අම්මේ... බඩ රිදෙනවා

අම්මේ... බඩ රිදෙනවා

උදරයේ වේදනාව රෝග ගණනාවකටම පෙර නිමිත්තක්

ඩෙංගු රෝගය

උදරයේ දකුණු පැත්ත ඉහළින් වේදනාව දින කිහිපයක් තිස්සේ පවතින උණ

ග්‍රැස්ට්‍රයිීස් රෝගය

උදරයේ වම්පැත්ත ඉහළින් වේදනාව

මුත්‍රා ආසාදනය

යටි බඩේ වේදනාව පිටිපස පෙදෙසින් (තුනටිය ප්‍රදේශය) පැමිණ මුත්‍රාශය පවතින ප්‍රදේශය දක්වාම පැතිර යාම.

වෛරස් සහ බැක්ටීරියා ආසාදනය

උදරයේ වම් පැත්තේ යටි පෙදෙසින් වේදනාව

ඇපෙන්ඩික්ස්

නාභිය ප්‍රදේශයෙන් පටන් ගන්නා වේදනාව උදරයේ දකුණු පස පහළ ප්‍රදේශය දක්වා ඇතිවිම.

නිව්මෝනියා

තද උණ , උදර වේදනාව

මානසික ආතතිය

උදරයේ සෑම ප්‍රදේශයකම වේදනාව.

ශිෂ්‍යත්ව විභාගය,හෝ වෙනත් විභාගවලට මුහුණ දිමේදි

මල බද්ධය

උදරයේ වම්පස යට ප්‍රදේශයේ වේදනාව

උදරයේ ඇතිවන වේදනාවකින් රෝග රැසක් සොයා ගත හැකිවේ.මේ වේදනාවන් විවිධ ආකාරයෙන් පටන් ගැනේ.උදරයේ ආශි‍්‍රතව ඇතිවන වෛරස් හා බැක්ටිරියා ආසාදන නිසාත් වෙනත් රෝග කිහිපයක් නිසාත් උදරයේ විවිධ ස්ථාන වලින් වේදනාවන් ඇතිවිය හැකිය කෙසේ වුවත් දරුවන්ගේ උදරය ආශි‍්‍රතව ඇතිවන වේදනාවන් වලදි මව්පියන් විශේෂ අවධානයක් යොමු කළ යුතු වන්නේ දරුවන්ට වැළඳෙන විවිධ රෝගවලට උදර වේදනාව පෙර නිමිත්තක් වන බැවිණි.

දරුවෙකුගේ උදරයේ ඇතිවන වේදනාව දැනෙන තැන නිවැරදිවම දරුවාට පැවසිමට නොහැකිවිම නිසා නිවැරදිව රෝග තිරණයකට පැමිණිම අපහසුවේ. මේ නිසා දරුවා වරින් වර උදරයේ රිදුම් දෙනවා යැයි පවසන ස්ථාන පිළිවෙලට මව් පියන් වැඩි සැලකිල්ලක් දක්වමින් වෛද්‍යවරයකු වෙත යොමු කිරිම ඉතා වැදගත් . දරුවෙකුගේ උදර වේදනාව සහ එම වේදනාවන් ඇතිවන ස්ථාන අනුව ඇතිවිය හැකි රෝග ලක්ෂණ මෙසේයි.

යම්තම්වත් කතා කළ නොහැකි ලදරු අවදියේ දරුවෙකු නම් උදරයේ ඇතිවන වේදනාවක් සමග ඇඩිම ආරම්භ කරයි. නමුත් දරුවා අඩන්නේ කුමක් නිසාද යන්න මුලිකවම තේරුම් ගැනිම අපහසුයි. ටික දිනක් ගතවෙද්දි දරුවාට වමනය යාම බඩඑළිය යාම බඩ පුරාවා දැමිම සමග මුලිකවම උණ වැනි කරන රෝග ලක්ෂණ ඇති වේ. යම්තම් හෝ කතා කළ හැකි දරුවෙකු නම් උදරයේ ඇතිවන වේදනාව වරින් වර මවට හෝ පියාට පවසා ඊට අවශ්‍ය ප්‍රතිකාර සදහා යොමු විය හැකියි.උදරයේ වේදනා ගෙන දෙන ප්‍රදේශය අනුව දරුවාට වැළඳි ඇති රෝගය පිළිබඳ වෛද්‍යවරයාට තීරණය කළ හැකි අතර මවටද ඒ පිළිබඳ දල දැනුමක් ලබා ගත හැක.එසේම දරුවිා පවසන්නේ උදරයේ වේදනාවෙන් පෙළෙන්නේ කුමන ප්‍රදේශය ගැනද යන්න පිළිබඳව දැඩි අවධානය යොමු

කිරිමෙන් වෛද්‍යවරයා දැනුවත් කිරිමට මවට පහසුවනු ඇත.