සිරුරට ගුණ දෙන පලතුරුවල රස බලමු

සිරුරට ගුණ දෙන පලතුරුවල රස බලමු

අපගේ මේ ජීවන ගමන ආරම්භයේදී පටන්ම ගස්වල ඵල මිනිසාගේ පැවැත්මට බොහෝ උදව් වී ඇත. බොහෝ පලතුරු වර්ග දකින්නට ලැබුණත් ඉන් ලැබෙන රසවත් බව වගේම ගුණවත් භාවය ද මිනිස් ජීවිතය ශක්තිමත් කිරීමට තරම් සමත්ය. මිනිසාට පමණක් නොව සත්ව ලෝකයේ පැවැත්මට මේ පලතුරු වර්ග බොහෝසෙයින් උදව් වන බව අපි දන්නා කරුණකි. මෙලෙස අනේක විධ ප්‍රයෝජන බොහොමයක් ලබාදෙන පලතුරු කිහිපයක් සඳහා මෙවර ඉලක්කයට මාන කරන්නට අවැසි තොරතුරු විශේෂඥ වෛද්‍ය මංගලා මහලේකම ලබා දුන්නේ එහි පවතින ගුණ ද සමඟිනි.

බොරැල්ල ශික්ෂණ ආයුර්වේද රෝහලේ

විශේෂඥ වෛද්‍ය

මංගලා මහලේකම

අක්ෂි රෝගවලට ගුණදෙන දෙළුම්

ඉතාම ගුණවත් පලතුරක් ලෙස ප්‍රචලිතයි. මරණාසන්න බොහෝ අයට දෙළුම් යුෂ බිංදු 2ක් තරම් සුළු ප්‍රමාණයකින් පවා ජීවිතය මෙලොවෙහි තවත් දීර්ඝ කර තබා ගැනීමට තරම් සමත් බව සැලකේ. දෙළුම් මඟින් ශරීරයේ රුධිර සංසරණ ක්‍රියාවලිය හොඳින් සිදු කර සෑම ඉන්ද්‍රියක්ම ප්‍රාණවත් කරයි. පුරාණ ඉසිවරු පවා මෙය වැදගත් ඖෂධීය පානයක් ලෙස සලකා ඇත.

දෙළුම් මිහිරි පලතුරකි. ඖෂධීය ගුණයෙන් අනූන දෙළුම් රෝග ගණනාවකට සුදුසු වේ.

අජීර්ණය දුරු කරයි. පණු රෝගවලට හිතකරයි. උණ රෝගීන්ට සුදුසුයිි, මුත්‍රා රෝගවලට සුදුසුයි. දෙළුම් යුෂ පානයට දෙයි. ඇස් වලට ගුණ දෙයි. ඇසේ සුද ඇති අයට දෙළුම් යුෂ වඩාත් සුදුසුයි. අධික ස්ථුලතාවය නැති කරයි. ශරීරයේ ආහාර ජීර්ණය ඇතුළු ක්‍රියා නිසිලෙස සිදු කරයි. ස්ත්‍රීන්ගේ සරු බව වැඩි කරයි. පිළිකා නාශකයි. මානසික ආතතිය වළකයි. ශරිරයේ දැවිල්ල නැති කරයි. අසථි හා දත් ශක්තිමත් කරයි. ඛේට ස්‍රාවය වැඩි කරයි. අධික රුධිර පීඩනයට ගුණයි. දියවැඩියාව රෝග තත්ත්වයට ගුණ දෙයි. පෙනහළු රෝගවලට හිත කරයි. සම පැහැපත් කර සමේ රැළි ගතිය නැති කරයි. කටහඬ මිහිරි කරයි. අධික ස්ථුලභාවය අඩු කරයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය වැඩි කරයි. උගුරේ ආසාදන නැති කරයි. ආහාර රුචිය වඩයි. දිනපතා දෙළුම් ආහාරයට ගැනීම නිසා ආයුෂ වැඩි වේ. මෙය මෙකල සුපිරි පලතුරක් ලෙස නම් කර ඇත. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන් සහ මේද අඩංගුයි. විටමින් ඕ හෝ ඛ් බහුලව ඇත. කැල්සියම්, යකඩ, පොටෑසියම්, මැග්නීසියම්, පොස්පරස්, සින්ක් ඇත.

දන්ත රෝගවලට ගුණදෙන බෙලි

ඖෂධීය ගුණය බහුල රසවත් පලතුරකි. ශී‍්‍ර ඵල නමින් ද ව්‍යවහාර වේ. බොහෝ රෝග සුව කිරීමට උදව් වේ. ඉන් කිහිපයක් මෙලෙස දැක්විය හැකියි. සිරුරේ ඉදිමුම නැති කිරීමේ ගුණය ඇත. අර්ශස් රෝගයට සුදුසුයි. හෘද රෝගවලට හිත කරයි. තුවාල සුව කිරීමේ ගුණය ඇත. කර්ණ රෝග, ඇස් රෝග වලට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. සමෙහි ඇතිවන දිලීර ආසාදන නැති කරයි. සමෙහි පැහැපත් බව ඇති කරයි.

මල පිටවීම හොඳින් සිදු කරන අතර ආහාර දිරවීම පහසු කරයි. ආහාර රුචිය ඇති කරයි. කොලෙස්ටරෝල් ඇති රෝගීන්ට සුදුසුයි. තෛරොයිඩ් ග්‍රන්ථියේ රෝගවලට ගුණ දේ. අනවශ්‍ය මේදය තැන්පත් වීම වළකයි. ඇදුම, පීනස් රෝගීන්ට ගුණදායකයි. විදුරුමස් ලේ ගැලීම වළක්වයි. දත් ශක්තිමත් කරයි. විදුරුමස් ශක්තිමත් කරයි. කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය මෙහි පවතින පෝෂක අතරට විටමින් A,B,C  කාණ්ඩ ද අයත්ය. ක්ෂුද්‍ර පෝෂක ලෙස කැල්සියම් පොස්පරස්, පොටෑසියම් ඇති අතර යකඩ සුළු ප්‍රමාණයක් ඇත. බෙලි ආහාරයට ගැනීමේදී ගසේ පැහී ඉදි වැටෙන ඒවා ගැනීම වඩාත් සුදුසුයි.ගර්භනී කාන්තාවන්ට හා කිරිදෙන මව්වරුන්ට ආහාරයට ගැනීම සුදුසු නැත.

දණහිස් වේදනා වාත වේදනාවලට ගුණදෙන ඇඹරැල්ලා

පලතුරක් ලෙස ප්‍රසිද්ධ වුවත් ව්‍යංජනයක් ලෙසද ගෘහණියන්් අතර ප්‍රකටය. ඇඹරැල්ලා බොහෝ ගුණදෙන පලතුරකි. ඉදුණු ඇඹරැල්ල මනා පෝෂණ ගුණයෙන් ඉහළයි. මෙය සුව නොවන කැස්ස සමනය කිරීමට උදව් කරයි. ආයුර්වේදයට අනුව ගුණාධික පලතුරකි. ශරීරයේ අනවශ්‍ය ඉදිමීම්, වාත වේදනා, දණහිසේ වේදනා වලට ගුණ දේ. දියවැඩියා වැනි රෝගවලට බෙහෙවින් ගුණදෙන පලතුරකි. ශරීරයේ ස්නායු ශක්තිමත් කරයි. පෙනහළුවලට ගුණදායක වේ. ශරීරයේ බලය වඩයි. අධික රුධිර පීඩනය පාලනය කරයි. හෘද රෝගවලට ගුණ දේ. කෑම රුචිය වැඩි කරයි. බඩ පිපීම නැති කරයි. මාංෂ පේශිවල වේදනාව නැති කරයි. ශරීරයේ ඇතිවන වේදනාවට සුදුසුයි. කොලෙස්ටරෝල් පාලනය කරයි. අධි ස්ථුලභාවය තුරන් කරයි. අනවශ්‍ය මේද ඉවත් කරයි. ආහාර රුචිය වැඩි කරයි. ඛේටය ස්‍රවාය වීම වැඩි කරයි. ගලගණ්ඩය වැනි රෝගවලට ගුණ දේ. අතීසාරය වමනය වැනි රෝග දුරු කර දමයි. ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කරයි. ප්‍රෝටීන්, කැල්සියම්, පොස්පරස්, යකඩ අඩංගු වේ. විටමින් ඛ් බහුලව ඇත. විටමින් B  වර්ග ඇත. සමහර අයට ඇඹරැල්ලා ආහාරයට ගැනීම නිසා විවිධ අසාත්මිකතා ඇතිවිය හැකියි. ඒ වගේම බඩදැවිල්ල හා උගුර කට වනවීම් සහ දිව තුවාල වූ අයට සුදුසු නැත.

රුව ලස්සන කරන අඹ

බොහෝ අඹ වර්ග දක්නට ලැබුණත් ඉන් රසයෙන් අනූන වන්නේ මී අඹ, කර්තකොලොම්බු සහ විලාඩ්ය. අඹවල ගුණාංග බොහෝ ඇත. රුව ලක්ෂණ කරන ගුණය පිහිටා ඇත. රුධිරය වර්ධනය කරනු ඇත. බඩගින්න ඇති කරයි. ශරීරයේ අඩු බර ඇති අය සම බර මට්ටමට ගෙන එයි. අක්මා රෝගවලට සුදුසුයි. බර වැඩි අය ද සම බර මට්ටමට ගෙන එයි. ආමාශ රෝගවලට ගුණයි. තුවාල ඇතිවීම වැළකේ. (මෙහිදී ඉදුණු අඹ විශේෂයි) පිපාසය දුරු කරයි. ස්නායුවල ක්‍රියාකාරීත්වය ඇති කරයි. රුධිර නාල පද්ධති ශක්තිමත් කරයි. ශරීරයේ ඇති විස නැති කරන ගුණයක් ඇත. මුඛයේ විදුරුමස්වලින් ලේ ගැලීම වළකයි. ඇස් පෙනීම වැඩි දියුණු කරයි. පිළිකා සෛල නැති කරයි. මුඛ රෝග දුරු කරයි. සම පැහැපත් කරයි. කෙස් කළු කරයි. ඇස් දීප්තිය වැඩි දියුණු කරයි. විශේෂයෙන් පියයුරු පිළිකා සහ අන්ත්‍ර පිළිකා නාශකයි. ශරීරයේ පවතින තරල ප්‍රමාණය පාලනය කරයි. ශරීරයේ පවතින එන්සයිමවල ක්‍රියාකාරීත්වය මනාව පවත්වා ගැනීමට උදව්වක් දෙයි. රුධිරයේ ඇති රතු රුධිරාණු ප්‍රමාණය නිසිලෙස පවත්වා ගැනීමට උදව් කරයි. මල බද්ධයට ගුණයි. ව්‍යංජනයක් ලෙස සකසයි. ඇදුම රෝගීන්ට, සම ආශි‍්‍රතව රෝග පවතින අයට සුදුසු නැත (විශේෂනේ අමු අඹ)

කාබෝහයිඩ්‍රේට්, ප්‍රෝටීන්, මේදය මෙහි අඩංගු පෝෂක වේ. විටමින් C,A,E,K ඇත. කැරොටින්, ෆෝලේට්, ඊට අමතරව සෝඩියම්, පොටෑසියම් කැල්සියම්, මැග්නීසියම් යකඩ හා සින්ක් ඇත. පලතුරු සලාද සඳහා භාවිතා කරයි.

තරබාරුව මට්ටු කරන කොමඩු

ශරීරය සිසිල් කරයි. දාහය දුරලයි. පිපාසය සන්සිඳුවයි. කෙස් වඩයි. ඇස් පෙනීම ඇති කරයි. සිරුරේ දැවිල්ල ගතිය දුරු කරයි. කැසිම නැති කරයි. සමේ පැහැය ඇති කරයි. සම ප්‍රාණවත් බව ඇති කරයි. සිරුරේ විස නැති කරයි. මල බද්ධයට ගුණ දේ. අනවශ්‍ය ලෙස ශරීරයේ ද්‍රව රැස්වීම වළක්වයි. හෘද රෝගවලට ගුණ දේ. බඩවැල් වල සෑදෙන පිළිකා වැළැක්වීමේ හැකියාව ඇත. මුත්‍රා ගල් සෑදීම වළකයි. අස්ථි දිරායාම නැති කරයි. ඇසේ තෙත ගතිය රඳා පවතියි. ඇසේ වියළිභාවය දුරු කරයි. මානසික ආතතිය දුරලයි. සිතේ නොසන්සුන් බව දුරු කර දෙයි. උණ රෝගය නසයි. ඉරුවාරදයට ගුණ දේ. කොලෙස්ටරෝල් ඇතිවීම වළකයි. ප්‍රතිශක්තිය වැඩි කරයි. වකුගඩු හා මුත්‍රාශ පිරිසිදු කරයි. ආහාර දිරවීම පහසු කරයි. පණු රෝගවලට සුදුසුයි. (පණුවන් ඉවත් කරයි) බඩදැවිල්ල, පපුව දැවිල්ල ඇති අයට සුදුසුයි. අධික තරබාරු අය ඉන් මිදේ. එනම් තරබරුව පාලනය කරයි.සෙම්ප්‍රතිශ්‍යාව ඇති අය දින කිහිපයක් යනතුරු කොමඩු ආහාරයට ගැනීමෙන් වළකින්න. කාබෝහයිඩ්‍රේට් ප්‍රෝටීන්, මේදය අඩංගුව ඇත. විටමින් A,C  අඩංගු වන අතර ෆෝලේට්, යකඩ, මැග්නීසියම් පොටෑසියම් ඇත.