Stress එක Release කරගන්න

Stress එක Release කරගන්න

ආතතිය අවම කර ගැනීමට වැදගත් වන ප්‍රධානතම කාරණය වන්නේ තමාගේ ඉලක්කය යථාර්තවාදී කර ගැනීමයි. තමන්ට කළ හැකි දේ පමණක් ඉලක්කව තබා ගැනීමටත්, වැඩ පිළිවෙලකට කිරීම (අත්‍යවශ්‍ය වැඩ මුල් කර වැදගත් කමින් අවම වූ වැඩ කටයුතු පසුවට කිරීම) ඉක්මනින් කළ යුතු නොවන වැඩ සඳහා අනිවාර්යයෙන්ම දිනයක් යොදාගත යුතුය. කාලය හොඳින් කලමනාකරණය කර ගැනීමෙන් වැඩ කල් දැමීම සිදු නොවේ.

මනස සැහැල්ලු වන ක්‍රියාවලියකින් ඔබ කොයිතරම් කාර්යබහුල වුවද විනෝදාංශයක් ඔබට තිබිය යුතුමය. එබැවින් තමා පි‍්‍රය කරන විනෝදාංශයක යෙදිය යුතුය.

ගැඹුරින් හුස්ම ගැනීම

ආතතිය සමනය කිරීමට මෙයද එක්තරා උපක්‍රමයකි. මේ මඟින් රුධිරයට සැපයෙන ඔක්සිජන් ප්‍රමාණය වැඩි වන අතර මොළයට සහ ස්නායු උත්තේජනය වීමක් සිදු වේ. ආතතියෙන් ගැලවීමට, එළිමහනේ ඇවිදීම, බයිසිකල් පැදීම, පිහිනීම වැනි ව්‍යායාම සමත් වී ඇත. දිනකට විනාඩි 30 -45 ක් කාලයක් මේ ව්‍යායාම වල නිරත වීමෙන් ආතතිය මඟහරවා ගත හැක.

ආගමික වතාවත්

පන්සල්, පල්ලි, කෝවිල් ආදී පූජනීය ස්ථානවලට ගොස් එහි වතාවත්වල නියැලීම ආතිතයෙන් මිදෙන්නට තවත් පිළිවෙතකි.

භාවනාව

භාවනාව යනු මානසික ඒකාග්‍රතාවය වැඩි දියුණු කිරීමට යෝග්‍ය කටයුත්තකි. හිතට වද දෙන ප්‍රශ්න ගැටලුවලින් මිදී සිත සන්සුන් කර ගැනීමට මෙය වඩාත් යහපතකි.

දියුණු කරගත් මනස ඔබේ ජීවිතයේ ප්‍රශ්න ගැටලු දෙස උපේක්ෂාවෙන් බලා ඒවා ආතතියෙන් තොරව විසදා ගැනීමට හොඳම පියවරකි භාවනාව වැදගත් ස්වසන ව්‍යායාමයකි. කිසිදු මුදලක් වැය නොවන අතර අවශ්‍ය වන්නේ සුදුසු පරිසරයන් සහ කාලය පමණි.

මනෝ ලෝකයේ සැරිසැරීම

අවශ්‍ය වන්නේ නිදහස් පරිසරයක් තුළ සුව පහසුව විසීමයි. කිසිදු මුදලක් වැය නොවේ. මෙහිදී ඔබ විසින් දෑස් පියාගෙන ඔබ ආශා කරන පරිසරයකට, ස්ථානයකට සුන්දර අත්දැකීමක් වෙත මනසින් පිය නගන්න. මේ කාලයේ හැකි තරම් සිරුර ලිහිල්ව තබා ගන්න.

මිතුරාට පවසා සිත සැහැල්ලු කරගන්න

ආතතියට තුඩු දුන් හේතුව තමාගේ සමීපතම මිතුරා හෝ සමීපතම නෑදෑයාට පවසා සිත සැහැල්ලු කරගන්න.

සිනාසීම

රුපියල් ශතවලට මිල කළ නොහැක්කකි. විනෝදය දනවන වැඩසටහන්, විනෝදජනක චිත්‍රපට, විමෝද ගමන් තුළින් ඔබේ මනසට ලැබ දෙන්නේ සැහැල්ලුවකි. වර්තමාන කාර්යබහුල ජීවිතයේ සිනාසීමට වේලාවක් නොමැති නමුත් විහිළු තහළු කරමින් හෝ සිනාසෙන්නේ නම් එයද ආතතිය මඟහරවා ගැනීමට සුදුසුම පියවරකි.

කායික එක්වීම

ඔබේ සහකරු හෝ සහකාරිය සමඟ මනා කායික සබඳතා පැවැත්වීම මානසික ආතතිය දුරලීමට හැකි සාර්ථක ක්‍රියාවලියක්. එවිට ඔබේ සිරුරේ රුධිර සංසරණය යහපත් වී හොඳින් හුස්ම ගැනීම නිසා පෙනහළුවල ක්‍රියාකාරීත්වය හොඳින් සිදු වේ. යහපත් මනසකට ශාරීරික ස්පර්ශය ද වඩාත් වැදගත්ය.

කොතලාවල ආරක්ෂක වෛද්‍ය පිඨයේ කතිකාචාර්ය හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය

නාමල් විජේසිංහ