සීතල පලාත්වල දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට ළමා හතිය

සීතල පලාත්වල දරුවන්ගෙන් බොහෝ දෙනෙකුට ළමා හතිය

ඩොක්ටර් මගේ පුතා හුස්ම ගන්නකොට නලාවකින් ශබ්දයක් පිටවනවා වාගේ රුං ශබ්දයක් ඇහෙනවා. දරුවා හුස්ම ගන්නෙත් හරිම අපහසුවෙන්. එක පාරටමයි මේ ලෙඩේ හැදුනේ. හැබැයි ඊයේ ඉඳලා හෙම්බිරිස්සාව දරුවට තිබුණා. සීතල පලාතක එක්තරා මවක් වෛද්‍යවරයාට තම දරුවා පිළිබඳ පැවැසුවේ මෙවැනි දෙයක්.

දරුවාගේ පපුවට නලාව තබා හොඳින් පරික්ෂා කළ වෛද්‍යවරයා පැවසුවේ දරුවාට වැළඳී ඇත්තේ ළමා හතිය බවයි.

ඇස්මා හෙවත් වීසින් ලෙසින් හැඳින්වෙන මෙම රෝගයේ මුලික ලක්ෂණය වන්නේ හුස්ම ගැනීමට තිබෙන අපහසුවයි. හුස්ම ගැනිමේදි පමණක් නොව හුස්ම පිටකිරිමේදීද නලාවකින් පිටවන විසීන් ශබ්දයක් ලෙස මේ ශබ්දය ඇසෙන අතර පපුව හිර කිරිමේ ලක්ෂණයක්ද දැක ගත හැකිය.එසේම කැස්ස ඇතිවිීමද මෙම රෝගයේ තවත් ලක්ෂණයකි.. රෝගය බැරැරුම් තත්ත්වයේ පසුවෙද්දි හුස්ම ගැනිම කොතරම් අපහසුවනවාද කියතොත් කිසිදු කාර්්‍යයක නියැලෙමින් නොසිටින අවස්ථාවක පවා එනම් විවේකිව සිටින විටකදි හුස්ම ගැනිමට තද අපහසුතාවක් ඇතිවන බැවින් මෙම රෝගින් වේගයෙන් හුස්ම ගැනිම සිදු කරයි. එසේම හුස්ම ගැනිමේ අපහසුතාවය නිසාම කතා කිරිමේදිද වාක්‍ය එකවරම පැවසිය නොහැකි තත්ත්වයක් මතුවී කඩින් කඩ කතා කිිරිම සිදු කරයි. තවද රෝගියා කලබලයට පත්විම , සිහිමද විම වැනි රෝග ලක්ෂණ මතුවිය හැකි අතර මෙය අවදානම් ත්ත්ත්වයක් වන බැවින් වහාම වෛද්‍යවරයකු මුණ ගැසිම අත්‍යවශ්‍යය.

සාමාන්‍යයෙන් නගරබද වෙසෙන කුඩා දරුවන් බොහෝ දෙනෙකුට මේ රෝගීි තත්ත්වය ඇති වන්නේ දුවිලි දුමාරය,මකුඵ දැල් ආදියට නිරාවරණය විමෙන් වුවද සිීතල දේශගුණය ඇති ප්‍රදේශවල වෙසෙන දරුවන්ටද හතිය ඇතිවේ. විශේෂයෙන් සීතල වැසි සහිත කාල ගුණය ඇති ප්‍රදේශවල 50% පමණ දරුවන්ට ළමා ඇදුම ඇතිවිමට තිබෙන ඉඩකඩ බෙහෝය.

අධ්‍යාපනය කඩාකප්පල්විම

මේ හේතුවෙන් ස්වසන මාර්ගයේ දිගු කාලීන අවහිරතාවයක් හෝ ආසාදනයක් ඇතිවි හුස්ම ගැනිම සහ හුස්ම පිටකිරිමට නොහැකි තත්ත්වයක් උදාවන අතර එම අවස්ථාවේදීිම ඇදුම පාලනය නොකලහොත් තත්ත්වය නරක අතට පවා හැරෙන්නට තිබෙන ඉඩකඩ ඇති

බැවින් වහාම වෛද්‍යවරයකු මුණ ගැසි වෛද්‍ය ප්‍රතිකාර වෙත දරුවා යොමු කිරිම අතශ්‍යවශ්‍යය. ඇදුම රෝගයෙන් පෙළෙන දරුවකු සිටි නම් නොකඩවා ප්‍රතිකාර ලබා දිම අතශ්‍යවශ්‍ය වන්නේ එසේ නොකිරිමෙන් දරුවාගේ මානසික, කායික, වර්ධනය අඩු වි දුර්වල මනසින් යුක්ත දරුවෙකු විමට ඉඩ ඇති බැවිණි.. එය සෘජු ලෙස දරුවාගේ අධ්‍යාපනය බලපැම් ඇතිකිරිමට සමත්වේ. තවද දරුවා නිතරම රෝහල්ගත කිරිමට සිදුවී දරුවාගේ අධ්‍යාපනය කඩාකප්පල්විමට හේතුවක් විය හැක.

ජානමය තත්ත්වය මත සහ පාරසරික හේතුන් මත ළමා හතිය ඇතිවිමේ ප්‍රවණතාවය අධිකය . එසේම සමේ දද සහ හතිය එකිනෙකට බැඳි පවතින රෝග දෙකකි.ඇතැම් විට හතිය සුව අතට හැරෙද්දි සමේ රෝග තත්ත්වය වැඩිවිය හැක.

අසාත්මිකතා

එළකිරි, අඩු උෂ්ණත්වය, සිතල වාතය., සිගරැට් දුම , දුවිලි පරිසරය, නිවසේ තිබෙන දුවිලි, මකුඵ දැල් ,සුවඳ විලවුන්, විෂ වායුව, දුම් ආග්‍රහණය. ආදිය නිසාද ඇතැමෙකුට ඇදුම ඇතිවිය හැක.

මව්කිරි වෙනුවට කිරිපිටි දිම

වයස මාස 1 - 2 කුඩා අවදියේ ඇතිවන සෙම්ප්‍රතිශ්‍යාව හතියට හැරෙන්න බොහෝ විට ඉඩ ඇත. එසේම කිරිපිටි වර්ග , ධාන්‍යමය ආහාර වලටද ඇතැම් දරුවන්ට අසාත්මිකතාවයන් ඇතිවේ.

තම දරුවන්ට මව්කිරි දිමට නොහැකි වු විට එම දරුවාට බොහෝ විට පිටිකිරි වර්ග දිමට මව්පියන් පෙළඹේ. ඇතැම් පිටිකිරි වර්ගවල තිබෙන ප්‍රෝටින් වර්ග දරුවන්ට අසාත්මික වි රුධිරගත විමෙන් කුඩා අවදියේ දිම දරුවාට ඇදුම හතිය ඇතිවිය හැක.

ගර්භනී සමයේ මානසික පීඩනය

ගර්භනී සමයේ මවට ඇතිවු මානසික පිඩනය සහ අඩු පෝෂණය නිසාද ඉපදෙන දරුවාට ඇදුම ඇතිවිමට එය එක් හේතුවක් විය හැක.

ප්‍රතිකාර

හතිය වැඩිවු අවස්ථාවලදි වහාම රෝහල් ගත කිරිම අතශ්‍යවශය. රෝගය ඇතිවන වාර ගනන , නිතර ඇතිවනවාද , කලාතුරකින් ඇතිවනවාද ආදිය පිළිබද සොයා බලා වෙද්‍යවරයා විසින් ඖෂධ ප්‍රතිකාර මේන්ම උරණ ප්‍රතිකාර වෙතද දරුවා යොමු කෙරේ.විශේෂයෙන් කුඩා දරුවන්ට බේබි ඉන්හෙලර් ලබා දෙන අතර අවු අවු. 1 සිට දරුවන්ට ඖෂධ ලබාදීම වෛද්‍ය උපදෙස මත තිරණය වේ.

ආරක්ෂාව

බිම නිදාගැනිමෙන් වැලකි සිටිය යුතුය. සීතල වැඩි කාලයේදී කන් වසාගෙන සිටිය යුතුයු.. හුලංකවුඵ වසාගෙන ජනෙල් විවර නොකර , හැකිතාක් සීතලෙන් ආරක්ෂා විය යුතුය. කොට්ට උර බෙඩි ශිට් අව්වේ. වේලා ගන්න. උදේ පාන්දම එළියට යාමේදි සීතලට අඳින ඇදුම් පැළඳුම් ඇඟලා කන් වසාගෙන යා යුතුය.තෙතමනය ඇති පරිසරයෙන් ඉවත්ව සිටිය යුතුය.