ඔබ සිරුරේ රෝම කුප ඉවත් කිරිමට (Waxing) කරන කෙනෙක්ද?

ඔබ සිරුරේ රෝම කුප ඉවත් කිරිමට (Waxing) කරන කෙනෙක්ද?

රූපලාවන්‍ය හා සනීපාරක්ෂාව වර්තමානය වනවිට මිනිසාගේ ජීවන රටාවට බොහෝ බලපෑම් ඇති කර අවසන්. ඇතැම් අවස්ථාවල ස්වභාවධර්මයාට පවා එරෙහි වෙමින් තමාගේ රූපලාවණ්‍ය පමණක්ම නොවෙයි සනීපාරක්ෂාව සඳහා සිදු කරන ඇතැම් ක්‍රියාවන් තරමක් පුදුමය දනවන සුළුයි. කෙසේ වෙතත් ජෛව විද්‍යානුකූලව විමසා බැලූ කල ඇතැම් නවීනතම රූපලාවණ්‍ය සත්කාර සහ නිෂ්පාදන මිනිසාට හානිදායක වනවා පමණක් නොව දරුණු මට්ටමේ ලෙඩ රෝග ඇති කරන්නට ද හේතු වේ.

වර්තමානය වනවිට කාන්තාවන් පමණක් නොවේ පුරුෂයන් පවා භාවිතා කරනු ලබන එවැනි එක් ක්‍රමවේදයක් ලෙස වැක්ස් කිරීම (එචයඪදඨ) පිළිබඳව හඳුන්වාදිය හැකියි. මෙසේ වැක්ස් කිරීම හරහා අත්, පාද පමණක් නොවේ ශරීරය පුරා ඕනෑම ස්ථානයක් ආශි‍්‍රතව තිබෙන රෝම කූප ඉතා පහසුවෙන් නමුත් තරමක වේදනාකාරී බවකින් යුතු මෙම ක්‍රමවේදය හරහා ඉවත් කර දමනු ලැබේ. බොහෝදුරට ඇතැම් පිරිස් දිනපතා වැක්ස් කිරීම හරහා රෝම කූප ඉවත් කිරීමට ද පෙළඹී තිබේ.

නමුත් මේ පිළිබඳ පර්යේෂණ පවත්වන විද්‍යාඥයින් පෙන්වාදෙන ආකාරයට මෙසේ රෝම කූප ඉවත් කිරීම ශරීරයේ සෑම ස්ථානයකටම සුදුසු වන්නේ නැහැ. ශරීරයේ රෝම කූප ඉවත් කිරීම නිසා ඇතැම්විට බරපතළ මට්ටමේ රෝගාබාධ, ආසාදන, ප්‍රදාහමය තත්ත්ව පමණක්ම නොවේ. මරණයට පවා පත්විය හැකියි.

කෙසේ වෙතත් ඔබ විසින් සිදු කරනු ලබන මෙවැනි ක්‍රියා මඟින් සම ආශි‍්‍රතව පිහිටා ඇති ස්නායුවලට මූලික වශයෙන් හානි සිදුවන බවද ඔවුන් විසින් පෙන්වා දී තිබේ.

තවද මෙහිදී පෙන්වාදෙන ඉතාමත් බරපතළ කරුණ වන්නේ නාසය තුළ පිහිටා ඇති රෝම කූප ඉවත් කර දැමීමයි. ඒ හරහා නාස තුළ තිබෙන සමට හානි සිදුවන අතර එසේ රෝම කූප ඉවත් කිරීම නිසා හිස් වූ ස්ථානවලට රුධිරය පිරීමක් ද සිදුවනු ලැබේ. මෙසේ නාසය තුළ නිර්මාණය වන පරිසරය පරපෝෂිතයන්ට, බැක්ටීරියාවන්ට පමණක් නොවේ දිලීර වර්ධනයට ද කදිම තෝතැන්නකි. විශේෂයෙන් ඇමීබා ආසාදන මෙම ස්ථාන ආශ්‍රිත නැවත වර්ධනය වන කෙස් ගස්වල ඉතා වේගයෙන් වර්ධනය වනු ලැබේ. මෙවැනි තත්ත්වයක භයානක බව වන්නේ මොළය දක්වාද එවැනි ආසාදන පැතිරීමේ වැඩි ඉඩ කඩක් තිබීමයි. කෙසේ වෙතත් මේ හේතුවෙන් ස්නායු ඝන පටක විනාශ කරනවාට අමතරව බරපතළ මට්ටමේ රෝගාබාධ මෙන්ම මරණයට පවා හේතුවිය හැකි බව විද්‍යාඥයින්ගේ මතයයි.

මේ හේතූන් නිසා මීට පසුව ඔබ වැක්ස් කිරීම හෝ කුමන හෝ ක්‍රමයකින් කෙස් ගස් ඉවත් කිරීමට සිතනවා නම් ඒ පිළිබඳ දෙවරක් සිතා බැලිය යුතුයි. ඒ වගේම තවමත් ඔබට නාසය තුළ තිබෙන රෝම කූප වදයක් යැයි සිතෙනවා නම් ඒවා කතුරක් මඟින් කපා ඉවත් කර ගැනීම ගැටලුවක් වන්නේ නැහැ. ඒ නිසා ඔබේ රූපය අලංකාර කිරීමට භාවිතා කරන ඕනෑම ක්‍රමවේදයක් හෝ නිෂ්පාදනයක් භාවිතා කිරීමට පෙර අභ්‍යන්තරික වශයෙන් ඔබට ඇති කරන්නට පුළුවන් ගැටලු මොනවාදැයි සැලකිලිමත් නොවුණහොත් ලස්සන වීමට යැයි සිතා, තිබෙන ලස්සනත් නැති කරගන්නට සිදු වේවි.


රෑට නින්ද යන්නේ නැද්ද? මෙන්න අලුත් ක්‍රමයක් අත්හදා බලන්න

හුස්ම ගැනීම අපේ ජීවිතයට කෙතරම් වැදගත්ද? ශරීරය මඟින් ඉබේ සිදුවන ක්‍රියාවක් වුවද හුස්ම ගැනීම එසේත්. නැත්නම් ආශ්වාස ප්‍රශ්වාසය නතර වුවොත් අපගේ ජීවිතයට තවදුරටත් පැවැත්මක් නොමැති විය හැකියි.

කෙසේවෙතත් ලොව පුරා විද්‍යාඥයින් විසින් හුස්ම ගැනීමේ ක්‍රමවේද ආශි‍්‍රතව සිදු කරනු ලබන පරීක්ෂණ හරහා මිනිසාට ප්‍රයෝජනවත් බොහෝක්‍රමවේද මේ වනවිටත් හඳුන්වාදී අවසන්. ඒවා ඔබගේ ජීවිතයේ විවිධාකාරී වූ ගැටලු වලට කදිම විසදුම් තරමක් දුරට හෝ සපයා දීමට ද එකසේ ප්‍රයෝජනවත්. නමුත් තමාගේ අවශ්‍යතාව අනුව වඩාත් සුදුසු ක්‍රමවේදය කුමක්ද යන්න තීරණය කිරිම ඔබට අදළ කටයුත්තක්. එවැනි ක්‍රමවේද අතර “4 - 7 - 8 Breathing TechniqueZ”  යනු ඉතා විශේෂිත හුස්ම ගැනීමේ ක්‍රමවේදයක්. මෙහිදී සිදු කළ යුතු වන්නේ ඔබේ දිවෙන් උඩු හණුවේ දත් ස්පර්ශ වන ලෙස තබා හුස්ම ගැනීමයි. මෙම ක්‍රමවේදය හරහා ආතතිමය තත්ත්වයන් පමණක් නොවේ ක්ෂණිකව නිදිමත ඇති කිරීමට ද හැකි බව විද්‍යඥ මතයයි. විශේෂයන්  Insomnia  (නිදා ගැනීමේ අපහසුතාව) තත්ත්වයෙන් පීඩා විඳින අය සඳහා මෙය කදිම පියවරකි. අත්හදා බලන විටදී තරමක විකාර අදහසක් යැයි සිතෙන්නට හැකියි. නමුත් ඉහත පැහදිලි කළ පරිදි ඔබ නිසිලෙස නින්දක් නොලබන අයෙක් නම් හෝ ආතතිමය තත්ත්වයකින් පසු වෙනවා නම් මෙමඟින් ලබා ගත හැකි ප්‍රතිඵල ඉතා ඉහළ වේවි.

මෙම සරල ව්‍යායාම ක්‍රමවේදය සඳහා ඔබට ගතවන්නේ තත්ත්පර 60ක කාලයකි. මෙවන් කෙටිකලකදී ඔබගේ සිරුරට අත්වන ප්‍රතිලාභ පිළිබඳ විශේෂයෙන් මෙහිදී සාකච්ඡා කළ යුතුයි. ඒ අනුව මෙම හුස්ම ගැනීමේ ක්‍රමවේදයේදී මූලික වශයෙන් ඔබේ ස්නායු පද්ධතිය ඉහිල් වීමට ලක් කරනු ලැබේ. ඊට අමතරව ඔබගේ මුළු සිරුරම මෙන්ම මනස ද සැහැල්ලු කිරීමට මෙම ක්‍රමය ඉතාමත් සාර්ථක ලෙස යොදා ගැනීමට හැකියාවක් තිබේ. තවද විශේෂයෙන් මෙය ඔබ අනුගමනය කරන්නට ඔබ සිතනවා නම් එම අදාළ කාලසීමාව තුළ උඩු හණුවේ දත්වල දිව ස්පර්ශව තිබීම ද ඉතා වැදගත්.

ඒ නිසා නිසි ආකාරව නිදා ගැනීමට ඔබට නොහැකි නම් මෙම ක්‍රමය අනුගමනය කිරන්නග හරහා හොඳ නින්දක් විතරක්ම නෙමෙයි සන්සුන් මනසක් ද ඇති කර ගන්නට හැකියාව ලැබේවි.

අන්තර්ජාලය ඇසුරෙනි.