන්නේ මේ ආකාරයටයි. ආශ්වාසයේදි පිටවන වායු කදම්බය ස්වර තන්තු හරහා ගමන් කිරීමේදී ස්වර තන්තු වල චලනයක් ඇතිවේ. එහිදි ශබ්දයක් නිකුත්වන අතර, එම ශබ්දය දිව, තොල් දත් ආධාරයෙන් වචනවලට පරිවර්ථනය වේ. ඉහත සඳහන් කළ විවිධ ව්‍යුහයන් ශබ්දය නිපදවීමට නැතහොත් කටහඬ ඇති වීමටත්, කථනයටත් උපකාරී වේ.

මේ අවබෝධය නිසා කටහඬෙහි වෙනස්කම් ඇතිවුවහෝත් ්එයට හේතු කාරණා සොයා ගැනිම පහසුවේ. කටහඬෙහි ඇතිවන එක් වෙනස්කමක් වනුයේ එහි ගොරෝසු බවක් ඇති වීමය. උදාහරණ වශයේ ගත් කළ උගුරේ බැරැන්ඩිය දැක්විය හැක. එබැවින් කටහඬෙහි ගොරෝසු බවට ප්‍රධානම හේතුවන්නේ ස්වර තන්තුවල ඇතිවන වෙනස්කමයි. ස්වර තන්තුවල වෙනස්කම සදහා බලපාන සාධක කිහිපයක් ඇත.ඒවා වනුයේ වෛරස් හෝ බැක්ටිරියා නිසා ඇතිවන ආසාදන තත්ත්වයන්.නිසා ස්වර තන්තු ඉදිමීම, ගැටිති, ක්ෂය රෝග විෂබීජ නිසා ඇතිවන ඉදිමීම් ආදිය නිසාත් පිළිකාමය තත්ත්වයන් නිසා ස්වර තන්තු අඩපන විය හැක. කටහඬෙහි ගොරෝසු බවට හේතු වේ.

එලෙසම අප අමතක නොකළ යුත්තේ තයිරොයිඩ් ග්‍රන්ථිය ඉවත් කිරීමේදී ශල්‍යාගාරයේදී ස්නායුවලට ඇතිවන සුඵ වශයෙන් හෝ යම්කිසි සියුම් අනතුරක් සිදුවුහොත් ස්වර තන්තු අඩපන විමටද ඉඩ ඇත.

කටහඬෙහි ඇතිවන තවත් වෙනස්කමක් වනුයේ යම්කිසි දෙයක් මුඛයෙහි තබාගෙන කථා කරන්නාක් වැනි වෙනස්කමක් ඇතිවීමයි. මෙයට හේතුවන්නේ මුඛය හා උගුර තුල ඇතිවන ආසාදන උදා. සෙම්ගෙඩි පැසවීම, උගුරේ සැරව ගෙඩි ඇතිවීම) මුඛයේ දිවෙහි හෝ උගුරේ පිළිකා තත්ත්වයන් හෝ උගුරේ සහ මුඛයේ යම්කිසි දෙයක් සිරවීම (කට්ටක් හෝ ආහාර ගුලියක්) යන කාරණා නිසාය.

මේ ත්ත්ත්වයට හේතුවන්නේ් නාසයේ මස් දළු, නාසයේ අධික ආසාදන තත්ත්වයන්, නාසයේ යම්කිසි බාහිර ද්‍රව්‍යයක් සිරවීම යනාදියයි. එවිට බොහෝ විට නාසයෙන් කතා කරන හඬක් නැගේ.

කාන්තා පක්ෂයකට පිරිමි කටහඬක් ලැබිමත්, පිරිමි පක්ෂයට කාන්තා කටහඬක් ලැබීමත්, තවත් ආකාරයකට කටහඬෙහි දෝෂ ලෙස හැඳින්විය හැක.

මෙලෙස හඳුනාගන්නා කටහෙ¼ඩ් වෙනස්කම් වෛද්‍යවරයෙකු විසින් හඳුනාගන්නේ කෙසේදැයි? රෝගියෙකු තුළ කුතුහලක් ඇති වනු ඇත.

එබැවින් ඒ පිළිබඳව සාකච්ඡා කිරීමට ද වැදගත්ය. කටහඬෙහි ඇති වෙනස්කම් වෛද්‍යවරයාගේ මූලික සායනික පරීක්ෂාවේදී දීර්ඝ ලෙස අධ්‍යයනයට ලක් කරන අතර එහිදී කටහඬේ පරිවර්තනය, දරා ගැනීමේ හැකියාව හා උච්ච ස්වරයන් ඉපදවීමට ඇති හැකියාවද පරීක්ෂා කෙරේ. එසේම නාසයෙන් ඇතුළු කරන කැමරාවක් මඟින් නාසයේ මුල සිට ස්වර තන්තු දක්වා ඇති ව්‍යුහමය වෙනස්කම් ද ක්‍රියාකාරීත්වයේ වෙනස්කම් ද හඳුනාගත හැක.

ඇතැම්විට කථනයේ සියුම් වෙනස්කම් හඳුනා ගැනීමටද හැකියාවක් ඇත. නවීනතම කැමරා වර්ගයක් භාවිතා කොට Steroboscopy පරික්ෂාව මගින් වෛද්‍යවරයාට රෝගය පිළිබද නිසි ආකාරයේ තීන්දුවක් ගත හැක. පරික්ෂණවලදී කටහෙ¾ඩහි වෙනස්කමට හේතු වූ කරුණු හඳුනාගෙන එයට ප්‍රතිකර්ම කිරීම වෛද්‍යවරයා විසින් සිදු කෙරේ.

එක් එක් කරුණු සදහා යොදා ගන්නා ප්‍රතිකර්මයන් ද අතිශයින් විවිධ වන බැවින් එය පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා නොකෙරෙන නමුත්, සිදු කිරීමට හැකි ප්‍රතිකර්මය කෙටියෙන් විමසීම වැදගත්ය.

අප ඉහත සාකච්ඡා කළ ආකාරයෙන් කටහඩෙහි වෙනස්කම් ඇති වී ඇත්තේ ව්‍යුහයේ වෙනස්කම් නිසා නම් ඒවා නිවැරදි කිරීමට ඇතැම් විට අවශ්‍ය නම් ශල්‍යකර්මයක් කළ යුතු අතර, ඇතැම් තත්ත්වයන් කථන ව්‍යායාම මඟින් යථා තත්ත්වයන්ට පත් කළ හැක.

එසේම ගැහැනු කටහඩ පිරිමින්ට පිරිමි කටහඩ ගැහැනුන්ටත් අනවශ්‍ය ලෙස පිහිටා තිබේ නම් ඒ සඳහා විශේෂයෙන්ම සැකසුණු ශල්‍යකර්මයන් රාශියක් ඇති අතර එයින් ඉතා සාර්ථක ප්‍රතිඵල ලබා ගැනීමට හැකි වේ. මතක තබාගත යුතු කරුණු වනුයේ කටහඬෙහි වෙනස්කම්වලට හේතුවන සංකීර්ණ රෝග තත්ත්වයන් (පිළිකා තත්ත්වයන්) තිබෙන නිසා විශේෂයෙන් දුම්පානය කරන්නන්, බුලත් විටට ඇබ්බැහිවුවන් එයින් මිදිමට විශේෂ අවධානය යොමු කළ යුතු වීමයි.