වැඩිහිටියන්ගේ සැඳෑ සමය සුවපත් කරවන HelpAge ශ්‍රී ලංකා

වැඩිහිටියන්ගේ සැඳෑ සමය සුවපත් කරවන HelpAge ශ්‍රී ලංකා

වැඩිහිටි ජනගහණය වර්තමානයේ වැඩිවෙමින් පවතින බව රහසක් නොවේ. ලංකාවේ අවු. 60 ට වැඩි ජ්‍යෙෂ්්ඨ පුරවැසි ජනගහනය 12.7% පමණ වන අතර 2030 වන විට මෙම ප්‍රතිශතය 20% වේ.

අනාගතයේදි සෑම පුරවැසියන් 5 දෙනෙකුට එක්කෙනෙක් වැඩිහිිටියෙක් බවට පත්විම වැලැක්විය නොහැක. ශි‍්‍ර ලංකාවේ සංස්කෘතියේ වැදගත් ලක්ෂණයක් අනුව වැඩිහිටියන්ගෙන් 99% ක් අදටත් තම පවුල සමග ජිවත්වන අතර වැඩිහිටි නිවාසවල ජිවත් වන්නේ .9% කි.

වැඩිහිටියන් යනු අත්දැකිම් සම්භාරයකි.මෙවැනි අත්දැකිම් සම්භාරයකින් යුත් මේ වැඩිහිටි පුරවැසියන්ගේ සැඳැ සමය සුවපත් කිරිමේ පරම අභාලාෂය පෙරදැරිව ආරම්භ කර ඇති .

HelpAge ශි‍්‍ර ලංකා ආයතනය වැඩිහිටියන්ගේ සැඳැ සමය සතුටින් දු දරුවන් සමගින් ගත කිරිම සඳහා වු සුදුසු වාතාවරණයක් පවුල තුළ ස්ථාපිත කරනු වස් වැඩිහිටියන් වෙනුවෙන් පවුලට දැරිමට සිදුවන බර අවම කරමින් විශේෂයෙන් ඔවුන්ගේ පිරිහුණු සෞඛ්‍ය යථා තත්ත්වයට පත්කරවන්නට කැපවිමෙන් කටයුතු කරන ශි‍්‍ර ලංකාවේ ප්‍රධානතම ආයතනය වේ

HelpAge. ශි‍්‍ර ලංකා ආයතනය ඇරඹුවේ අදින් තිස් වසරකට පෙරාතුව 1986 දිය.මෙම ආයතනය පාලනය කරනු ලබන්නේ HelpAge කවුන්සිලය මගින් වන අතර සේවාව ගරු සේවාවක් ලෙස සැලකේ.

මෙහි සභාපති ධුරය දරන්නේ දේශබන්දු තිලක් ද සොයිසා මහතාය. එතුමා ජාත්‍යන්තර HelpAge. සංවිධානවල සභාපතිත්වය දැරු අතර HelpAge.ජාත්‍යන්තර තානාපති ලෙසද වර්තමානයේ කටයුතු කරයි.

HelpAge ශි‍්‍ර ලංකා ආයතනයේ විධායක අධ්‍යක්ෂ ධුරය හොබවන්නේ සමන්ත ලියනවඩුගේ මහතාය.වන අතර කලමනාකරු ලෙස කටයුතු කරන්නේ අජිතා ද අල්විස් මහතාය. විධායක අධ්‍යක්ෂ සමන්ත ලියනවඩුගේ මහතාය. ඒ මහතා පවසන පරිදි මෙම ව්‍යාපෘතිය කොටස් තුනකින් සමන්විතවේ.වැඩිහිටි සුබ සාධනය, වැඩිහිටි සංවර්ධනය, වැඩිහිටි අයිතිවාසිකම් සදහා පෙනි සිටිම යන ත්‍රිත්වයයි.

විශේෂයෙන් වැඩිහිටි සුබ සාධන සේවාව තුළින් බලාපොරොත්තු වන්නේ වැඩිහිටි සෞඛ්‍ය නගා සිටුවිමයි. එහි ප්‍රධානතම කර්තවයක් ලෙස වැඩිහිටියන්ගේ අක්ෂි පරික්ෂාවට ලක්කොට ඔවුන්ගේ මුලික අවශ්‍යතාවය වු පෙනිම ලබා දිමට කටයුතු කිරිමේ බාරදුර කටයුත්තට HelpAge.ආයතනය.අතගසා ඇත.

දැස් අන්ධවු යම් කෙනෙකු වේද ඔහුට හෝ ඇයට පෙනීම ලබා දෙන්නේ නම් එය කොතරම් විශිෂ්ටවූ සද්කාරයක්ද? එම සද්කාරය නොමිලේ ඉෂ්ට සිද්ධ කර දෙන HelpAge.ආයතනය එතැනින් නොනැවති ජංගම සේවාවන් ඔස්සේ වැඩිහිටියන්ගේ රුධිර පරික්ෂණ මෙන්ම වෙනත් පරික්ෂණ සිදු කර බෝ නොවන රෝග හඳුනාගෙන ඒවා පාලනය කිරිමත් සංකුලතා ඇතිවිම වළක්වා ගැනිම සම්බන්ධයෙන් පියවර ගෙන ඇත.

දියවැඩියාව, හෘදරෝග , අධි රුධිර පීඩනය ආදි රෝගවලින් පෙළෙන බව හඳුනාගත් විගස ඔවුන් ළඟම තිබෙන රෝහල් වෙත යොමු කර ප්‍රතිකාර ලබා දිමට කටයුතු සලස්වා දිම නිසා ඔවුන්ගේ නිරෝගි බව ආරක්ෂා කර ගැනිමට රුකුලක් වි ඇත.ඔවුන්ගේ දරු පවුල්වලට එයින් ලැබෙන්නේ විශාල සහනයකි.

එපමණක් නොව ශ්‍රවණාබාධිතයන් පරික්ෂාවට ලක්කොට ශ්‍රවණාබාධිත උපකරණ, ලබාදිම මෙන්ම අත්පා වාරු නොමැති ආබාධිතයන්ට , අවශ්‍ය ආබාධිත උපකරණ පවා ලබා දිම HelpAge ආයතනය විසින් සිදු කෙරෙන තවත් සද්කාර්යයකි.

වසර 60 යනු වැඩිහිටයන්ගෙන් 67%ක් පමණ ඇස් පෙනිම දුර්වල වන කාලයයි. විශේෂයෙන්ම දුෂ්කර ප්‍රදේශයන්හි වෙසෙන වැඩිහිටියන් වෙනුවෙන් පැවැත්වෙන ජංගම අක්ෂි සායන මගින්් ඔවුන් නිසි පරික්ෂාවට බදුන්කොට උපැස් ලබා දීමෙන් ඇස් පෙනිම යථා තත්ත්වයට පත්කිරිමHelpAge සිදු කෙරෙන විශිෂ්ඨ සේවාවකි.. වැඩිහිටියන්ගෙන් 18% -20% පිරිසට ඇසේ සුද ඇතිවිම නිසා ඔවුන් අන්ධ භාවයට පත්විම වැලැක්විය නොහැක.

එවැනි වැඩිහිටියන් වෙනුවෙන් නොමිලේ අක්ෂි පරික්ෂාවට ලක්කොට ඇසේ සුද ඉවත් කිරිමේ සැත්කම HelpAge. අක්ෂි රෝහල මගින්.නොමිලේ සිදු කිරිම ඉමහත් සේ අගය කළ යුත්තකි.. දිනකට මෙම රෝහලේ ඇසේ සුද ඉවත්කිරිමේ ශල්‍යකර්ම 20 ක් නොමිලේ සිදු කරන අතර සතියේ දින පහ තුළදිම එය ක්‍රියාත්මක වේ.

මේ වන විට HelpAge අක්ෂි රෝහලේදි 26150 සංඛ්‍යාවකට ඇසේ සුද ඉවත් කිරිමේ සැත්කම් නොමිලේ අති සාර්ථකව සිදු කරමින් ඔවුන් අන්ධ භාවයෙන් මුදාගැනිමට ලබා දුන් මෙහෙවර ප්‍රශංසනියය.මේ සහනය සැලසෙන්නේ දෑස හරිහැටි නොපෙනෙන අඩු ආදායම් ලාභින්ට පමණි.

මේ සඳහා පැමිණිය යුතු වන්නේ ග්‍රාම නිලධාරිගේ නිර්දේශය සහ ප්‍රදේශයේ පුජකතුමකුගේ නිරිදේශය සහිතව තමාගේ ජාතික හැඳුනුම්පත සමග වැල්ලවත්තේ සින්සෙපා පාරේ අංක 14 පිහිටි .HelpAge.අක්ෂි රෝහල වෙතය.

නොමිලේ සිදු කෙරෙන මෙවන්වු සද්කාරයකට ඔබටත් දායක විමට හැකි නම් එය මහඟු පින්කමක් නොවන්නේද?. ඔබේ උපන්දින, මිය පරලොව ගිය මව්පියන්, නෑ හිතවතුන් වෙනුවන් පිං දහම් කිරිමක් ඔබ කරන්නේ නම් දෑස් නොපෙනෙන යම් කෙනෙකුට ඔබගේ දායකත්වයෙන් ලෝකය දෙස බලන්නට අවස්ථාවක් උදාකර දෙන්නේ නම් එය ඔබට පමණක් නොව ඔබේ දරු මුනුබුරන්ටද යහපතක් වනු නොඅනුමානය.

මේ කෙටි ජිවිය තුළ එවන්වු පිනකට දායක වන්නට ඇත්නම් එය අති ශ්‍රේෂ්ඨවු සද්කාරයකි .එසේ නම් අමතන්න HelpAge. ප්‍රධාන කාර්යාලය දුරකථන 011-2803752/ 2803753/ 2803754